මහේල ජයවර්ධන හට සුබ පතමින්, මුත්තයියා මුරලිදරන්ගෙන් දීර්ඝ ලිපියක්.

ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රීඩක මහේල ජයවර්ධන, ජාත්‍යන්තර වශයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට කළ විශිෂ්ට මෙහවර සැලකිල්ලට ගනිමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මඟින් පිරිනමන ලද ගෞරවනීය කීර්තියක් වන Hall Of Fame විශිෂ්ට ක්‍රීඩකයින් අතරට මහේල ජයවර්ධනව ඇතුළත් කිරීමට කටයුතු කර තිබුණා.

 

 

මේ අතර, ICC ය මඟින් නම් කරන ලඳ Hall Of Fame අතරට එක් වූ පලමුවන ශ්‍රී ලාංකිකයා වන මුත්තයියා මුරලිදරන්, මහේල ජයවර්ධන හට දීර්ඝ ලිපියක් මඟින් සුභ පැතුම් එක් කර සිටියා.

 

මුත්තයියා මුරලිදරන්ව විසින් මහේල ජයවර්ධන හට පල කළ තිබූ ලිපියේ සිංහල පරිවර්තනය පහළින්,

 

 

මුලින්ම මම ඔබට සුභ පතනවා ICC Hall Of Fame සදහා තේරී පත්වීම සම්බන්ධයෙන්. ඒක තමයි තමන් දිගු කාලීනව ක්‍රිකට් පිටියෙ දැක්වූ දස්කම් වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩකයෙක්ට ලබන්න පුලුවන් ඉහලම ගෞරවය. එය අප ක්‍රිකට් ක්‍රීඩකයින් සියලු දෙනා දිගින් දිගටම උත්සහ කරන දෙයක්. අපි ආස කරන දේ මුළු වෘත්තීය පුරාවට සිදුකරන්න තරම් අපි වාසනාවන්ත වුනා. ක්‍රීඩාවේ දැවැන්ත නම් අතරට එක්වෙන එක තරම් ඇදහිය නොහැකි දෙයක් තවත් නැහැ. ඒක ජීවිත කාලය පුරාවටම ලැබෙන දෙයක්. එමගින් ඔබ ජීවිත කාලය පුරාවටම ඔබගේ මිතුරන්ගෙන් , තරඟකරුවන්ගෙන් සහ ICCය මගින්  උපයා ගත් ගෞරවය පිලිඹිබු වනවා මෙන්ම එම ලැයිස්තුවට ඇතුලත්වීම සුවිශේෂී වනවා.

 

 

මම ICC Hall Of Fame සදහා තේරීපත්වූ පලමු ශ්‍රී ලාංකිකයා වීම මට තරමක් පුදුමසහගත සිදුවීමක් වුනා. දැන් ඔබ මගේ මිතුරා ඒ සදහා තේරී පත්වී තිබෙනවා. එය මට ඉතා විශාල සතුටක් මොකද මම දන්නවා ඔබ ශ්‍රී ලංකා ක්‍රිකට් සහ ලෝක ක්‍රිකට් සදහා සිදුකල අනුපමේය මෙහෙවර පිලිබඳව. ඔබගේ ක්‍රීඩා දිවිය දෙස බලන කල සුවිශේෂී සන්ධිස්ථාන කිහිපයක්ම මට මතකයට නැගෙනවා. ඔබ 2011 එක්දින ලෝක කුසලාන අවසන් මහා තරඟයේදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කලා. නොදැවුනු ශතකයක් ඉන්දියාවට එරෙහිව. අපි කුසලානය නොදිනුවද එයනම් විශේෂ ඉනිමක්.

 

 

තවත් එවන් ඉනිමක් ලෙස ඔබ බංග්ලාදේශයට එරෙහිව 2008 ටෙස්ට් තරගයකදී රැස් කල ලකුණු 166 හැදින්වීමට පුලුවනි. එම ඉනිම අමරණීය වන්නට හේතුව ඔබ එය රැස් කලේ දෙවන ඉනිමේදී සහ ඒ වන විට තණතිල්ල වඩාත් දඟකැවීමට ලක්වන අවස්ථාවකදී වීමයි..ඔබ විශිෂ්ට ඉනිම් බොහොමයක් ක්‍රීඩා කලා.

