මුරලි කෙනෙක්, හේරත් කෙනෙක් මේ අතරින් බිහිවෙනවා නියතයි. – පියල් විජේතුංග
(ලසිත් මාලිංග විසින්, දුනිත් වෙල්ලාලගේ හට ලබාදුන් වටිනා ත්‍යාගයේ වීඩියෝව පහළින්ම නැරඹිය හැක)
ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර තරඟ 5කින් සමන්විත එක්දින තරඟාවලිය තරඟ 3-2ක් ලෙස ශ්‍රී ලංකාවට ජයගැනීමට හැකිවූ අතර, තරඟයෙන් අනතුරුව ලසිත් මාලිංග කළ වීඩියෝවකට ක්‍රීඩකයින් තරඟාවලිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ අතර, දුනිත් වෙල්ලාලගේ හට ලසිත් මාලිංග ත්‍යාගයක් ද ලබාදෙනු ලැබූවා.
මෙවර ශ්‍රී ලංකා කණ්ඩායම ලබාගත් තරඟාවලි ජයග්‍රහණය වසර 30කට පසු ශ්‍රී ලංකාවේදී ඕස්ට්‍රේලියාවට එරෙහිව ලැබූ තරඟාවලි ජයක් වන අතර, මෙම ජයග්‍රාහී කණ්ඩායමේ නායක දසුන් ශානක තරඟාවලිය සම්බන්ධයෙන් අදහස් දක්වා සිටියා.
ප්‍රථම වශයෙන් ලසිත් මාලිංග, දසුන් ශානක T20 තරඟයේදී ලබාගත් වේගවත් අර්ධ ශතකයට සුබපැතුම් එක් කළ අතර, ඒ ඉනිම සම්බන්ධයෙන් දසුන් ශානක ප්‍රකාශ කරන ලද්දේ මෙම තරඟාවලි ජය සඳහා එම ඉනිම ද හේතුවූ බවයි.
“ඕස්ට්‍රේලියාව ඉදිරියේ මේ වගේ හොඳින් ක්‍රීඩා කරන්න ඒ ඉනිම වැදගත් උනා කියලා මම හිතනවා. මොකද මේ වගේ හොඳ කණ්ඩායමක් ආවාම කවුරුහරි ක්‍රීඩකයෙක් හොඳ ඉනිමක් ගහලා නැඟීසිටින්න ඕනේ. ඊට පස්සේ අපේ ක්‍රීඩකයින් ශතක, අර්ධ ශතක ලබාගත්තා. කැප්ටන් කෙනෙක් විදිහට මට අවශ්‍ය දේවල් දැන් සිදුවෙනවා. එක්දින තරඟාවලිය ජයගැනීම ගැන නායකයෙක් විදිහට මම සාර්ථක වුණ කියලා හිතනවා.”

මෙම තරඟාවලි ජයග්‍රහණය නායකයෙක් විදිහට කණ්ඩායම මෙහෙය වීම සඳහා හිටපු පුහුණුකරුවන් සියලුම දෙනාගෙන් ලැබූ අත්දකීම් උදව් වූ බව දසුන් ශානක ප්‍රකාශ කළ අතර, තරඟාවලිය නැරඹීමට පැමිණී ප්‍රේක්ෂකයින් හට ස්තූතිය ද ප්‍රකාශ කර සිටියේ මෙලෙසින්,
“කණ්ඩායමක් විදිහට අපි ටිකෙන් ටික උඩට ඇවිල්ලා හොඳටම ක්‍රීඩා කළ තරඟාවලියක් ජයග්‍රහණයකින් නිමා කරන්න ලැබුණා. කණ්ඩායමේ ගොඩක්ම ක්‍රීඩා කලේ තරුණ ක්‍රීඩකයින්. මම මුලින්ම කණ්ඩායමට පැමිණෙද්දී මාලි අයියා තමයි නායකයා හිටියේ. එයාගෙන් වගේම ඊට පස්සේ හිටපු නායකයින්ගෙන් මම ගොඩාක් දේවල් ඉගෙනගත්තා. ඒ අත්දැකීම් මට මේ තරඟාවලියේදී ගොඩාක්ම උදව් වුණා.”
