මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මෙවර තරඟාවලියේ ක්‍රීඩා කළ 5වන තරඟයත් පරාජය වෙයි.
(වීඩියෝ 01 පහළින් නැරඹිය හැක) ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ 23 වන තරඟය ලෙස පැවතී පන්ජාබ් කින්ග්ස් කණ්ඩායම හා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අතර තරඟයෙන් ලකුණු 12 ජයක් වාර්ථා කිරීමට පන්ජාබ් කින්ග්ස් කණ්ඩායම සමත්වුණා.
තරඟයේ කාසියේ වාසිය දිනාගත් මුම්බායි ඉන්දියන්ස් නායක රෝහිට් ශර්මා විසින් පලමුව පන්දුවට පහරදීම සඳහා පන්ජාබ් කින්ග්ස් කණ්ඩායමට ආරාධනා කළ අතර, ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 198 ලබා ගැනීමට සමත්වුණා.
ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ආරම්භක පිතිකරු ශිකර් දවාන් පන්දු 50 කදී හතරේ පහර 5ක් හා හයේ පහර 3ක් සමඟින් ලකුණු 70ක් ලබාගැනීමට සමත්විය.
ඊට අමතරව නායක Mayank Agarwal පන්දු 32කදී හතරේ පහර 6 හා හයේ පහර 2ක් සමඟින් ලකුණු 52 ලබාගත් අතර Jitesh Sharma පන්දු 15කදී හතරේ පහර 2ක් හා හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 30ක් හා Shahrukh Khan පන්දු 6කදී ලකුණු 15ක් ද ලබාගැනීමට සමත්විය.
පන්දු යැවීමේදී Basil Thampi පන්දුවාර 4 අවසානයේදී ලකුණු 47කට කඩුලු 2ක් බිඳ දැමූ අතර, Jaydev Unadkat , Jusprit Bumrah හා Murugan Ashwin අතරේද එක් කඩුල්ල බැඟින් බෙදීගියා.
ඉන් අනතුරුව ලකුණු 199 ඉලක්කයක් හඹායෑමට පිටියට පිවිසී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 186ක් පමණයි.
මුම්බායි ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ යොවුන් ක්‍රීඩක Dewald Brevis වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 25 කදී හතරේ පහර 4ක් හා හයේ පහර 5ක් (SR 196) සමඟින් ලකුණු 49ක් ලබාගැනීමට සමත්විය.
ඊට අමතරව සූර්යකුමාර් යාදෙව් පන්දු 30කදී හතරේ පහරක් හා හයේ පහර 4 සමඟින් ලකුණු 43ක් ලබාගත් අතර Tilak Varma පන්දු 20කදී හතරේ පහර 3ක් හා හයේ පහර 2ක් සමඟින් ලකුණු 36ක් හා නායක රෝහිට් ශර්මා පන්දු 17කදී හතරේ පහර 3ක් හා හයේ පහර 2ක් සමඟින් ලකුණු 28ක් ද ලබාගැනීමට සමත්වුණා.
පන්දු යැවීමේදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් Odean Smith පන්දුවාර 3ක් අවසානයේදී ලකුණු 30කට කඩුලු 4ක් දවාගත් අතර, Kagiso Rabada ලකුණු 29කට කඩුලු 2ක් හා, Vaibhav Arora ද එක් කඩුල්ලක් බිඳ හෙලීය.
ඒ අනුව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට පස්වන පරාජයත් උරුම කර දෙමින් පන්ජාබ් කින්ග්ස් කණ්ඩායම තරඟය ලකුණු 12කින් ජයග්‍රහණය කළ අතර තරඟයේ වීරයා සම්මානය දිනාගනු ලැබූයේ අර්ධ ශතකයක් හා උඩපන්දු දෙයක් රැකගත් නායක Mayank Agarwal වේ.
බේබි AB ගේ වේගවත් ඉනිම වීඩියෝව , (Video)