මහේල ජයවර්ධන විසින් ඔහුගේ කණ්ඩායම සඳහා ක්‍රීඩකයින් 5 දෙනෙකු නම් කරයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රීඩක මහේල ජයවර්ධන විසින් ඔහුගේ විස්සයි විස්ස කණ්ඩායම තෝරාගැනීමේදී එම කණ්ඩායමට එක් කරගන්නා පලමු ක්‍රීඩකයින් 5 දෙනා හා මේ වන විට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුදී ඇති ක්‍රීඩකයෙක් තෝරාගැනීමට හැකිනම් එම ක්‍රීඩකයාව ද නම් කර තිබෙනවා.
ශ්‍රී ලංකාව වෙනුවෙන් තරඟ රටා තුනේදීම කැපී පෙනෙන අයුරින් දස්කම් දැක්වූ මගේල ජයවර්ධන මේ වන විට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ප්‍රබල කණ්ඩායමක් වන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරය දරන අතර මහේල ජයවර්ධන විසින් නම් කර ඇති ක්‍රීඩකයින් 5 දෙනා අතරට ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් අතුළත් වී නොමැත.
ඔහු නම් කර ඇති ක්‍රීඩකයින් 5 දෙනා අතරට පකිස්තාන ක්‍රීඩකයින් දෙදෙනෙක් හා ඉන්දියාව , ඇෆ්ගනිස්තානය , එංගලන්තය නියෝජනය කරමින් එක් ක්‍රීඩකයෙක් බැඟින් ඇතුළත්.
මහේල ජයවර්ධන විසින් නම් කර ඇති ක්‍රීඩකයින් 5 දෙනා.
1) රශීඩ් ඛාන් (ඇෆ්ගනිස්තානය)
මේ වන විට ජාත්‍යන්තර විස්සයි විස්ස තරඟ 58ක් ක්‍රීඩා කරමින් කඩුලු 105ක් ලබාගැනීමට සමත්වී ඇති අතර, හොඳම පන්දු යැවීම ලකුණු 3කට කඩුලු 5ක් දවාගැනීමයි. (Econ 6.18)
“විස්සයි විස්ස තරඟ වලදී පන්දු යවන්නන් ඉතාමත් වැදගත් අංගයක් වන අතර රශීඩ් ඛාන් පන්දුවට පහර දිය හැකි නිසි දඟ පන්දු යවන්නෙක් ලෙස මහේල ජයවර්ධන පැවසීය.”
ඊට අමතරව ඔහු අංක 7 හෝ 8 ස්ථානයේ පිතිකරණයේ යෙදවීමට හැකි හා ඔහුට පවර්ප්ලේ , මැද පන්දුවාර වල හා අවසන් පන්දුවාර වලදී ද පන්දු යැවීමට හැකි ක්‍රීඩකයෙක් බව මහේල ජයවර්ධන ප්‍රකාශ කර තිබෙනවා.
2) ෂහීන් අෆ්රිඩි (පකිස්තානය)
මේ වන විට ජාත්‍යන්තර විස්සයි විස්ස තරඟ 40ක් ක්‍රීඩා කරමින් කඩුලු 47ක් ලබාගැනීමට සමත්වී ඇති අතර, හොඳම පන්දු යැවීම ලකුණු 20කට කඩුලු 3ක් දවාගැනීමයි. (Econ 7.75) මේ වන විට ජාත්‍යන්තර විස්සයි විස්ස පන්දුයවන්නන්ගේ ශ්‍රේණිගත කිරීමෙහි අංක 10 ස්ථානයේ රැඳී සිටී.
” මහේල ජයවර්ධන විසින් වේගපන්දු යවන්නන් දෙදෙනෙක් තම කණ්ඩායමට යොදවා ගන්නා බව පවසා ඇති අතර ඉන් එක් පන්දුයවන්නෙක් ලෙස ෂහීන් අෆ්රිඩිව නම් කරන ලද්දේ ඔහු පසුගිය ලෝක කුසලානයේදී නව පන්දුවෙන් ඉතා හොඳින් දෝලනය කර දක්ශතා දැක්වූ බැවිනි.”
3) ජස්ප්‍රිත් බුම්රා (ඉන්දියාව)
මේ වන විට ජාත්‍යන්තර විස්සයි විස්ස තරඟ 57ක් ක්‍රීඩා කරමින් කඩුලු 67ක් ලබාගැනීමට සමත්වී ඇති අතර, හොඳම පන්දු යැවීම ලකුණු 11කට කඩුලු 3ක් දවාගැනීමයි. (Econ 6.50) බුම්රා මේ වන විට විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීමෙහි 28 වන ස්ථානයේ රැඳී සිටී.
