මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මෙවර තරඟාවලියේ 8වන තරඟයත් පරාජයට පත්වෙයි.
(වීඩියෝ එක පහළින් නැරඹිය හැක) 2022 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ 37 වන තරඟය ලෙස පැවතී ලක්නව් සුපර් ජයන්ට්ස් හා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අතර තරඟයෙන් ලකුණු 36ක ජයක් වාර්ථා කිරීමට ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම සමත්වුණා.
තරඟයේ කාසියේ වාසිය දිනාගත් මුම්බායි නායක රෝහිට් ශර්මා පලමුව පන්දු රැකීමට තීරණය කළ අතර, ඒ අනුව පලමුව පන්දුවට පහර දුන් ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 168ක් ලබාගැනීමට සමත්විය.
ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ නායක ලෝකේෂ්ද් රාහුල් විශිෂ්ට ශතකයක් රැස්කළ අතර ඔහු පන්දු 62කදී හතරේ පහර 12ක් හා හයේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 103ක් ලබාගැනීමට සමත්වුණා.
ලෝකේෂ් රාහුල් රැස්කර ගත් මෙම ශතකය මෙවර තරඟාවලියේදී ඔහු වාර්තා කළ 2වන ශතකය වන අතර, ශතක දෙකම මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එරෙහිව වාර්තා කිරීම විශේෂත්වයක්. මීට පෙර එලෙස එකම තරඟාවලියක් තුළ එකම කණ්ඩායමකට එරෙහිව ශතක දෙකක් ලබාගෙන ඇත්තේ විරාට් කෝලි පමණයි. (2016 දී ගුජරාට් ලයන්ස් කණ්ඩායමට එරෙහිව)
ඊට අමතරව Manish Pandey පන්දු 22කදී එක් හයේ පහරක් සමඟින් ලකුණු 22ක් ලබාගත් අතර ආරම්භක පිතිකරු ක්වින්ටන් ඩි කොක් පන්දු 9කදී ලකුණු 10ක් හා Ayush Badoni පන්දු 11කදී එක් හයේ පහරක් සමඟින් ලකුණු 14ක්ද ලබාගැනීමට සමත්විය.
පන්දු යැවීමේදී Kieron Pollard පන්දුවාර 2ක් අවසානයේදී ලකුණු 8කට කඩුලු 2ක් බිඳ දැමූ අතර, Riley Meredith ලකුණු 40කට කඩුලු 2ක් හා Daniel Sams, Jasprit Bumrah අතරේ එක් කඩුල්ල බැඟින්ද බෙදීගියා.
අනතුරුව ලකුණු 169ක ඉලක්කයක් හඹායෑමට පිටියට පිවිසී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20ක් අවසානයේදී කඩුලු 8ක් දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 132ක් පමණයි.
එහිදී, කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වූ නායක රෝහිට් ශර්මා පන්දු 31කදී හතරේ පහර 5ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 39ක් ලබාගැනීමට සමත්විය.
ඊට අමතරව යොවුන් ක්‍රීඩක Tilak Varma පන්දු 27කදී හතරේ පහර 2ක් හා හයේ පහර 2ක් සමඟින් ලකුණු 38ක් ලබාගත් අතර Kieron Pollard හට පන්දු 20කට මුහුණදෙමින් එක් හයේ පහරක් සමඟින් ලබාගැනීමට හැකිවූයේ ලකුණු 19ක් පමණයි. ඉශාන් ක්‍රිශාන් ලකුණු 8කට දැවී ගිය අතර ඩෙවල්ඩ් බ්‍රෙවිස් ලකුණු 3කටත්, සූර්යකුමාර් යාදෙව් ලකුණු 7කටත් දැවීගියේය.
පන්දු යැවීමේදී සුපිරි පන්දු යැවීමක නිරත වූ කෘනාල් පාන්ඩ්‍යා පන්දුවාර 4 අවසානයේදී ලකුණු 19කට කඩුලු 3ක් බිඳදැමූ අතර Ayush Badoni , Mohsin Khan, Jason Holder හා Ravi Bishnoi එක් කඩුල්ල බැඟින්ද දවාගැනීමට සමත්විය. දුශ්මන්ත චමීර හට කඩුලු ලබාගැනීමට නොහැකි වුවත්, ඔහුගේ පන්දුවාර 4 ලකුණු 14ක් පමණක් ලබාදී නිමා කිරීමට සමත්විය.
ඒ අනුව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට තරඟාවලියේ 8 වන පරාජයත් උරුම කර දෙමින් ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම තරඟය ලකුණු 36කින් ජයග්‍රහණය කර ප්‍රසාද ලකුණු සටහනේ හතරවන ස්ථානයට පැමිණීමට සමත්වූ අතර තරඟයේ වීරයා සම්මානය දිනාගනු ලැබූයේ ශතකයක් ලබාගත් ලෝකේෂ් රාහුල් වේ.
ලෝකේෂ් රාහුල්ගේ විශිෂ්ට ශතකය (වීඩියෝව)
දුශ්මන්ත චමීරගේ උඩපන්දු රැකීම (වීඩියෝව)