මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම හතරවන තරඟයත් පරාජයට පත්වෙයි.

(වීඩියෝ එක පහළින් නැරඹිය හැක) ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ 18 වන තරඟය ලෙස පැවතී රෝයල් චැලන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම හා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අතර තරඟයෙන් කඩුලු 7ක විශිෂ්ඨ ජයක් වාර්ථා කිරීමට රෝයල් චැලන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත්වුණා.

 

 

තරඟයේ කාසියේ වාසිය දිනාගත් රෝයල් චැලන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ නායක Faf du plessis විසින් පලමුව පන්දුවට පහරදීම සඳහා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට ආරාධනා කළ අතර, ඒ අනුව ඔවුන්ට නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 6ක් දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 151ක් පමණයි.

මුම්බායි ඉනිමේ කඩුලු 5ක් ලකුණු 62ක් තුළ බිඳ වැටෙද්දී, විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ සූර්යකුමාර් යාදෙව් පන්දු 37 කදී හතරේ පහර 5ක් හා හයේ පහර 6ක් සමඟින් නොදැවී ලකුණු 68 ලබාගැනීමට සමත්විය.

 

 

ඊට අමතරව ආරම්භක පිතිකරුවන් වන ඉශාන් ක්‍රිශාන් හා නායක රෝහිට් ශර්මා යන ක්‍රීඩකයින් දෙදෙනාම ලකුණු 26 බැඟින් ලබාගැනීමට සමත්වූ අතර, අන්කිසිඳු පිතිකරුවෙකුට ලකුණු 15 සීමාවටවත් ලඟාවීමට පන්දු යවන්නන් ඉඩලබාදුන්නේ නෑ. (Jaydev Unadkat – 13 (14)

 

 

පන්දු යැවීමේදී රෝයල් චැලන්ජර්ස් බැංගලෝර් ක්‍රීඩක වනිඳු හසරංග පන්දුවාර 4 අවසානයේදී ලකුණු 28කට කඩුලු 2ක් දවාගැනීමට සමත්විය. ඊට අමතරව හර්ෂල් පටෙල්ද ලකුණු 23කට කඩුලු දෙකක් හා, Akash Deep ද එක් කඩුල්ලක් බිඳ දැමීය.

 

 

අනතුරුව ලකුණු 152ක ඉලක්කයක් හඹායෑමට පිටියට පිවිසී ‍රෝයල් චැලන්ජර්ස් බැංගලෝර කණ්ඩායම පන්දුවාර 18.3 අවසානයේදී කඩුලු 3ක් පමණක් දැවී සාර්ථක ලෙස ජයග්‍රහී ලකුණු සීමාව පසුකර යාමට සමත්විය. – 152/3 (18.3)

RCB ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ ආරම්භක පිතිකරු අනුජ් රාවට් අර්ධ ශතකයක් රැස්කළ අතර ඔහු පන්දු 47කදී හතරේ පහර 2ක් හා හයේ පහර 6ක් සමඟින් ලබාගත් ලකුණු ප්‍රමාණය 66ක්.

 

 

ඊට අමතරව හිටපු නායක විරාට් කෝලි පන්දු 36කදී හතරේ පහර 5ක් සමඟින් ලකුණු 48ක් ලබාගත් අතර නායක Faf du plessis පන්දු 24කදී හතරේ පහරක් සමඟින් ලකුණු 16ක් ද ලබාගැනීමට සමත්වුණා.. [ Glenn Maxwell – 8 (2) 4×2 ]

 

 

RCB කණ්ඩායමේ අනුජ් රාවට් දුවද්දි දැවීයාමට හසුවූ අතර, දැවීගිය අනෙක් කඩුලු දෙක ලබගැනීමට සමත්වූයේ Jaydev Unadkat හා Dewald Brevis වේ.

ඒ අනුව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට මෙවර තරඟාවලියේ ලද හතරවන පරාජයත් උරුමකර දෙමින් රෝයල් චැලන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම තරඟය කඩුලු 7කින් ජයග්‍රහණය කළ අතර තරඟයේ වීරයා සම්මානය දිනාගනු ලැබූයේ අර්ධ ශතකයක් ලබාගත් අනුජ් රාවට් වේ.

වනිඳු හසරංග ලබාගත් කඩුලු දෙක මෙන්න. (Video)

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *