මෙතෙක් ඉනිමක වැඩිම ලකුණු ලබාගත් කණ්ඩායම් ලැයිස්තුව බංගලාදේශය කණ්ඩායම අංක එකට.

2021 විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ මූලික වටයේ තරඟ මේ වන විට පැවැත්වෙන අතර අද (21) තරඟාවලියේ 9 වෙනි තරඟය ලෙස බංගලාදේශය හා පැපුවානිව්ගිනියාව අතර තරඟය විශිෂ්ට ලෙස ජයග්‍රහණය කිරීමට බංගලාදේශ කණ්ඩායම සමත් විය.

 

 

තරඟයේ කාසියේ වාසිය දිනාගත් බංගලාදේශ නායකයා පලමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 7කට ලකුණු 181ක් ලබාගැනීමට සමත් වුණා.

 

 

බංගලාදේශ කණ්ඩායම ලබාගත් මෙම ලකුණු 181 මෙවර ලෝක කුසලානයේ මෙතෙක් පැවතී තරඟ වලදී කණ්ඩායමක් විසින් ලබාගත් ඉහළම ලකුණු සංඛයාවයි. මීට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව පන්දුවාර 20 අවසානයේදී ලකුණු 171ක් ලබාගනිමින් වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබාගත් කණ්ඩායම බවට පත්වී සිටි නමුත්, බංගලාදේශ කණ්ඩායම වාර්ථා කළ ලකුණු 181 හේතුවෙන් මෙවර  ලෝක කුසලානයේදී මෙතෙක් පැවතී තරඟ වලදී ඉනිමක වැඩිම ලකුණු ලබාගෙන ඇති කණ්ඩායම් ලැයිස්තුවේ ශ්‍රී ලංකාවට දෙවෙනි ස්ථානය දක්වා පසුබැසීමට සිදුවුණා.

 

 

තරඟ 9ක් අවසානයේ ඉනිමක වැඩිම ලකුණු ලබාගෙන ඇති කණ්ඩායම්

 

1 ) බංගලාදේශය – ලකුණු 181/7  Vs පැපුවානිව්ගිනියාව

 

2) ශ්‍රී ලංකාව – ලකුණු 171/7  Vs අයර්ලන්තය

 

3) නැමීබියාව – ලකුණු 166/4  Vs නෙදර්ලන්තය

 

4) ස්කොට්ලන්තය – ලකුණු 165/9  Vs පැපුවානිව්ගිනියාව

 

5) නෙදර්ලන්තය – ලකුණු 164/4  Vs නැමීබියාව

 

 

මේ අතර ඊයේ (20) දිනය නිමාවන විට තරඟාවලියේ මෙතෙක් වැඩිම කඩුලු ලාභීන් අතර කඩුලු 6ක් දවාගෙන සිටි මහීශ් තීක්ශණ පලමු ස්ථානයේ සිටි අතර, අද (21) පැවතී බංගලාදේශය හා පැපුවානිව්ගිනියාව අතර තරඟයේදී ශකිබ් අල් හසන් විසින් කඩුලු 4ක් දවා ගැනීම හේතුවෙන් තරඟ 3ක් අවසානයේදී කඩුලු 9කට හිමිකම් කියන ශකිබ් වැඩිම කඩුලු ලාභීන් අතර පලමු ස්ථානයට පත්වීමට ද සමත් විය.

 

 

ශ්‍රී ලංකාව සහභාගි වන මීලඟ තරඟය නෙදර්ලන්තයට එරෙහිව හෙට (22) පැවැත්වීමට නියමිත අතර තරඟය සජීවීව නැරඹිය හැකි ආකාරය දැනගැනීමට මෙතන Click කරන්න. (See more) 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *