මීලඟ තරඟයත් ජයගෙන තරඟාවලිය 4-1ක් ලෙස අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා.

ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර පැවතී හතරවන තරඟයෙන් ලකුණු 4ක තියුණු ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වූ අතර, ඒ අනුව වසර 30කට පසුව ශ්‍රී ලංකාවේදී, ඕස්ට්‍රේලියා කණ්ඩායම පරදා එක්දින තරඟාවලි ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.

 

Sri Lankan teammates celebrate after Sri Lanka won by 4 runs during the 4th One Day International match between Sri Lanka and Australia at R. Premadasa Stadium on June 21, 2022, in Colombo, Sri Lanka.

 

මෙම තරඟයේදී ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙනුවෙන් සුපිරි ඉනිමක් ක්‍රීඩා කරමින් ශතකයක් ලබාගත් චරිත් අසලංක තරඟයේ වීරයා සම්මානය ද දිනාගත් අතර, තරඟයෙන් අනතුරුව පැවතී මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් ඔහු තරඟය සම්බන්ධයෙන් අදහස් දක්වා සිටියා.

 

 

එහිදී ප්‍රථම වශයෙන් තමාට ශතකයක් ලබාගැනීමට හැකිවූම හා තරඟාවලිය ජයග්‍රහණයට කිරීමට හැකිවීම මෙන්ම, පන්දුවට පහරදීමේදී දනංජය ද සිල්වාගෙන් ලැබුණු දායකත්වය ගැනද ඔහු අදහස් ප්‍රකාශ කර සිටියා.

“ඕස්ට්‍රේලියාව කියන්නේ ගොඩක් හොඳ කණ්ඩායමක්..විස්සයි විස්ස ගත්තොත් එයාලා ලෝක ශූරයින්. අපි නැගී එන කණ්ඩායමක් විදිහට මට ගොඩාක් සතුටුයි ඒ වගේ කණ්ඩායමට ශතකයක් ගහලා තරඟයක් දිනන එක ගැන මට හරිම සතුටුයි. “

 

Sri Lanka’s Charith Asalanka celebrates scoring hundred runs during the 4th One Day International match between Sri Lanka and Australia at R. Premadasa Stadium on June 21, 2022, in Colombo, Sri Lanka.

 

“ඒ වගේම අපේ ඉනිමේ ආරම්භයේදීම ලකුණු 34කට විකට් 3ක් වැටිලා තිබුණ වෙලාවේ දනංජය ද සිල්වා එක්ව එකතුවෙලා තමයි ඉනිම නැවතත් ගොඩනැගීමට පුලුවන් වුනේ. විශේෂයෙන්ම කියන්න ඕනේ දනංජය ද සිල්වාගේ දායකත්වය මට නිදහසේ ඉනිම ගොඩනැගීමට ඉතාමත් පහසු වුණා.”

 

Sri Lanka’s Charith Asalanka and Dhananjaya de Silva during the 4th One Day International match between Sri Lanka and Australia at R. Premadasa Stadium on June 21, 2022, in Colombo, Sri Lanka.

 

මෙම තරඟය අතරතුරේදී රාත්‍රී කාළයේදී පින්න නොපැමිණීම හේතුවෙන් ශ්‍රී ලංකාවට වාසියක් වූ බව ද අසලංක ප්‍රකාශ කර සිටියා.

“කලින් තරඟයට වඩා මේ තරඟයේ පිච් එක ටිකක් ස්ලෝව්. අපි දැනගෙන හිටියා විකට් එක ස්ලෝව් වෙයි කියලා. මොකද, සාමාන්‍යයෙන් කෙත්තාරමයේ දවල්ට විකට් එක ස්ලෝව්, රෑට පින්නක් ආවොත් පිච් විකට් එක හොඳ වෙනවා. නමුත් වාසනාවකට ඒ පින්න අද ආවේ නැහැ. ඒ නිසා අපිට වඩා ඕස්ට්‍රේලියාවට පන්දුවට පහරදීමට අපහසු වුණා.”

 

(Photo by ISHARA S. KODIKARA/AFP via Getty Images)

 

මෙම තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන වේගපන්දු යවන්නා වන දුශ්මන්ත චමීර ක්‍රීඩා නොකළ අතර, ඒ වෙනුවෙන් වනිඳු හසරංග කණ්ඩායමට පැමිණෙමින්, දඟපන්දු යවන්නන් 5 දෙනෙකුගෙන් යුත්තව ක්‍රීඩා කිරීම සම්බන්ධයෙන් චරිත් අසලංක පැවසූවේ එය ඉතාමත් හොඳ තීරණයක් බවයි.

“චාමික අයියා හොඳින්ම පන්දු යැව්වා. දසුන් අයියටත් හොඳින් පන්දු යවන්න පුලුවන්. පිච් එක ගත්තාම දඟපන්දු යවන්නන්ට හොඳ එකක් නිසා තමයි දඟ පන්දු දඟපන්දු යවන්නන් 4 දෙනෙක් හා දනංජය අයියා එක්ක 5 දෙනෙක් ක්‍රීඩා කළේ. ඒ තීරණය හොඳින් වැඩ කරා කියලා මම හිතනවා.”

 

(Photo by ISHARA S. KODIKARA/AFP via Getty Images)

 

මේ වන විටත් ශ්‍රී ලංකා කණ්ඩායම තරඟාවලිය ජයගෙන ඇති අතර, 24 වෙනිදා පැවැත්වීමට නියමිත පස්වන තරඟයේදී සැලසුම ලෙස අසලංක පවසා සිටියේ එම තරඟය ද ජයගනිමින් තරඟාවලිය 4-1ක් ලෙස අවසන් කිරීමට හැකිවූවහොත් එය විශාල ජයග්‍රහණයක් බවයි.

