මෙවර තරඟාවලියේ චෙන්නායි බ්‍රේව්ස් කණ්ඩායම කණ්ඩායමට පලමු ජය වාර්ථා කරයි.
අබුඩාබි T10 ලීග් තරඟාවලියේ 26වන තරඟය ලෙස අද (29) පැවතී Chennai Braves කණ්ඩායම හා Northern Warriors කණ්ඩායම අතර තරඟයෙන් කඩුලු 10ක විශිෂ්ට ජයක් වාර්ථා කිරීමට Chennai Braves කණ්ඩායම සමත් වුණා.
තරඟයේ කාසියේ වාසිය දිනාගත් Chennai Braves කණ්ඩායම පලමුව පන්දු යැවීමට තීරණය කළ අතර, ඒ අනුව පලමුව පන්දුවට පහර දුන් Northern Warriors කණ්ඩායම පන්දුවාර 0.5ක් අවසානයේදී සියලු දෙනාම දැවී ලකුණු 108ක් ලබාගැනීමට සමත් වුණා.
ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ උපුල් තරංග වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 14කදී හතරේ පහර 7ක් සමඟින් ලකුණු 32ක් ලබාගැනීමට සමත්විය.
ඊට අමතරව Rovman Powell පන්දු 12කදී හයේ පහර 4ක් සමඟින් ලකුණු 31ක් ලබාගැනීමට සමත් වූ අතර, ආරම්භක පිතිකරු Moeen Ali පන්දු 15කදී හතරෙ පහරක් හා හයේ පහර දෙකක් සමඟින් ලකුණු 25ක් ලබාගැනීමට සමත් විය.
පන්දු යැවීමේදී Chennai Braves කණ්ඩායම වෙනුවෙන් Curtis Campher ඔහුගේ පන්දුවාර 2 අවසානයේදී ලකුණු 16කට කඩුලු 2ක් දවාගැනීමට සමත් වූ අතර දසුන් ශානක පන්දුවාර 2 අවසානයේදී ලකුණු 25කට කඩුලු දෙකක් දවාගැනීමට සමත් විය.
ඊට අමතරව Ravi Bopara එක්පන්දු වාරයක් ක්‍රියාත්මක කරම්න් ලකුණු 6කට කඩුලු 2ක් බිඳ හෙලීමට හැකිවූ අතර, දනන්ජය ලක්ශාන් ද ලකුණු 23කට එක් කඩුල්ලක් දවාගැනීමට සමත් විය.
පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ Chennai Braves කණ්ඩායම පන්දුවාර 8.3ක් අවසානයේදී කිසිඳු කඩුල්ලක් නොදැවී ලකුණු 114ක් ලබාගනිමින් තරඟය පහසුවෙන්ම ජයග්‍රහණය කිරීමට සමත් විය.
ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ආරම්භක ප්‍රහාරාත්මක පිතිකරු භානුක රාජපක්ෂ පන්දු 23කදී හතරේ පහර 6ක් හා හයේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 55ක් ලබාගැනීමට සමත් විය.
ඊට අමතරව භානුක රාජපක්ෂ සමඟින් ඉනිම ආරම්භ කළ Mohommad Shahzad පන්දු 29කදී හතරේ පහර 9ක් හා හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 54ක් ලබාගැනීමට සමත් විය. මෙම ජයග්‍රහණය මෙවර අබුඩාබි T10 තරඟාවලියේ Chennai Braves කණ්ඩායම ලබාගත් පළමු ජයග්‍රහණය වේ.
ඒ අනුව Chennai Braves කණ්ඩායම තරඟය කඩුලු 10කින් විශිෂ්ටව ජයග්‍රහණය කළ අතර තරඟයේ වීරයා සම්මානය දිනාගැනීමට සමත් වූයේ පන්දු 23කදී නොදැවී ලකුණු 55ක් ලබාගත් බානුක රාජපක්ෂ වේ.
තරඟයේ වීඩියෝව,