“ඇත්තටම කිව්වොත් මෙච්චර අමාරු කාලයකදී ප්‍රේක්ෂකයන් මේ වගේ විශාල ප්‍රමාණයක් පැමිණ අපිට සහයෝගයට දැක්වුණා ඒකනම් මාරයි. මම මීට කලින් මෙහෙම දැකලම නැහැ. ඒක ගොඩක්ම හදවතය දැනෙන දෙයක්. අපේ හැම ක්‍රීඩකයෙක්ටම මේ තරඟාවලිය දිනවලා දෙන්න උවමනාව තිබුණා. මේ විදිහටම හැමතරඟයකදීම ප්‍රේක්ෂකයින් අපට සහයෝගය ලබාදෙයි කියලා මම හිතනවා.”
මෙවර තරඟාවලිය ආරම්භයේදී ජාත්‍යන්තර එක්දින වරම් දිනාගත් වයස 19 ක් වන දුනිත් වෙල්ලාලගේ අවසානයේදී තරඟාවලියේ වීරයා සම්මානය ද දිනාගත් අතර, තරඟාවලිය අවසානයේදී ඔහු දැක්වූ අදහස,
“මුලින්ම නැශනල් ටීම් එකේ, 19න් පහළ ටීම් එකේ, ස්කූල් ක්‍රිකට් එකේ සියලුම පුහුණුකරුවන්ට හා කණ්ඩායමේ සිටින සියලුම ක්‍රීඩකයින්ට ස්තූති කරන්න ඕනේ. කණ්ඩායමේ අයියලා මට කිසිම වෙලාවක පීඩනයක් දැනෙන්න දුන්නේ නැහැ.”
“මම ආපු දවසේ ඉදන්ම මට එයාලා සපෝර්ට් කළා. ඒගොල්ලන්ගේ සපෝර්ට් එක නිසා තමයි මට අද තරඟාවලියේ වැඩිම කඩුලු ලාභියා වෙන්න පුලුවන් වුණේ. මට ගොඩාක් සතුටුයි වගේම ඉදිරියටත් රට වෙනුවෙන් හොඳින් ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා.”
මෙවර තරඟාවලියේ වීරයා සම්මානය තරඟාවලිය පුරාවට අර්ධ ශතක 2ක් ලබාගත් කුසල් මෙන්ඩිස් හට ලැබුණු අතර, ඔහුගේ සාර්ථකත්වය හේතුව, ප්‍රැක්ට්‍රිස් වලදී වෙනදාට වැඩියෙන් ප්‍රැක්ට්‍රිස් කිරීම බව ඔහු පවසා සිටියා.
“ඇත්තටම මට කණ්ඩායම වෙනුවෙන් මේ වගේ දස්කම් දක්වන්න පුලුවන් වීම ගැන ගොඩාක් සතුටු වෙනවා. මම ප්‍රැක්ට්‍රිස් වලදී කලින්ට වඩා වැඩිපුර දඟපන්දු යවන්නන්ට , වේගපන්දු යවන්නන්ට වැඩිපුර බැට් කළා. මම හිතනවා ඒක ප්‍රතිඵලයක් තමයි මේ දකින්න තියෙන්නෙ කියලා.”
මෙවර තරඟාවලියේදී ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙක්ගෙන් වාර්තා වූ දෙවන ශතකය ලෙස චරිත් අසලංක ජාත්‍යන්තර පිටියේ මංගල ශතකය ලබාගැනීමට සමත්වූ අතර, ඒ සම්බන්ධයෙන් හා තරඟාවලි ජයග්‍රහණය සම්බන්ධයෙන් චරිත් අසලංක දැක්වූ අදහස මෙන්න,
“මුලින්ම කියන්න ඕනේ අවුරුදු 30කට පස්සේ අපි වගේ තරුණ ක්‍රීඩකයින් ඉන්න කණ්ඩායමට මේ වගේ තරඟාවලියක් ජයගැනීමට හැකිවීම ගැන ගොඩාක්ම සතුටුයි. ඒකට මාලි අයියත් ගොඩක්ම අපිට උදව් කළා ඒකට ස්තූති වන්ත වෙන්න ඕනේ.”