“කණ්ඩායමේ සංයුතිය ගැන මට ලොකු අවබෝධයක් නැහැ. ඕස්ට්‍රේලියාව මේ වන විට තරමක් පසුබෑමකට ලක්වෙලා තිබෙන්නේ. මොකද තරඟ 4ක් අවසානයේදී අපි තරඟ තුනක් දිනලා තියෙන්නෙ. මම හිතෙන්නේ අපිට මීලඟ තරඟයේදීත් උපරිමයෙන්ම ක්‍රීඩාකරලා තරඟාවලිය 4-1ක් ලෙස අපිට ජයගන්න පුලුවන් වුනොත් ඒක අපි ලබන විශාල ජයග්‍රහණයක්.”

 

(Photo by ISHARA S. KODIKARA/AFP via Getty Images)

 

4 වන තරඟයේදී, ශ්‍රී ලංකා පුහුණුකරු විසින් ක්‍රියාත්මක කරන ලඳ සංඥා පුවරු කිසිපයක් දැකගන්න ලැබුණු අතර, ඒ පිලිඹඳව හා අලුත් පුහුණුකරු සම්බන්ධයෙන් චරිත් අසලංක පැවසූවේ මෙවන් අදහස්,

“ඇත්‍තටම කිව්වොත් ඒ බෝඩ් ගැන මම මෙතනට එනකන් දන්නෙ නැහැ. ඒක දන්නේ කණ්ඩායමේ නායකයාත්, පුහුණුකරුවත්, ඇනලිස්ට් විතරයි. මම ග්‍රවුන්ඩ් එකේදී එහෙම බෝඩ් එකක් තිබ්බා කියලා මම දැක්කේ නැහැ.”

 

 

“මිකී ආතර් හා දැන් ඉන්න පුහුණුකරු දෙදෙනාම ගොඩාක් හොඳයි. පහුගිය කාලයේදී අපේ ක්‍රිකට් ගොඩාක් අමාරු තැනක තිබුණා. ඒ තැනින් ගොඩ එන්න මිකී ආතර් පුහුණුකරුත් ලොකු දෙයක් කරා. දැන් ඉන්න කෙනාත් අපිව පීඩනයට ලක් කරන්නෙ නැහැ. ඔහු කැප්ටන් එක්ක තමයි ප්ලෑන් කරන්නේ. ”

 

(Photo by ISHARA S. KODIKARA/AFP via Getty Images)

 

තරඟයේ අවසන් පන්දුවාරයේදී ඕස්ට්‍රේලියා කණ්ඩායමට තරඟය ජයගැනීමට ලකුණු 19ක් අවශ්‍යව තිබූ අතර, දසුන් ශානක ක්‍රියාත්මක කළ එම පන්දුරයේ පලමු පන්දු 5ට ලකුණු 14ක් ලබාගත් අතර, අවසන් පන්දුව යොමුකිරීමට පෙර කණ්ඩායමේ අනෙකුත් ක්‍රීඩකයි දසුන් ශානක හට උපදෙස් ලබාදෙන ආකාරය අපට දැකගන්නට ලැබුණා.

ඒ අවසානයේදී ඔවුන් කතා කලේ කුමක් ද යන්න මාධ්‍යවේදීයකුගෙන් නැගුණ ප්‍රශ්නයකට චරිත් අසලංක ප්‍රකාශ කර සිටියේ මෙවැන්නක්,

 

 

“අන්තිම බෝලය, ස්ලෝව් බෝලයක් දාන්න තමයි එතන කතා වුණේ. මොකද, අවසන් පිතිකරුවන්ට පහරක් ගහන්න පවර් එකක් නැහැ. බෝලේ වේගයෙන් දැම්මොත් තමයි එයාලට හතරක් හයක් ගහන්න පුලුවන් වෙන්නේ. ග්‍රවුන්ඩ් එකත් ටිකක් විශාල නිසා අපි හැමෝම කිව්වේ Slow බෝලයක් දාන්න කියලා.”

අවසාන වශයෙන් චරිත් අසලංක විසින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ප්‍රේක්ෂකයින් හට ස්තූති කිරීමක් ද සිදුකරනු ලැබුවා.

 

(Photo by ISHARA S. KODIKARA/AFP via Getty Images)

 

“ප්‍රේක්ෂකයින් නැත්නම් ක්‍රීඩාවක් නැහැ. ප්‍රේක්ෂකයින් ඉන්න නිසා තමා අපි මෙහෙම සෙල්ලම් කරන්නේ. ඔවුන් ඉන්න කොට තමයි අපිට පීඩනය වගේම සපෝර්ට් එකත් එන්නේ. හැමෝම දන්නවා අපි මෑතකාලයේ ගොඩාක්ම තරඟ පරාජය වුණා. නමුත් ඒ කාලයේත් අපිත් එක්ක ප්‍රේක්ෂකයින් සිටියා. දැන් අපි නැවතත් ජයග්‍රහණ ලබාගන්න පුලුවන් තත්වයකට ඇවිත් තියනවා.

වසර ගණනාවකට පස්සේ අපේ ක්‍රීඩකයින් 5 දෙනෙක් මේ පාර IPL ක්‍රීඩා කළා. ඉතින් අපේ ප්‍රේක්ෂකයින් ඒක තේරුම් අරගෙන දිගටම අපිත් එක්ක රැඳී සිටියා. ඒ හැමෝටම ස්තූතිවන්ත වෙනවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *