මුල අමතක වූ බුම්රාට, මහේල ජයවර්ධනගෙන් පිළිතුරක්.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලි ඉතිහාසයේ සාර්ථකම කණ්ඩායම් අතරින් පලමු තැන හිමි කරගන්නා Mumbai Indians කණ්ඩායම සැමටත් කලින් මෙවර තරඟාවලිය සඳහා පුහුණුවීම් ආරම්භක කළ තිබූ අතර, පසුගිය ඉන්දියා – ශ්‍රී ලංකාව අතර ටෙස්ට් තරඟාවලියෙන් අනතුරුව රෝහිට් ශර්මා හා Jusprit Bumrah ද මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමඟින් පුහුණුවීම් ආරම්භක කර තිබුණා.

 

ඒ අනුව හයවැනි IPL ශූරතාව හඹා යන Mumbai Indians හි ජයග්‍රහණය සඳහා අනිවාර්යයෙන්ම තීරණාත්මක සාධකයක් බවට පත්විය හැකි වේගපන්දු යවන ක්‍රීඩක Jasprit Bumrah නිමාවූ ටෙස්ට් තරඟයේදී පන්දු යැවීමේ සාර්ථකත්වය කෙරෙහි මේ වන විට බොහෝ දෙනෙකු තම අවධානය යොමු කරගෙන සිටියි.

නිමාවූ වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලානය අතරතුරේදී දී ‘පුංචි AB’ යන අන්වර්ථ නාමයෙන් ක්‍රිකට් ප්‍රජාවගේ අවධානය දිනා ගැනීමට සමත් වූ යොවුන් දකුණු අප්‍රිකානු ක්‍රීඩක Dewald Brevis ඉතාමත් උනන්දුවෙන් තම පුහුණුවීම් කටයුතුවල නිරත වන ආකාරය මුම්බායි ඉන්දියන්ස් සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ පළකර තිබූ විඩියෝ පට කිහිපයක දී ම දැක ගැනීමේ හැකි වුණා.

ඔහු Jasprit Bumrahගේ අතිවේගවත් පන්දුවලට පහසුවෙන් පහරවල් එල්ල කරන ආකාරයද එම වීඩියෝ පටවල සටහන්ව තිබුණා.

 

 

මෙහි දී තරමක හාස්‍යජනක සිදුවීමක් කැමරා කාචයේ සටහන්ව තිබුණේ දකුණු අප්‍රිකානු යොවුන් ක්‍රීඩක Brevis එක් අන්තයක පන්දුවට පහර දෙමින් සිටි අවස්ථාවේ දී අනෙක් අන්තයේ රැඳී සිටි අත්දැකීම් බහුල Kieron Pollard ඔහුව දිරි ගන්වමින් බුම්රාගේ පන්දුවලට එරෙහිව පන්දුවට පහර දීමට සූදානම් කිරීමට දැරූ උත්සාහයන් අතරතුර දීයි.

 

 

එහි දී Pollardගේ දිරි ගැන්වීම සම්බන්ධයෙන් අදහස් පළකරමින් බුම්රා පවසා තිබුණේ, තමන් ආධුනිකයෙකු ලෙස කණ්ඩායමට එක්වූ සමයේ අනෙක් අන්තයෙන් තමන් දිරි ගැන්වීම සඳහා මේ අයුරින් කිසිවෙකුත් නොසිටී බවයි. නමුත් මෙම සංවාදය කෙරෙහි අවධානය යොමු කරගෙන සිටි මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මහේල ජයවර්ධන මහතා සිනහ මුසු මුහුණින් ඊට පිළිතුරු ලෙස පවසා සිටියේ මෙවන්නක්,.