“මගේ ශතකය ගැන කියනවානම් ඕස්ට්‍රේලියාවට එරෙහිව ලබාගැනීමට හැකිවීමත් ගොඩාක්ම සතුටක්. පලවෙනි ශතකය ලබාගන්න මම සීරිස් තුන හතරකම වගේ උත්සහ කළා. මේ තරඟාවලියේදී ඒක හැබෑ කරගන්න පුලුවන් වුණා. ඉස්සරටත් ශතක ලබාගෙන රට වෙනුවෙන් තරඟ දිනවන්න බලාපොරොත්තු වෙනවා.”
මෙවර තරඟාවලියේදීත් ලසිත් මාලිංග වේගපන්දු පුහුණුකරු ලෙස කටයුතු කළ අතර, අවසානයේදී චරිත් අසලංක ප්‍රකාශ කර සිටියේ ලසිත් මාලිංග දිගටම ඔවුන් සමඟින් සිටිනවානම් තමන් කැමතිවන බවයි.
“මාලි අයියගේ උදව්වත් අපිට ගොඩාක් වැදගත්, අපිට ගොඩාක් උපදෙස් ලබාදෙනවා. ඒක අපිට ගොඩාක් වටිනවා. මම හිතනවා මාලි අයියා දිගටම අපිත් එක්ක ඉදීවි කියලා.”
ශ්‍රී ලංකා කණ්ඩායමේ කාලයක් තිස්සේ සිට දඟපන්දු පුහුණුකරු ලෙස කටයුතු කරන පියල් විජේතුංග මහතා ප්‍රකාශ කරන ලද්දී තවත් අවුරුදු 4,5ක් යන විට මුරලි, හේරත් කෙනෙක් මෙම ක්‍රීඩකයින් අතරින් බිහිවන බවයි.
“මුරලිදරන් හා රංගන හේරත් පටන් ගත්තෙත් මේ වගේම තමයි. දැන් ඉන්න අලුත් සෙට් එකත් ඉන්නේ ඒ තැනම තමයි. ඔවුන්ගේ දක්ශතාවයේ කිසිම අඩුවක් නැහැ. තව අවුරුදු 4,5ක් විතර යද්දී තවත් මුරලි කෙනෙක්, රංගන කෙනෙක් මේ අතර බිහිවෙනවා නියතයි.”

මේ අතර, වයස 19ක් වන දුනිත් වෙල්ලාලගේ දස්කම් අගය කරමින් පියල් විජේතුංග දැක්වූයේ මෙවන් අදහසක්,
“අවුරුදු 19 ක්‍රීඩකයෙක් කෙලින්ම ජාතික කණ්ඩායම ආවේ ගොඩාක් කාලෙකට පස්සේ. මාවන් අතපත්තුලා , මහේල ජයවර්ධන වගේ ක්‍රීඩකයින් කිහිපදෙනෙක්ගෙන් කෙනෙක් තමයි දුනිත් වෙල්ලාලගේ කියන්නේ. දක්ශතාවය උපරිමයි. හැබැයි තව ගොඩාක් දුර යන්න තියනවා. ඔහු කවදාහරි කණ්ඩායමට ලොකු සේවයක් කරන ක්‍රීඩකයෙක් වෙනවා.”

අවසානයේදී ලසිත් මාලිංග විසින්, දුනිත් වෙල්ලාලගේ හට වටිනා ත්‍යාගයක් ලබාදුන් අතර එම ත්‍යාගය වූයේ, දුනිත් වෙල්ලාලගේ ජාත්‍යන්තර පිටියේ යැවූ පලමු පන්දුවයි. (එම පන්දුවට මුහුණදුන් ඒරන් ෆින්ච් , ඔහුගේ පලමු කඩුල්ල වන ස්ටීව් ස්මිත්, හා එදින විනිසුවන් ලෙස කටයුතු කළ කුමාර දර්මසේන හා රවීන්ද්‍ර විමලසිරි යන අයගේ අත්සන ද ඇතුළත් කර ඇත)
එම වීඩියෝව මෙන්න,
Malinga & Wellalage ?♥️ pic.twitter.com/ErCurCd5Ru
— Stay Cricket (@staycricket) June 26, 2022