 

 

ඔබ කණ්ඩායම සමග සිටින විට එය සතුටක් වුනා. ඔබ හැම විටම ලකුණු රැස් කලා. එවිට මට තිබූ පීඩනය නැතිවී ගියා කඩුලු ලබාගන්න. එමගින් මගේ රැකියාව වඩාත් පහසු උනා. ඒක නිසයි ඔබ ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ සුවිශේෂීම ක්‍රීඩකයෙක් වෙන්නෙ. ඉන් ඔබ්බට ගියහොත් ඒ සෑම දේකටම වඩා ඔබ නියම මනුස්සයෙක් , හැම කෙනාටම ඉතා කරුණාවන්ත ඉතා මෘදු හදවත් තියෙන මනුස්සයෙක්. ක්‍රීඩාවේදී ශූරයන් බොහෝ දෙනෙක් පිටියෙන් පිටතදීද තරගකාරි බව නොරහසක් , නමුත් ඔබ ඊට හාත්පසින්ම වෙනස් චරිතයක්.ඔබට හැකියාව තිබුනා අවස්ථාවට අනුකූලව වෙනස් වීමට.

 

ඔබ මට වඩා බොහොම නිශ්ශබ්ද පුද්ගලයෙක්. ඔබ දන්නවා මම සාමාන්‍යයෙන් ටිකක් වැඩිපුර කතා කරන පුද්ගලයෙක් සහ කණ්ඩායමේ තවත් කිහිපදෙනෙක්ම ඉදියා ඒ වගේ.මොකද ඔබ ඒ වෙලාවෙදි අවධානය යොමුකරන්නෙ තරගය ගැන විතරයි.

 

 

නායකයෙක් වශයෙන් ඔබ සාර්ථක වුනේ ඔබගේ නිශ්ශබ්ද සහගත භාවය නිසාමයි. ඔබගෙ නිශ්ශබ්දතාවයම තමයි අපේ කණ්ඩායම අතිසාර්ථක වෙන්න හේතුව. මම හිතන්නෙ ඔබ පුහුණුකරුවෙක් වශයෙන් සාර්ථක වෙන්නත් ඒක වෙන්න ඇති හේතුව.
ඔබව ICC Hall Of Fame සදහා තෝරාගන්නෙ එක් හේතුවක් සදහා පමණක් නොව ඔබ ශ්‍රී ලංකා ක්‍රිකට් වලට සිදුකල දීර්ඝ කාලීන අනුපමේය සේවය සදහායි. ඒ සියලු දේ සලකා බැලීමෙන් අනතුරව ICC යට සිතෙන්නට ඇති කුමාර් සංගක්කාර සහ මට පසුව ඒ සදහා ගැලපෙනම ශ්‍රී ලාංකිකයා ඔබ බව.

 

 

ඔබ ඒ සදහා තෝරාගත්තෙ නායකයෙකු වශයෙන් , පිතිකරුවෙක් වශයෙන් සහ පන්දුරකින්නෙක් වශයෙන් ඔබ ශ්‍රී ලංකා කණ්ඩායමට කල් සේවය උදෙසායි. පන්දු රකින්නෙකු ලෙස ඔබට සමකල හැකි කිසිවෙක් ශ්‍රී ලංකා කණ්ඩායමේ නොසිටි බවනන් නොරහසක්.

 

ඔබ පලමු වතාවට 1997 දී කණ්ඩායමට පැමිණෙන විට , මා වසර කිහිපයක් අත්දැකීම් ලබා සිටි අතර ඔබ එවකටදී ඉතා ලැජ්ජාශීලි නිහඩ කොලුගැටයෙක් විය. නමුත් ඔබට අවස්ථාවක් ලද වහාම ඔබ ක්‍රියාත්මක වුනා. ඒ තමයි ඔබ සතුව තිබූ දක්ශතාවය. සියලු දෙනා දැක්කා එදා ඔබගේ පිතිකරණයේ තිබුනු දක්ෂතාවය සහ සියලු දෙනා එදා නිසැකවම දැනගත්තා ඔබ තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් වල අනාගතය කියලා.

 

 

සාමාන්‍යයෙන් ආසියානු කලාපීය බහුතරයක් ක්‍රීඩකයින් මෙන්ම ඔබත් දගපන්දු යවන්නන් හට ඉතා හොදින් පහරදුන්නා සහ ඔබව දවාගැනීමට ඉතා අපහසු වුනා. කාටහරි එය ගැන ප්‍රශ්නාර්ථයක් තියෙනවනන් මං මතක් කරනවා ඔබ 2006 වසරේ දකුණු අප්‍රිකාවට එරෙහි ටෙස්ට් තරගයේදී රැස් කල ලකුණු 374 නැවත ආවර්ජණය කරගන්නා ලෙසට. ඔබට කඩුල්ලෙ ඉතා දීර්ඝ වෙලාවක් රැදී සිටිමින් විශාල ලකුණු සංඛ්‍යාවක් රැස් කිරීමට සමත්වුනා.

