මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පිට පිට 6වන තරඟයත් පරාජය වෙයි.

(වීඩියෝ එක පහළින් නැරඹිය හැක) ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ 26 වන තරඟය ලෙස පැවතී ලක්නව් සුපර් ජයන්ට්ස් හා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අතර තරඟයෙන් ලකුණු 18 විශිෂ්ඨ ජයක් වාර්ථා කිරීමට ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම සමත්වුණා.

 

 

තරඟයේ කාසියේ වාසිය දිනාගත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නායක රෝහිට් ශර්මා පලමුව පන්දු යැවීමට තීරණය කළ අතර, ඒ අනුව පලමුව පන්දුවට පහර ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 4,ක් පමණක් දැවී හැකිවූයේ ලකුණු 199 ලබාගැනීමට සමත්විය.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ නායක ලෝකේෂ් රාහුල් ශතකයක් ලබාගත් අතර ඔහු පන්දු 60කදී හතරේ පහර 9ක් හා හයේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 103 ක් ලබාගැනීමට සමත්විය.

 

 

ඊට අමතරව Manish Pandey පන්දු 29කදී හතරේ පහර 6 ක් සමඟින් ලකුණු 38 ක් ලබාගත් අතර ක්වින්ටන් ඩි කොක් පන්දු 13 කදී හතරේ පහර 4ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 24ක් ද ලබාගැනීමට සමත්වුණා.

 

 

පන්දු යැවීමේදී මුම්බායි ක්‍රීඩක Jaydev Unadkat පන්දුවාර 4 අවසානයේදී ලකුණු 32කට කඩුලු 2ක් දවාගැනීමට සමත්වූ අතර, Murugan Ashwin ලකුණු 33කට එක් කඩුල්ලක් හා Fabian Allen ලකුණු 46කට එක් කඩුල්ලක් බිඳ දැමීය.

අනතුරුව ලකුණු 200ක දැවැන්ත ඉලක්කයක් හඹායෑමට පිටියට පිවිසී ‍මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 9ක් දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 181ක් පමණයි..

මුම්බායි ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ සූර්යකුමාර් යාදෙව් පන්දු 27කදී හතරේ පහර 3ක් සමඟින් ලකුණු 37ක් ලබාගැනීමට සමත්විය.

 

ඊට අමතරව බේබි AB නමින් හඳුන්වන ඩෙවල්ඩ් බ්‍රෙවිස් වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 13කදී හතරේ පහර 6ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 31ක් හා Tilak Varma පන්දු 26කදී ලකුණු 26ක් ලබාගත් අතර Kieron Pollard පන්දු 14කදී එක් හතරේ පහරක් හා හයේ පහර 2ක් සමඟින් ලකුණු 25ක් ද ලබාගැනීමට සමත්විය.

 

 

පන්දු යැවීමේදී Avesh Khan පන්දුවාර 4 අවසානයේදී ලකුණු 30කට කඩුලු 3ක් ලබාගත් සමත්විය. ඔහුගේ පන්දු හමුවේ දැවීගිය ක්‍රීඩකයින් වනුයේ රෝහිට් ශර්මා, ඩෙවල්ඩ් බ්‍රෙවිස් හා Fabian Allen වේ. ඊට අමතරව jason Holder, Dushmantha Chameera, Ravi Bishnoi හා Marcus Stoinis අතරේ එක් කඩුල්ල බැඟින් බෙදීගියා.

 

 

ඒ අනුව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට මෙවර තරඟාවලියේ 6 වන පරාජයත් හිමිකර දෙමින් ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම මෙම තරඟය ලකුණු 18කින් ජයග්‍රහණය කළ අතර තරඟයේ වීරයා සම්මානය දිනාගනු ලැබූයේ ශතකයක් ලබාගත් KL රාහුල් වේ.

KL රාහුල්ගේ විශිෂ්ට ඉනිම (වීඩියෝව)

 

 

දුශ්මන්ත චමීර ලබාගත් කඩුල්ල (වීඩියෝව)

 

 

දුශ්මන්ත චමීර රැකගත් උඩපන්දුව (වීඩියෝව) 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *