මිචෙල් ස්ටාර්ක්ගෙන් විශිෂ්ඨ පන්දු යැවීමක්. ඉන්දියාවට අන්ත පරාජයක්.
(වීඩියෝ එක පහළින්ම නැරඹිය හැකිය) ඉන්දියාව හා ඕස්ට්‍රේලියා අතර තරඟ 3කින් සමන්විත එක්දින තරඟාවලියේ දෙවන තරඟයෙන් ඉන්දියාවට දැවැන්ත පරාජයක් උරුමකර දෙමින් කඩුලු 10ක විශිෂ්ඨ ජයක් වාර්තා කරගැනීමට ඕස්ට්‍රේලියා කණ්ඩායම සමත්වුණා.
තරඟයේ කාසියේ වාසිය දිනාගත් ඕස්ට්‍රේලියා කණ්ඩායම පලමුව පන්දු යැවීමට තීරණය කළ අතර ඒ අනුව පලමුව පන්දුවට පහර දුන් ඉන්දියා කණ්ඩායම පන්දුවාර 26ක් අවසානයේදී සියලුම දෙනා දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 117 පමණයි.
ඉන්දීය ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ හිටපු නායක විරාට් කෝලි පන්දු 35කට මුහුණදෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 31ක් ලබාගැනීමට සමත්විය.
ඊට අමතරව, Axar Patel පන්දු 29කදී එක් හතරේ පහරක් හා හයේ පහර 2ක් සමඟින් ලකුණු 29ක් ලබාගත් අතර, රවීන්ද්‍ර ජඩේජා පන්දු 39කට මුහුණදෙමින් එක් හතරේ පහරක් සමඟින් ලකුණු 16ක් ලබාගැනීමට සමත්වුණා. ශුබ්මන් ගිල් ලකුණු නොලබා දැවීගිය අතර සූර්යකුමාර් යාදෙව් ද ලකුණු 0කට දැවීගියා.
පන්දු යැවීමේදී සුපිරි පන්දු යැවීමක නිරත වීමට මිචෙල් ස්ටාර්ක් සමත්වූ අතර ඔහු පන්දුවාර 8 අවසානයේදී ලකුණු 53කට කඩුලු 5ක් බිඳ දැමීමට සමත්වුණා. ඊට අමතරව Sean Abbott පන්දුවාර 6ක් අවසානයේදී ලකුණු 23කට කඩුලු 3ක් හා Nathan Lion ලකුණු 13කට කඩුලු 2ක් දවාගනු ලැබූවා.
අනතුරුව ලකුණු 118 පහසු ලක්කයක් හඹායෑම සඳහා පිටියට පිවිසී ඕස්ට්‍රේලියා කණ්ඩායම පන්දුවාර 11කදී කිසිඳු කඩුල්ලක් නොදැවී ලකුණු 121ක් වාර්තාකර ගනිමින් තරඟය පහසුවෙන්ම ජයගැනීමට ඕස්ට්‍රේලියා කණ්ඩායම සමත්වුණා.
ඕස්ට්‍රේලියා ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ මිචෙල් මාෂ් වේගවත් අර්ධ ශතකයක් වාර්තාකර ගැනීමට සමත්වූ අතර ඔහු පන්දු 36කදී හතරේ පහර 6ක් හා හයේ පහර 6ක් සමඟින් නොදැවී ලකුණු 66ක් ලබාගැනීමට සමත්වුණා. එය ඔහුගේ ජාත්‍යන්තර එක්දින පිටියේ 15 වන අර්ධ ශතකයයි.
ඊට අමතරව, මාෂ් සමඟින් එක්ව විශිෂ්ඨ පිතිකරණයක නිරත වූ ට්‍රැවිස් හෙඩ් ද අර්ධ ශතකයක් වාර්තාකර ගැනීමට සමත්වූ අතර, ඔහු පන්දු 30කදී හතරේ පහර 10ක් සමඟින් නොදැවී ලකුණු 51ක් ලබාගැනීමට සමත්වුණා. මෙම අර්ධ ශතකය ඔහුගේ ජාත්‍යන්තර එක්දින පිටියේ 14 වන අර්ධ ශතකයයි.
ඒ අනුව ඉන්දියා කණ්ඩායමට එරෙහිව දෙවෙනි තරඟයෙන් දැවැන්ත ජයක් වාර්තාකර ගැනීමත් සමඟින් තරඟ තුනකින් යුත් එක්දින තරඟාවලිය තරඟ 1-1ක් ලෙස සමඟ කරගනිමින් නැවතත් තරඟාවලියට අවතීර්ණ වීමට ඕස්ට්‍රේලියා කණ්ඩායම සමත්වූ අතර තරඟයේ වීරයා සම්මානය දිනාගනු ලැබූයේ කඩුලු 5ක් දවාගත් මිචෙල් ස්ටාර්ක් වේ.
ස්ටාර්ක් ගේ පන්දු යැවීම, මාෂ් හා ට්‍රැවිස් හෙඩ්ගේ වේගවත් පිතිහරඹය ඇතුළුව සම්පූර්ණ තරඟයේ Highlights,