 

 

ඔබ පන්දුරැකීමෙන්ද විශිෂ්ටයෙක් . ස්ලිප් හි  උඩපන්දු රැකීමේදී ඔබට අභියෝගයක් විය හැක්කෙක් සිටියෙ නැහැ. මුලු දවසම ස්ලිප් හි රැදි සිටිමින් උඩපන්දු රැකීමට ඔබ උනන්දු වුනා. මම ටෙස්ට් තරග වලදී වැඩි වශයෙන් පන්දු යැව්වා.ඒක නිසා මගේ පන්දු හමුවේ ඔබ උඩපන්දු විශාල ප්‍රමාණයක් රැකගත්තා. අපි අතර විශේෂ යමක් තියෙනවා කියලා මට හිතෙනවා , මොකද Caught Jayawardena Bowled Muralidaran කියන වාක්‍ය කිහිපය ක්‍රිකට් ලොවේ වෙන කිසිම පන්දු යවන්නෙක් සහ පන්දු රකින්නෙක්ට වඩා අප දෙදෙනාට සමීපයි , විශේෂයි.මගේ අන්තිම කඩුල්ල දවාගන්න උඩපන්දුව රැකගත්තෙ ඔබ ඉතින් ඒක ඔප්පු කරන්න තවත් සාක්ෂි මොකටද ?

 

 

ඔබව නායකයා වශයෙන් තෝරගත්තෙත් ඔබගෙ ඒ ක්‍රිකට් පිලිබඳව තිබුණු හසල දැනුම සහ ඔබට අපව පිටිය තුල පාලනය කල යුතු ආකාරය පිලිබඳව දැනීමක් තිබුනු නිසාමයි. ඔබ ක්‍රිකට් ක්‍රීඩාවේ නියම හිතන්නෙක්. ඔබ දැනටමත් පුහුණුකරුවෙක් ලෙසත් විශිෂ්ට දස්කම් දක්වලා හමාරයි..ඒකට හේතුව අවුරුදු 20 කට ආසන්න කාලයක් තිස්සෙ ඔබට ජාත්‍යන්තර පිටියේ පවතින අත්දැකීම් සහ අවස්ථාව පාලනය කිරීමට ගතයුතු ක්‍රියාමාර්ග ගැන ඔබට පවතින චින්තන හැකියාවයි.

 

අතීතයේ අප ගත කල විනෝදජනක කාලය පිලිබඳව මට මතකයට නැගෙනවා. මම ඔබත් සමග සමහරවිට රණ්ඩු පවා ඇතිකරගත්තා මට කඩුලු දවාගන්න පන්දුයවන්න දෙන්න කියලා . නමුත් ඔබ දැනන් හිටියා හැම තිස්සෙම ඒක හරිම වෙලාව නෙවෙයි කියලා. හැබැයි හොදම දේ තමයි ඒ රණ්ඩු වුන හැම වෙලාවකදිම මම ජයගත්තා. ඔබ මාව සහ අපේ අනෙකුත් කණ්ඩායම් සගයන් සියලු දෙනාවම අති විශිෂ්ට ලෙස යොදාගත්තා , පාලනය කලා.

 

 

මම ඔබට සුභ පතන්න කැමතියි ඔබගෙ ඉදිරි අනාගත වැඩ කටයුතු සදහා , කවදාවත් උත්සහය අත අරින්න එපා දිගටම ඉස්සරහටම යන්න.ඔබ ක්‍රීඩකයෙකු සහ පුහුණුකරුවෙකු වශයෙන් සාක්ෂාත් කරගෙන තියෙන දේවල් පුදුමාකාරයි.මතක තියාගන්න ඔබගේ වෘත්තීය ජීවිතය අවසාන වනවිටදී ක්‍රීඩකයෙකු ලෙසට අප ඔබව සිහිපත් කරන ආකාරයටම පුහුණුකරුවෙකු ලෙස අපි ඔබ ගැන බියෙන් සිටින බව මතක තියාගන්න.

 

 

පරිවර්තනය – Naveen Krishmal 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *