මෙල්බර්න් ස්ටාර්ස් හමුවේ, පර්ත් ස්කෝචර්ස් කණ්ඩායමට විශිෂ්ට ජයක්.

මෙවර බිග් බෑශ් ක්‍රිකට් ලීගයේ 44 වන තරඟය ලෙස පැවතී ඔස්ට්‍රේලියාවේ ජිලෝන්ග්හි පැවැති පර්ත් ස්කෝචර්ස් හා මෙල්බර්න් ස්ටාර්ස් යන කණ්ඩායම් දෙක අතර තරඟයෙන් ලකුණු 47ක විශිෂ්ට ජයක් වාර්ථා කිරීමට පර්ත් ස්කෝචර්ස් කණ්ඩායම සමත් වුණා. (වීඩියෝව පහළින් නැරඹිය හැක)

 

තරඟයේ කාසියේ වාසිය දිනාගත් පර්ත් ස්කෝචර්ස් කණ්ඩායම පලමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර, ඒ අනුව පලමුව පන්දුවට පහර දුන් පර්ත් ස්කෝචර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 196ක් ලබාගැනීමට සමත් විය.

පර්ත් ස්කෝචර්ස් කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ Laurie Evans පන්දු 46කදී හතරේ පහර 2ක් හා හයේ පහරවල් 5ක් සමඟින් ලකුණු 69ක් ලබාගැනීමට සමත් විය.

 

ඊට අමතරව නායක Aaron Hardie පන්දු 26කදී හතරේ පහර 3ක් හා හයේ පහරවල් 3ක් සමඟින් නොදැවී ලකුණු 47ක් ලබාගැනීමට සමත් වූ අතර, ආරම්භක පිතිකරු Nick Hobson පන්දු 36කදී හතරේ පහර 6ක් සමඟින් ලකුණු 46ක් ද ලබාගැනීමට සමත් විය.

 

පන්දු යැවීමේදී මෙල්බර්න් ස්ටාර්ස් කණ්ඩායමේ Haris Rauf කඩුලු දෙකක් හා Adam Zampa එක් කඩුල්ලක් ද දවාගැනීමට සමත්විය.

අන් අනතුරුව ලකුණු 197ක දැවැන්ත ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසී මෙල්බර්න් ස්ටාර්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 9ක් දැවී ලබාගැනීමට හැකි වූයේ ලකුණු 149ක් පමණි.

මෙල්බර්න් ස්ටාර්ස් කණ්ඩායමට වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ ආරම්භක පිතිකරු Beau Webster පන්දු 47කදී හතරේ පහර 7ක් හා හයේ පහරවල් 2ක් සමඟින් ලකුණු 63ක් ලබාගැනීමට සමත් වු, නමුත් අන් කිසිඳු ක්‍රීඩකයෙකුට සාර්ථක වීමට පර්ත් ස්කෝචර්ස් කණ්ඩායමේ පන්දු යවන්නන් ඉඩ ලබාදුන්නේ නැහැ.

 

පන්දු යැවීමේදි පර්ත් ස්කෝචර්ස් කණ්ඩායමේ ක්‍රීඩක Matthew Kelly සුපිරි පන්දු යැවීමක නිරත වූ අතර ඔහුගේ පන්දුවාර 4 අවසානයේදී ලකුණු 25 කට කඩුලු 4ක් දවාගැනීමට සමත් විය.

 

ඊට අමතරව, Jason Behrendorff, Peter Hatzoglou, Andrew Tye, Ashton Agar අතරේ ද එක් කඩුල්ල බැඟින් බෙදී ගියේය.

ඒ අනුව, මෙම තරඟය ලකුණු 47කින් ජයග්‍රහණය කිරීමට පර්ත් ස්කෝචර්ස් කණ්ඩායම සමත්වූ අතර, තරඟයේ වීරයා සම්මානය දිනාගැනීමට සමත් වූයේ පන්දු 46කදී ලකුණු 69ක් ලබාගත් Laurie Evans වේ.

 

තරඟයේදී මෙල්බර්න් කණ්ඩායමේ හැරිස් රවුෆ් විසින් කර්ටිස් පැටර්සන්ගේ කඩුල්ල දවා ගැනීමෙන් අනතුරුව එය සැමරූ ආකාරය මේ වන විටත් ලොව පුරා බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගෙන අවසන්. (එම වීඩියෝව මෙන්න)

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *