මෙවර තරඟ්‍යාවලියේ ක්‍රීඩකයින් හට ලැබුණු සම්මාන හා ත්‍යාග මුදල්.

2022 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ අවසන් මහා තරඟය ඊයේ (29) ඊයේ දිනයේ නිමාවූ අතර අවසන් මහා තරඟයේදී තරඟ වැදුනු රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පරදවමින් කඩුලු 7ක විශිෂ්ට ජයක් ලබාගැනීමට ප්‍රබල ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමත්වුණා.

 

 

තරඟාවලියට තරඟ 74ක් පැවැත්වූ අතර මෙවර තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 5 දෙනෙකු ක්‍රීඩා කළ අතර, මහේල ජයවර්ධන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකාරීත්වය හා අවසන් මහා තරඟයේදී පරාජයට පත්වෙමින් මෙවර අනුශූරයින් වු රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ක්‍රිකට් අධ්‍යක්ෂක හා පුහුණුකරු ලෙස කුමාර සංගක්කාර හා වේගපන්දු පුහුණුකරු ලෙස ලසිත් මාලිංග කටයුතු කරනු ලැබුවා.

 

 

මෙවර තරඟාවලිය සඳහා අලුතින්ම එකතු වූ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අවසානයේදී ශූරතාවය දිනාගත් අතර, ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම තරඟාවලියේ 4 වන ස්ථානය දිනාගැනීමට සමත්වුණා.

අවසන් මහා තරඟයේදී ශූරතාවය දිනාගත් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට ත්‍යාගි මුදල් ලෙස ඉන්දීය රුපියල් කෝලි 20ක් ලැබුණ අතර, අනුශූරතාවය දිනාගත් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට ඉන්දීය රුපියල් කෝටි 12.5ක් ලැබිණි.

 

 

අවසන් මහා තරඟයේදී පිත්තෙන් මෙන්ම පන්දුවෙන් ද දස්කම් දක්වමින් තරඟයේ වීරයා සම්මානය දිනාගත් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමේ නායක හර්දික් පාන්ඩ්‍යා තුන් ඉරියව්වෙන්ම දැක් වූ සුවිශේෂී දක්ෂතා හේතුවෙන් ඉන්දීය රුපියල් ලක්ෂ 5ක මුදලක් ලැනුණා. (පිත්තෙන් ලකුණු 34 / පන්දුවෙන්  3/17)

 

 

මෙවර තරඟාවලියේ නැගී එන ක්‍රීඩකයා සම්මානය දිනාගනු ලැබුයේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ 22 හැවිරිදි උම්රාන් මලික් වේ. ඒ වෙනුවෙන් ඔහුට ලැබුණු ත්‍යාග මුදල ඉන්දීය රුපියල් ලක්ෂ 10ක්.

 

මෙවර තරඟාවලියේ ක්‍රීඩකයින් දැක්වූ දස්කම් සඳහා ලැබුණු ත්‍යාග මුදල් වලින් වැඩිම මුදලක් ලබාගැනීමට හැකිවූයේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ක්‍රීඩක ජෝස් බට්ලර් වේ.

 

 

තරඟාවලියේ වැඩිම හයේ පහර සංඛ්‍යාවකට හිමිකම් කියමින් තරඟාවලිය පුරා හයේ පහර 45ක් එල්ල කළ ජෝස් බට්ලර් ඉන්දීය රුපියල් ලක්ෂ 10ක මුදලක් හිමිකරගත්තා.

තරඟාවලියේ වැඩිම හතරේ පහර සංඛ්‍යාවකට හිමිකම් කියන ත්‍යාගි මුදල් ද ලබාගනු ලැබුයේ ජෝස් බට්ලර් විසිනි. ඔහු තරඟාවලියේ හතරේ පහර 83ක් එල්ල කර ඇති අතර ඒ හේතුවෙන් ඔහුට ඉන්දීය රුපියල් ලක්ශ 10ක මුදලක් හිමිවූවා.

 

 

තරඟාවලියේ හොඳම ප්‍රහාරාත්මක වේගයක් හිමි පිතිකරුවාට ලබාදෙන Super Striker සම්මානය දිනාගනු ලැබූයේ රෝයල් චැලන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ ක්‍රීඩක දිනේශ් කාර්තික් වේ. ඔහු 183.33 ක ප්‍රහාරාත්මක වේගයක් රඳවාගනිමින් පන්දුවට පහරදුන් අතර ඒ සඳහා TATA punch මෝටර් රථය හිමිවිය.

