මහේල ජයවර්ධන, ලසිත් මාලිංග, නුවන් කුලසේකර හා රංගන හේරත් ශ්‍රී ලංකා උපදේශක තනතුරට..?
මිකී ආතර්ගේ පුහුණු ධුර කාලය අවසන් වීමත් සමග නැවතත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලය කෙසේ වේවිදැයි කුකුසක් මතුවෙමින් පවතිනවා.ඒ අනුව ශ්‍රීලංකා ක්‍රිකට් කමිටුව මහේල ජයවර්ධනව පුහුණු උපදේශකවරයෙක් වශයෙන් බදවාගැනීම සදහා ඉදිරිපත් කල ඉල්ලිමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් යහපත් ප්‍රතිචාර ලැබී ඇති බවට වාර්තා වනවා.
2019 වසරේ ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු ලෙස එක්වූ මිකී ආතර් මහතාගේ සේවය ඉදිරි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත ටෙස්ට් තරඟාවලියෙන් අනතුරුව තම ධුර කාලය අවසන් කිරීමට නියමිතයි. කෙසේ නමුත් මහේල ජයවර්ධන මහතා ප්‍රධාන පුහුණුකරු ධූරය සදහා නොව පුහුණු උපදේශක තනතුරක් සදහා බදවාගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුවී ඇති බවට වාර්තා වනවා.
මෙම පුහුණු උපදේශක තනතුරු වසර දෙකක ධුර කාලයක් සදහා වන අතර , එම කාල සීමාව අතරතුර රංගන හේරත් , නුවන් කුලසේකර සහ ලසිත් මාලිංග වැනි ක්‍රීඩා පිටියෙන් විශ්‍රාම ගත් ක්‍රීඩකයින්ද පුහුණු උපදේශක තනතුරු සදහා එක්කර ගැනීමේ බලාපොරොත්තුවක් පවතින බවද වාර්තා වනවා. කෙසේ නමුත් මෙම තනතුර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පමණක් නොව , ශ්‍රීලංකා ‘A’ කණ්ඩායමට සහ වයස අවුරුදු 19 න් පහල කණ්ඩායමට බලපැවැත්වෙන ආකාරයට ක්‍රියාත්මක කිරීම සදහාද අවධානය යොමුව ඇත.
මෙම පුහුණු උපදේශක තනතුර හොබවන කාලසීමාවේදී මුම්බායි ඉන්දියන්ස් සහ සදර්න් බ්‍රේව්ස් කණ්ඩායම් සදහාද තම පුහුණුකාරීත්වය සැපයිය යුතු නිසා ඒ සදහාද ඉඩකඩ හිමිවනු ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයද මින් ඉදිරියට ඉන්දීය ක්‍රිකට් වල අභාෂය ගනිමින් දේශීය පුහුණුකරුවෙක් බදවා ගැනීම සදහා ප්‍රමුඛත්වය ලබාදෙන බව සහ දේශීය පුහුණුකරුවෙක්ගේ සහය ලබාගැනීමට නොහැකි වුවහොත් පමණක් විදේශීය පුහුණුකරුවෙක්ගේ සහය ලබාගන්නා බවද වාර්තා වනවා.
“අපට මහේලගේ සහය ලබාගැනීමට හැකිවුවහොත් එය විශාල සවියක් වනවා නොඅනුමානයි. ඔබට පෙනෙන්නට ඇති මහේල UAE වලදී ශ්‍රී ලංකා කණ්ඩායම සමග රැදී සිටි අවස්ථාවේ ශ්‍රී ලංකා කණ්ඩායමේ කැපීපෙනන වෙනස්වීම. ඔහු සමග කණ්ඩායම ගත කල කාලයෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ , පුහුණුකරුවන්ගේ සහ කාර්යමණ්ඩලයෙන් ලැබුනු ඇගයීමනන් විශිෂ්ටයි.” යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහල නිලධාරියෙක් පවසා සිටියා.
කෙසේ නමුත්, මහේල ජයවර්ධන මෙම තනතුර බාර ගැනීමට පෙර ඒ සදහා අවශ්‍ය වටපිටාවක් සකසා තිබිය යුතු බවට ඔහු පෙර සිටම පවසා තිබුනා. ඔහු මේ වනවිට වයස අවුරුදු 19න් පහල කණ්ඩායම සමග වැඩ කටයුතු සිදුකරන අතර , වර්තමාන ලෝකශූර බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහල කණ්ඩායමට 5 – 0 ක් ලෙස එක්දින තරගාවලිය විශිෂ්ට අයුරින් ජයගැනීම සදහාද මහේල ජයවර්ධනගේ මගපෙන්වීම ඉවහල් වූ බවටනන් නොරහසක්.
මහේල ජයවර්ධන මීට පෙර පවසා තිබුනේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම හෝ ‘ A ‘ කණ්ඩායමට වඩා අවධානය යොමුකොට ගොඩනැගීම සිදුකල යුත්තෙ පාසල් ක්‍රිකට් බවයි. කෙසේ නමුත් මීට පෙර රොශාන් මහනාම මහතා ශ්‍රීලං කා ප්‍රධාන පුහුණුකරු ධූරය සදහා පත් කිරීමට සූදානමක් පවතින බවටද රාවයක් පැවතුනත් මේ වනවිට පවතින තත්වයට අනුව පෙනීයන්නෙ බොහෝදුරට ටොම් මූඩි මහතා දරණ ක්‍රිකට් අධ්‍යක්ෂ ධූරය සදහා රොශාන් මහනාම මහතා පත්කරනු ඇති බවයි.
මිකී ආතර් මහතා එංගලන්තයේ ඩර්බිශියර් ප්‍රාන්ත කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරය සදහා පත් කොට ඇති බව මිකී ආතර් මහතා සහ ඩර්බිශියර් ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායම ට්විටර් සටහන් මගින් දන්වා තිබූ අතර , ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනය මිකී ආතර් මහතාගෙ ධුර කාලය දීර්ඝ නොකරන නිසා මිකී ආතර් මහතාගෙ ධුර කාලය නිශ්චිතවම නිමාවී ඇති බවට සිතිය හැක. 2019 වසරේ දෙසැම්බර් මස ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්වූ අතර එතුමාට ස්තූතිවන්ත වන්නට ඒ වන විට ඉතා අසීරු තත්වයක සිටි ශ්‍රී ලංකා කණ්ඩායම පසුගියදා නිමාවූ විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සාර්ථකව නිමා කිරීමට සමත්විය.
Naveen Krishmal | (TheIsland වෙබ් අඩවියෙන් උපුටා ගත්තකි)