මිකී ආතර් ශ්‍රී ලංකා පුහුණුකරු ධූරයෙන් ඉවත්වීම සම්බන්ධයෙන් භානුක රාජපක්ෂගෙන් ට්විටර් පණිවිඩයක්.
2019 වසරේ පකිස්ථානයේ පැවතී තරඟ තුනකින් සමන්විත විස්සයි විස්ස තරඟාවලියේදී හොඳින් පන්දුවට පහර දුන් ප්‍රහාරාත්මක පිතිකරු බානුක රාජපක්ෂ, ඉන්පසු තරඟ කිහිපයකට පසු ශ්‍රි ලංකා කණ්ඩායෙමෙන් ඉවතට විසිවීමට සිදුවිය.
මේ අතර මාධ්‍යවේදී දනුශ්ක අරවින්ද සමඟින් පැවතී සාකච්ඡාකදී බානුක රාජපක්ෂ, තමාව කණ්ඩායමට නොගැනීම හේතුව ලෙස, ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ මිකී ආතර්ට චෝදනා එල්ල කළ අතර, තමන්ට සිදුවුණ අසාදාරණ පිළිඹඳව මාධ්‍යට කරුණු ඉදිරිපත් කළේය.
අනතුරුව ශ්‍රී ලංකා තාක්ශනික කමිටුවේ සාමාජික, රොමේශ් කලුවිතාරණ විසින් බානුක රාජපක්ෂ වෙත නැවත ඔහුගේ ශාරීරික යෝග්‍යතාව නිසි අයුරින් පවත්වා ගැනීමට කාළයක් ලබා දුන් අතර, ඉන් අනතුරුව නැවතත් බානුක රාජපක්ෂට ශ්‍රී ලංකා කණ්ඩායම සමඟින් එක්වීමට හැකියාව ලැබීය.
මේ අතර, ශ්‍රී ලංකාවේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ මිකී ආතර්, ඉදිරියේදී පැවැත්වීමට නියමිත බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ටෙස්ට් තරඟ දෙකෙන් අනතුරුව තම සේවාවෙන් ඉවත්වීමට නියමිත බව හා ඉන් පසුව එංගලන්තයේ ඩර්බිශියර් ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන ලෙස ට්විටර් පණිවිඩයක් මඟින් දැනුම් දී තිබුණා.
මේ සම්බන්ධයෙන් බානුක තම ට්විටර් ගිණුමේ සටහනක් එක් කරමින්, පුහුණුකරු මිකී ආතර් වෙත ඉදිරිගමන සඳහා සුභ පැතුම් එක්කර තිබුණා.
“අපි අතර යම් අනවබෝධයක් තිබුණු බව හැමෝම දන්නවා. නමුත් අපි එය නිවැරැදිව කළමනාකරණය කරමින් ඉදිරියටම ගමන් කළා. ඔබගේ අවංකබාවය හා ලබාදුන් උපදෙස් වලට ස්තූයිති. ඔබගේ ඉදිරි වැඩකට සඳහා මම සුභපැතුම් එක් කරනවා” – බානුක රාජපක්ෂ
It's no secret that we have had a few misunderstandings in the past coach, @Mickeyarthurcr1 but I'm so glad we managed to move on from them and deliver on the field. Thank you for your honesty and guidance. Wishing you nothing but the very best.❤️ https://t.co/2r2UBwJ4QS pic.twitter.com/Ce7HxVyHBM
— Bhanuka Rajapaksa (@BhanukaRajapak3) November 17, 2021