 

 

ඊට අමතරව පවර්ප්ලේ අවසානයේදී ක්‍රීඩකයින් දැක්වූ දක්ශතාවයට ලබාදෙන Powerplayer සම්මානය දිනාගනු ලැබුයේ නැවතත් ජෝස් බට්ලර් වේ. ඔහුට ඒ වෙනුවෙන් ඉන්දීය රුපියල් ලක්ෂ 10ක් ලැබිණි.

තරඟාවලියේ වේගවත්ම පන්දුවට හිමි ඉන්දීය රුපියල් ලක්ෂ 10ක ත්‍යාගි මුදල මෙවර ලබාගැනීමට හැකිවූයේ ගුජරාට් ටයිටන්ස් ක්‍රීඩක ලොකී ෆර්ගසන් වේ. ඔහු අවසන් මහා තරඟයේදී රාජස්ථාන් කණ්ඩායමට එරෙහිව පැයට කිලෝමීටර් 157.3ක වේගයකින් පන්දුවක් යොමුකරනු ලැබූවා.

 

 

මෙවර තරග වාරයට අදාළ ජීව ගුණයට හිමි සම්මානය හෙවත් Fairplay සම්මානය දිනා ගැනීමට ගුජරාට් ටයිටන්ස් හා රාජස්ථාන් රෝයල්ස් යන කණ්ඩායම් සමත් විය.

මෙවර තරඟාවලියේ GameChanger සම්මානය දිනාගනිමින් තවත් ඉන්දීය රුපියල් ලක්ෂ 10ක මුදලක් හිමිකර ගත්තේ ජෝස් බට්ලර් විසිනි.

 

 

තරඟාවලියේ වැඩිම කඩුලු ලාභියාට හිමි Purple Cap එක ලබාගැනීමට හැකිවූයේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ක්‍රීඩක යුස්වේන්ද්‍ර චහාල් වේ. ඔහු තරඟාවලියේ තරඟ 17කදී කඩුලු 16ක් ලබාගැනීමට සමත්විය. ඒ සඳහා ඔහුට ඉන්දීය රුපියල් ලක්ෂ 10ක මුදලක් හිමිවුණා.

 

 

තරගාවලියේ වැඩිම ලකුණු ලබාගත් ක්‍රීඩකයා වනියේ ජෝස් බට්ලර් වේ. ශතක හතරක් හා හතරේ පහර 4ක් ක් ද සමඟින් ඔහු ලකුණු 863ක් ලබාගත් අතර ඒ වෙනුවෙන් ඔහුට ඉන්දීය රුපියල් ලක්ෂ 10ක මුදලක් හිමිවිය.

 

 

තරගාවලියේ හොදම උඩ පන්දුව රැක ගැනීමට හිමි සම්මානය ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමේ එවින් ලුවිස් විසින් දිනා ගනු ලැබීය.  ඒ සඳහා ත්‍යාග මුදල් ලෙස ඔහුට ඉන්දීය රුපියල් ලක්ෂ 10 ක මූල්‍ය ත්‍යාගයක් ලැබිණි.

අවසාන වශයෙන් මෙවර තරගාවලියේ වටිනාම ක්‍රීඩකයාට හිමි සම්මානයෙන් දිනාගනු ලැබුවේ ද රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ක්‍රීඩක ජොස් බට්ලර් වේ. ඒ වෙනුවෙන් ද ඔහුට තවත් ඉන්දීය රුපියල් ලක්ෂ 10 ක මූල්‍ය ත්‍යාගයක් ලැබිණි.

 

 

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් හට මෙවර සම්මාන හා ත්‍යාගි මුදල් නොලැබුණ අතර අවසන් මහා තරඟයේදී යුස්වේන්ද්‍ර චහාල් කඩුල්ලක් දවාගැනීම හේතුවෙන් වනිඳු හසරංග හට හිමිව තිබූ වැඩිම කඩුලු සංඛ්‍යාවකට හිමි සම්මානය තමන් සතු කරගැනීමට යුස්වේන්ද්‍ර චහාල් සමත්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *