මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මෙවර තරඟාවලියේ 7 වන තරඟයත් පරාජයට පත්වෙයි.

(වීඩියෝ පහළින් නැරඹිය හැක) IPL තරඟාවලියේ 33 වන තරඟය ලෙස අද (21) පැවතී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම හා චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම අතර තරඟයෙන් කඩුලු 3ක තියුණු ජයක් වාර්ථා කිරීමට චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම සමත්වුණා.

 

 

තරඟයේ කාසියේ වාසිය දිනාගත් චෙන්නායි සුපර් කින්ග්ස් නායක රවින්ද්‍ර ජඩේඩා පලමුව පන්දු යැවීමට තීරණය කළ අතර, ඒ අනුව පලමුව පන්දුවට පහර දුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 7ක් දැවී ලකුණු 155 ලබා ගැනීමට සමත්විය.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Tilak Varma අර්ධ ශතකයක් ලබාගත් අතර ඔහු පන්දු 43 කදී හතරේ පහර 3ක් හා හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 51ක් ලබාගැනීමට සමත්විය.

 

 

ඊට අමතරව සූර්යකුමාර් යාදෙව් පන්දු 21 කදී හතරේ පහර 3ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 32ක් ලබාගත් අතර Hrithik Shokeen පන්දු 25කදී හයේ පහර 3ක් සමඟින් ලකුණු 25ක්ද ලබාගැනීමට සමත්වුණා. නායක රෝහිට් ශර්මා 0කට දැවීගිය අතර, ඉශාන් ක්‍රිශාන් පලමු පලමු පන්දුවෙන්ම ලකුණු නොලබා දැවීගියා.

 

 

පන්දු යැවීමේදී සුපිරි පන්දු යැවීමක නිරත වෙමින් මුකේෂ් චෞද්රී පන්දුවාර 3ක් අවසානයේදී ලකුණු 19කට කඩුලු 3ක් දවාගැනීමට සමත්විය. මුම්බායි ඉන්දියන්ස් ඉනිමේ පලමු කඩුලු තුන වන රෝහිට් ශර්මා, ඉශාන් ක්‍රිශාන් හා ඩෙවල්ඩ් බ්‍රෙවිස් යන ක්‍රීඩකයින් තිදෙනාම දැවීයාමට ලක්වූයේ මුකේෂ් චෞද්රීගේ පන්දු හමුවේ වේ.

 

 

ඊට අමතරව Dwayne Bravo පන්දුවාර 4 අවසානයේදී ලකුණු 36කට කඩුලු 2ක් බිඳ දැමූ අතර, Mitchell Santner හා මහීශ් තීක්ශණ ද එක් කඩුල්ල බැඟින් බෙදීගියේය.

අනතුරුව ලකුණු 156ක ඉලක්කයක් හඹායෑමට පිටියට පිවිසී ‍චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායමට පන්දුවාර නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 7ක් දැවී ලකුණු 156ක් ලබාගනිමින් තරඟයෙන් තියුණු ජයක් වාර්තා කිරීමට සමත්වුණා.

චෙන්නායි ඉනිම වෙන්වෙන් වැඩිම ලකුණු ලාභියා වූ අම්බටි රයිදු පන්දු පන්දු 35කදී හතරේ පහර 2ක් හා හයේ පහර 3ක් සමඟින් ලකුණු 40ක් ලබාගැනීමට සමත්විය.

 

 

ඊට අමතරව ආරම්භක පිතිකරු රොබින් උතප්පා පන්දු 25කදී හතරේ පහර 2ක් හා හයේ පහර 2ක් සමඟින් ලකුණු 30ක් හා Dwaine Pretorius පන්දු 14කදී ලකුණු 22ක් ලබාගත් අතර, අවසන් මොහොතේ වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ මහේන්ද්‍ර සිං දෝණි පන්දු 13කදී හතරේ පහර 3ක් හා එක් හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 28ක් ලබාගැනීමට සමත්විය.

 

 

පන්දු යැවීමේදී Daniel Sams පන්දුවාර 4 අවසානයේදී ලකුණු 30කට කඩුලු 4ක් බිඳ දැමූ අතර, Jaydev Unadkat ලකුණු 48කට කඩුලු 2ක් හා Riley Meredith ලකුණු 25කට එක් කඩුල්ලක් බිඳ දැමීට.

Ms දෝණි විසින් අවසන් පන්දු හතරේදි ලකුණු 16ක් ලබාගැනීමත් සමඟින් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට මෙවර තරඟාවලියේ 7වන පරාජයත් උරුම කර දෙමින් චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම කඩුලු 3කින් ජයගත් අතර, තරඟයේ වීරයා සම්මානය දිනාගනු ලැබූයේ විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ මුකේෂ් චෞද්රින් වේ.

 

මුකේෂ් චෞද්රි ලබාගත් කඩුලු තුන (වීඩියෝව)

මහේන්ද්‍ර සිං දෝණිගේ වේගවත් ඉනිම.(වීඩියෝව)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *