මෙන්ඩිස්, පැතුම්, ඩැනී, භානුක ශ්‍රී ලංකාවට ජයගෙන එයි.

(වීඩියෝ පහළින් නැරඹිය හැකිය) 2022 ආසියානු කුසලාන තරඟාවලිය සුපිරි හතරදෙනාගේ වටයේ පලමු තරඟය ලෙස පැවතී ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්තානය අතර තරඟයෙන් කඩුලු 4ක විශිෂ්ඨ ජයක් ලබාගැනීමට දසුන් ශානක ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.

 



තරඟයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක, පලමුව පන්දු යැවීමට තීරණය කළ අතර, ඒ අනුව පලමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 175ක් ලබාගැනීමට සමත්විය.

බංග්ලාදේශ ඉනිම වෙනුවෙන් සුපිරි ඉනිමක් ක්‍රීඩා කරමින්  වැඩිම ලකුණු ලාභියා වූ ආරම්භක පිතිකරු Rahmanullah Gurbaz පන්දු 45කදී හතරේ පහර 4ක් හා හයේ පහර 6ක් සමඟින් ලකුණු 84ක් ලබාගැනීමට සමත්විය.

 



ඊට අමතරව, Ibrahim Zadran පන්දු 38කට මුහුණදෙමින් හතරේ පහර 2ක් හා එක් හයේ පහක් සමඟින් ලකුණු 40ක් ලබාගත් අතර, Najibullah Zadran පන්දු 10කදී ලකුණු 17ක් හා Hazratullah Zazai ලකුණු 13ක් ද ලබාගැනීමට සමත්වුණා.

 



පන්දු යැවීමේදී, නවක ක්‍රීඩක ඩිල්ශාන් මධුසංක පන්දුවාර 4 අවසානයේදී ලකුණු 37 කට කඩුලු 2ක් දවාගැනීමට සමත්වූ අතර, මහීශ් තීක්ශන ලකුණු 29කට එක් කඩුල්ලක් හා අසිත ප්‍රනාන්දු ලකුණු 34කට එක් කඩුල්ලක් ද බිඳ දැමීමට සමත්විය.

ඉන් අනතුරුව ලකුණු 176ක දැවැන්ත ඉලක්කයක් හඹායෑම සඳහා පිටියට පිවිසී ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19.1ක් අවසානයේදී කඩුලු 6ක් පමණක් දැවී ලකුණු 179ක් ලබානිමින් තරඟය විශිෂ්ඨ ලෙස ජයගැනීමට සමත්විය.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් පන්දු 19කදී හතරේ පහර 2ක් හා හයේ පහර 3ක් සමඟින් වේගවත් ලකුණු 36ක් ලබාගැනීමට සමත්වුණා.

 



ඊට අමතරව ශ්‍රී ලංකා ජයග්‍රහණය පහසුකළ භානුක රාජපක්ෂ පන්දු 14කදී වේගවත් ලකුණු 31ක් ලබාගත් අතර, පැතුම් නිස්සංක පන්දු 28කදී ලකුණු 35ක් හා දනුශ්ක ගුණතිලක පන්දු 20කදී හතරේ පහර 2ක් හා හයේ පහර 2ක් සමඟින් ලකුණු 33ක් ද ලබාගැනීමට සමත්විය.

 



පන්දු යැවීමේදී Mujeeb Ur Rahman ලකුණු 30කට කඩුලු 2ක් හා, Naveen Up Haq පන්දුවාර 4ක් අවසානයේදී ලකුණු 40කට කඩුලු 2ක් දවාගත් අතර, රශීඩ් ඛාන් හා මොහොමඩ් නබී එක් කඩුල්ල බැඟින් ද දවාගැනීමට සමත්විය.

ඒ අනුව, සුපිරි හතරදෙනාගේ වටයේ පළමු තරඟයෙන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම පරදා කඩුලු 4ක විශිෂ්ඨ ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වූ අතර, තරඟයේ වීරයා සම්මානය දිනාගනු ලැබූයේ පරාජිත ඇෆ්ගනිස්තාන් කණ්ඩායමේ ක්‍රීඩක Rahmanullah Gurbaz වේ.

 



දනුශ්ක ගුණතිලක හා රශීඩ් ඛාන් අතර ඇතිවූ ආරවුල හා, ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ වේගවත් පිතිහරඹය (Highlights) වීඩියෝව මෙන්න.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *