මහේල ජයවර්ධන හට ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතය සම්බන්ධයෙන් කිසිවක් කළ නොහැක – අරවින්ද සිල්වා
ශ්‍රී ලංකා හිටපු ක්‍රීඩක මහේල ජයවර්ධන මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේදී ශ්‍රී ලංකාව මුහුණදෙන මූලික වටයේ තරඟවලදී ශ්‍රී ලංකා කණ්ඩායමට උපදේශකවරයෙකු ලෙස කටයුතු කිරීමට සුදානම් බව පහුගිය දා සඳහන් විය.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් තාක්ශනික කමිටුවේ ප්‍රධානී අරවින්ද ද සිල්වා මහතා, මහේල ජයවර්ධන හට ලෝක කුසලාන තරඟාවලියේදී තේරීම් කමිටු රැස්වීම්වලට සහභාගී වීමට සුදුසුකම් ඇති බව පවසා තිබෙනවා.
ඩේලි මිරර් පුවත්පත සඳහන් කරන ආකාරයට, ශ්‍රී ලංකා තේරීම් කමිටුව මේ වන විටත් ලෝක කුසලාන සංචිතය තෝරාගෙන ඇති බවත්, උපදේශකයෙකු ලෙස මෑතකදී පත් වූ මහේලට මේ සම්බන්ධයෙන් කිසිවක් කළ නොහැකි බව සඳහන් කර තිබෙනවා.
ශ්‍රී ලංකා ලෝක කුසලානය සංචිතය මෙතනින් බලන්න.
නමුත්, මහේල ජයවර්ධන හට අවසාන එකොළොස් දෙනා තෝරා ගැනීමේදී එයට සම්බන්ධ වීමට හැකි බව සඳහන් වෙනවා. මහේල මේ වන විට නිල වශයෙන් කණ්ඩායමේ සාමාජිකයෙකු වන අතර ඔහුගේ දැනුම හා ප්‍රවීණතාවය, ඉදිරි උපක්‍රම සැකසීම සඳහා උපයෝගී කර ගන්නා අතර සංචාරයේදී තේරීම් කමිටු රැස්වීම්වලට සහභාගී විය හැකි බව අරවින්ද සිල්වා මහතා පැහැදිලි කළේය.
මහේලගේ උපදේශක පත්වීම ඔක්තෝබර් 16-23 දක්වා නිශ්චිත කාල සීමාවක් සඳහා පමණක් වන අතර මහේල ජයවර්ධන අයිපීඑල් තරගාවලියෙන් පසු තම පවුලේ අය සමඟ යම් කාලයක් ගත කිරීමටත් 19 න් පහළ කණ්ඩායම සමඟ ඔහුගේ කලින් තිබූ කැපවීම ඉටු කිරීමටත් අවශ්‍ය වූ බවත් ඒ නිසා ඔහුට දිගු කාලයක් ජාතික කණ්ඩායම සමඟ සිටීමට බලපෑම් නොකළ බව සඳහන් වෙනවා.
මේ අතර, ක්‍රිකට් ආයතනයේ තාක්‍ෂණික උපදේශක කමිටුවේ සෙසු සාමාජිකයින් දෙදෙනා වන මුත්තයියා මුරලිදරන් සහ කුමාර් සංගක්කාර මේ වන විටත් අයිපීඑල් සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින නමුත් ලෝක කුසලාන කාලය පුරාවටම ඔවුන් එහි නොසිටීමට ඉඩ ඇත.
සංගක්කාරට එක්සත් රාජධානියේ සිටින ඔහුගේ පවුල වෙත ආපසු යාමට ඉඩ ඇති අතර මුරලිදරන් පුහුණුකරු වූ සන්රයිසස් හයිද්‍රාබාද්හි තරඟ අවසන් වූ පසු ඔහුගේ පවුලේ අය සමඟ නැවත කොළඹ පැමිණිය හැකිය.