මෙවර ආසියා කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කරයි.
16 වන වරටත් පැවැත්වීමට නියමිත ආසියා කුසලාන තරඟාවලිය මෙවර පන්දුවාර 20 තරඟ වලින් යුක්තව, අගෝස්තු 27 වන දින සිට සැත්තැම්බර් මස 11 දක්වා තරඟ 13කින් යුක්තව පැවැත්වීමට නියමිතව තිබෙනවා.
මෙවර තරඟාවලිය සඳහා කණ්ඩායම් 6ක් සහභාගි වන අතර, මේ වන විට ප්‍රධාන කණ්ඩායම් 5 ම, තමන්ගේ සංචිත නම් කර තිබෙනවා.
තරඟාවලියේ ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මඟින් නිළ වශයෙන් නිකුත්කර ඇති අතර, සංචිතය සඳහා ක්‍රීඩකයින් 20 දෙනෙක් ඇතුළත් කරගෙන තිබෙනවා.
ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දසුන් ශානක වන අතර, උපනායකත්වය ලබාදී ඇත්තේ චරිත් අසලංකටයි. මෙම සංචිතය සඳහා කඩුලු රකින්නන් තිදෙනෙකු නම් කර ඇති අතර එම ක්‍රීඩකයින් වන්නේ දිනේශ් චන්දිමාල් , භානුක රාජපක්ෂ හා කුසල් මෙන්ඩිස් වේ.
මෙම 20 දෙනෙකුගෙන් යුත් සංචිතය සඳහා වේගපන්දු යවන ක්‍රීඩකයින් වන බිනුර ප්‍රනාන්දු හා කසුන් රාජිත නම් කළ තිබුණද, නිමාවූ SLC Invitational T20 ලීග් තරඟාවලිය අතරතුරේදී ඔවුන් ආබාධයකට ලක්වීම හේතුවෙන් ඒ වෙනුවට අසිත ප්‍රනාන්දු හා ප්‍රමෝද් මදුශාන් නම් කර ඇති බවට ක්‍රිකට් ආයතනය මඟින් නිවේදනය කර තිබෙනවා.
SLC Invitational T20 League තරඟාවලිය අතරතුරේදී දස්කම් දැක්වූ අශේන් බන්ඩාර නැවතත් ශ්‍රී ලංකා සංචිතයට කැඳවා ඇති අතර, දනංජය ද සිල්වා ද T20 සංචිතයට කැඳවා තිබෙනවා.
කෙසේ නමුත්, ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවතී එක්දින තරඟ 5කින් යුත් තරඟාවලියේ දී වැඩිම කඩුලු ලාභියා වූ දුනිත් වෙල්ලාලගේ මෙම තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතයට නම් කර නොමැති අතර, ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක නිරෝශන් දික්වැල්ල ද සංචිතයට ඇතුලත් කර නැත.
මෙවර ආසියා කුසලානය සඳහා අවිශ්ක ප්‍රනාන්දු හා කුසල් ජනිත් පෙරේරාට ද ක්‍රීඩාකිරීමට නොහැකි වන අතර, ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාරටද මෙම තරඟාවලිය අහිමිවී තිබෙනවා.
තවද, නිමාවූ SLC Invitational T20 League තරඟාවලිය අතරතුරේදී දුශ්මන්ත චමීර ද ආබාධයකට ලක්වීම හේතුවෙන්, ඔහු ආසියා කුසලානය ක්‍රීඩා කිරීම ද අවිනිශ්චිත තත්වයක සිටින බව ද සඳහන් වෙනවා.
ඒ අනුව, ක්‍රීඩකයින් 20න් යුත් ශ්‍රී ලංකා සංචිතය මෙන්න,
1) දසුන් ශානක (නායක)
2) චරිත් අසලංක (උප නායක)
3) දිනේෂ් චන්දිමාල්
4) ධනුෂ්ක ගුණතිලක
5) පැතුම් නිස්සංක
6) කුසල් මෙන්ඩිස්
7) භානුක රාජපක්ෂ
8) අෂේන් බණ්ඩාර
9)ධනංජය ද සිල්වා
10) වනිඳු හසරංග
11) මහීෂ් තීක්ෂණ
12) ජෙෆ්රි වැන්ඩසේ
13) ප්‍රවීන් ජයවික්‍රම
14) දුෂ්මන්ත චමීර
15) චාමික කරුණාරත්න
16) ඩිල්ෂාන් මදුශංක
17) මතීෂ පතිරණ
18) නුවනිඳු ප්‍රනාන්දු
19) අසිත ප්‍රනාන්දු
20) ප්‍රමොද් මදුශාන්.