 

 

“ඒ දවස්වල ඔයාට අනෙක් අන්ත‍යෙන් සහය දක්වන්න ලසිත් මාලිංග සිටියා. මම හිතන්නේ ඔබට තවම ඒ ගැන අවබෝධ වෙලා නැහැ.” මෙම ප්‍රකාශය ඇසුණු මොහොතේ දී පුහුණුවීම් කටයුතුවල යෙදී සිටි ක්‍රීඩකයින් සියලු දෙනාම සිනහවකින් එම කියමන සනාථ කර සිටියේ බුම්රාට නිසි පිළිතුරුක් ලබා දෙමිනි.

තවමත් ජාත්‍යන්තර තරග බිමට පා තැබීමට අපේක්ෂාවෙන් පසුවන යොවුන් ප්‍රහාරාත්මක පිතිකරුවෙකු වන Dewald Brevis නිමාව දුටු වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලියේ දී පෙරළිකාර දක්ෂතා රැසක් ප්‍රදර්ශනය කරමින් තරගාවලිය අවසන් කළේ එම තරගාවලි ඉතිහාසයේ එදා මෙදාතුර එක් අදියරක දී වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කළ පිතිකරුවා වීමේ වාර්තාව ද තමන් සතු කරගනිමිනි.

 

 

තම ක්‍රිකට් දිවියේ අලුත්ම පරිච්ඡේදයක ආරම්භය සනිටුහන් කරමින් IPL තරගාවලිය සමඟ එක්ව සිටින “පුංචි AB” Brewis මෙතෙක් MI කඳවුරේ දී බෙදාහදා ගත් අත්දැකීම් පිළිබඳව අදහස් දක්වා සිටියේ මේ අයුරින්.

“රෝහිත් ශර්මා වගේ සුපිරි පිතිකරුවෙකු මෙන්ම නායකයෙකු යටතේ ක්‍රීඩා කරන්න ලැබීමම මට ලොකු භාග්‍යයක්. ඔහු පන්දු යවන්නන්ට පහරදෙන ආකාරයට මම ගොඩාක් ප්‍රිය කරනවා. ඔහු ICC ශ්‍රේණිගත කිරීම් වල ඉහළට ආ ගමන්මඟ ඉතාමත් විශිෂ්ටයි. ඊට අමතරව බුම්රා , ආචර් වැනි සුපිරි පන්දු යවන්නන් දෙදෙනෙක් සමඟ එකම කණ්ඩායමක ක්‍රීඩා කරන්න අවස්ථාව ලැබීමත් හරිම කලාතුරකින් සිදුවන්නක්.”

 

 

“බුම්රා කියන්නේ කොයි තරම් තර්ජනාත්මක පන්දු යවන්නෙක්ද කියලා මම දැකලා තියනවා. Supersport Park ක්‍රීඩාංගණයේ පැවැත්වුණ දිවා – රාත්‍රි ටෙස්ට් තරඟය මට සජීවීව නරඹන්න අවස්ථාවක් ලැබුණා. එදා මට මගේ ඇස් දෙකටම දකගන්න පුලුවන් වුණා බුම්රා කියන්නේ මොන වගේ වේගපන්දු යවන්නෙක්ද කියන එක. පුහුණුවීම් වලදී මම ඔහුගේ පන්දුවලට මුහුණදෙන්න ඉතාමත් කැමතියි”

 

 

මේ වන විට 2022 IPL තරඟාවලිය ආරම්භ වී ඇති අතර පවත්වා ඇති තරඟ 6න් , රාජස්ථාන් රෝයල්ස් , දිල්ලි කැපිටල්ස්, පන්ජාබ් කින්ග්ස් , ගුජරාට් ටයිටන්ස්, කොල්කටා නයිට් රයිඩර්ස් හා රෝයල් චැලන්ජර්ස් බැංගලෝර් තරඟ එක බැඟින් ජයග්‍රහණ කර ඇත.

වනිඳු හසරංගේ සුපිරි පන්දු යැවීමේ වීඩියෝව මෙතනින් බලන්න. (ලකුණු 20කට කඩුලු 4ක්) – Click

දුශ්මන්ත චමීරගේ සුපිරි පන්දු යැවීම මෙතනින් බලන්න – Click

Leave a Reply

Your email address will not be published. Required fields are marked *