ජස්ප්‍රිත් බුම්රාට ඉනිමේ කවර අවස්ථාවකදී වුවද පන්දු යැවීමට හැකි පන්දු යවන්නෙක් බැවින් මහේල ජයවර්ධන කවදත් අගය කරන ක්‍රීඩකයෙක් බව පවසා තිබෙනවා. ඊට අමතරව බුම්රා තරඟයක් අවසන් කිරීමට හැකි විශිෂ්ට පන්දු යවන්නෙක් බවද මහේල ජයවර්ධන විසින් ප්‍රකාශ කර ඇත.
4) ජොස් බට්ලර් (එංගලන්තය)
බට්ලර් මේ වන විට ජාත්‍යන්තර විස්සයි විස්ස තරඟ 88ක් ක්‍රීඩා කර ඇති අතර එහිදී ලකුණු 2140ක් ලබාගැනීමට සමත්වී ඇත. ඉනිමක ලකුණු 34.51ක සාමාන්‍යයක් රඳවාගනිමින් පන්දුවට පහරදෙන බට්ලර්ගේ ඉනිමක වැඩිම ලකුණු සංඛ්‍යාව වන්නේ 101* ක්.
මහේල ජයවර්ධනගේ කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලෙස ජෝස් බට්ලර්ව යොදාගන්නා බව පවසා ඇත්තේ ඔහු ආක්‍රමණශීලීව වේගපන්දු යවන්නන්ට හා දඟ පන්දු යවන්නන්ට එරෙගුව හොඳින් ක්‍රීඩා කරන බැවිනි.
මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ අතිවිශිෂ්ඨ අයුරින් දස්කම් දක්වමින් ශතක ලබාගෙන සිටින ජෝස් බට්ලර් , පසුගිය ලෝක කුසලානයේදී ද ඉතා හොඳින් පන්දුවට පහරදුන් බැවින් ආරම්භක පිතිකරු ලෙස ජෝස් බට්ලර්ව යොදාගන්නා බව මහේල ජයවර්ධන පවසා ඇත.
5) මොහොමඩ් රිස්වාන් (පකිස්තානය)
රිස්වාන් මේ වන විට ජාත්‍යන්තර විස්සයි විස්ස තරඟ 56ක් ක්‍රීඩා කර ඇති අතර එහිදී ලකුණු 1662ක් ලබාගැනීමට සමත්වී ඇත. ඉනිමක ලකුණු 50.36ක සාමාන්‍යයක් රඳවාගනිමින් පන්දුවට පහරදෙන රිස්වාන්ගේ ඉනිමක වැඩිම ලකුණු සංඛ්‍යාව වන්නේ 104* ක්.
කණ්ඩායමේ වැදගත් ස්ථානයක් වන කඩුලු රකින්නාගේ කාර්යය සඳහා පකිස්තාන ක්‍රීඩක මොහොමඩ් රිස්වාන් ව යොදාගන්නා බව මහේල ජයවර්ධන පවසා තිබෙනවා. පකිස්තාන කණ්ඩායම විසින් රිස්වාන් ව ආරම්භක පිතිකරු ස්ථානයේ ක්‍රීඩා කිරීමට යොදාගත්තත් මහේල ජයවර්ධන පවසා ඇත්තේ රිස්වාන් මැදපෙල ස්ථානයේ පන්දුවට පහරදීමට වඩාත් සුදුසු වන බවයි.
මීට අමතරව මහේල ජයවර්ධනගේ කණ්ඩායම සඳහා මේ වන විට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත් ක්‍රීඩකයෙක් ඇතුළත් කරගැනීමට හැකිනම් ඒ සඳහා අනිවාර්යයෙන්ම බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ක්‍රිස් ගේල් යොදාගන්නා බව පවසා ඇත.
ක්‍රිස් ගේල් ජාත්‍යන්තර විස්සයි විස්ස තරඟ 79කදී ලකුණු 1899ක් ලබාගෙන ඇති අතර ඉනිමක ලකුණු සාමාන්‍ය වන්නේ 27.92කි. ගේල්ගේ ඉනිමක වැඩිම ලකුණු සංඛ්‍යාව 117කි.
“මම ජෝස් බට්ලර් සමඟින් ඉනිම ආරම්භ කිරීමට 30 හැවිරිදි ක්‍රිස් ගේල් ව යොදාගන්නවා. – මහේල ජයවර්ධන