මැතිව්ස්ගේ වේගවත් ඉනිම අපතේ යයි. ජැෆ්නා කණ්ඩායම ලකුණු 6ක ජයක්.

(වීඩියෝ පහළින් නැරඹිය හැකිය) 2022 LPL තරඟාවලියේ 10 වන තරඟය ලෙස පැවතී ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම හා කලම්බෝ ස්ටාර්ස් කණ්ඩායම අතර තරඟයෙන් ලකුණු 6ක ජයක් වාර්තාකර ගැනීමට තිසරගේ නායකත්වයෙන් යුත් ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම සමත්වුණා..

 

 

තරඟයේ කාසියේ වාසිය දිනාගත් කලම්බෝ ස්ටාර්ස් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් පලමුව පන්දු යැවීමට තීරණය කළ අතර, ඒ අනුව පලමුව පන්දුවට පහරදුන් ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 178ක් ලබාගැනීමට සමත්විය..

ජැෆ්නා කින්ග්ස් ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ Shoaib Malik පන්දු 25කට මුහුණදෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 35ක් ලබාගැනීමට සමත්වුණා.

 

 

ඊට අමතරව ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු පන්දු 31කදී හතරේ පහර 4ක් සමඟින් ලකුණු 31ක් හා සදීර සමරවික්‍රම පන්දු 25කදී ලකුණු 32ක් ලබාගත් අතර, අවසානයේදී වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ නායක තිසර පෙරේරා පන්දු 13කදී හතරේ පහර 3ක් හා එක් හයේ පහරක් ද සමඟින් ලකුණු 29ක් ලබාගැනීමට සමත්විය.

 

 

පන්දු යැවීමේදී Benny Howell පන්දුවාර 4 අවසානයේදී ලකුණු 37කට කඩුලු 2ක් දවාගත් අතර, Naveen-ul-haq හා Dominic Drakes එක් කඩුල්ල බැඟින් ද ලබාගැනීමට සමත්වුණා.

අනතුරුව ලකුණු 179ක ඉලක්කයක් හඹායෑම සඳහා පිටියට පිවිසී කලම්බෝ ස්ටාර්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20ක් අවසානයේදී කඩුලු 8ක් දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 172ක් පමණයි.

කලම්බෝ ස්ටාර්ස් ඉනිම වෙනුවෙන් වේගවත් ඉනිමක් ක්‍රීඩාකරමින් වැඩිම ලකුණු ලාභියා වූ ඇන්ජලෝ මැතිව්ස් පන්දු 38කදී හතරේ පහර 8ක් හා හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 73ක් ලබාගැනීමට සමත්විය.

 

 

ඊට අමතරව Benny Howell පන්දු 20කදී හතරේ පහර 5ක් හා හයේ පහර 2ක් සමඟින් වේගවත් ලකුණු 43ක් ලබාගත් අතර, දිනේශ් චන්දිමාල් පන්දු 18 කදි හතරේ පහර 3ක් සමඟින් ලකුණු 19ක් ද ලබාගැනීමට සමත්වුණා.

 

 

මෙම තරඟයේදීත් විජයකාන්ත් වියස්කාන්ත් කඩුලු 2ක් බිඳ දැමීමට සමත්වුණා. ඔහු පන්දුවාර 4 අවසානයේදී ලකුණු 32කට කඩුලු 2ක් බිඳ දැමූ අතර, James Fuller ද ලකුණු 32කට කඩුලු 2ක් බිඳ දැමීමට සමත්විය. ඊට අමතරව අසිත ප්‍රනාන්දු , තිසර පෙරේරා හා මහීශ් තීක්ශන අතරේ ද එක් කඩුල්ල බැඟින් බෙදීගියා.

 

 

ඒ අනුව, කලම්බෝ ස්ටාර්ස් කණ්ඩායම පරදවමින් ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම  ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට සමත්වුණ අතර තරඟයේ වීරයා සම්මානය දිනාගනු ලැබූයේ ලකුණු 32ට කඩුලු 2ක් දවාගත් James Fuller වේ.

 

ඇන්ජලෝ මැතිව්ස්ගේ වේගවත් ඉනිම වීඩියෝව මෙන්න. VIDEO 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *