මෙවර නැශනල් සුපර් ලීග් තරඟාවලියේ ශූරතාවය යාපනය කණ්ඩායමට.
(වීඩියෝව පහළින් නැරඹිය හැක) 2022 නැශනල් සුපර් ලීග් එක්දින තරඟාවලියේ අවසන් මහා තරඟය ලෙස අද (19) පැවතී නුවර කණ්ඩායම හා යාපනය කණ්ඩායම අතර තරඟයෙන් ලකුණු 38 ජයක් වාර්තා කිරීමට සදීර සමරවික්‍රමගේ නායකත්වයෙන් යුත් යාපනය කණ්ඩායම සමත්වුණා.
වර්ෂාව හේතුවෙන් පන්දුවාර 49කට සීමාවූ තරඟයේ කාසියේ වාසිය දිනාගත්, නුවර කණ්ඩායම පලමුව පන්දු යැවීමට තීරණය කළ අතර, ඒ අනුව පලමුව පන්දුවට පහර දුන් යාපනය කණ්ඩායම පන්දුවාර 48.3, අවසානයේදී සියලුම දෙනා දැවී ලකුණු 258ක් ලබාගැනීමට සමත්විය.
යාපනය කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ පන්දු 87කදී හතරේ පහර 5ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 74ක් ලබාගැනීමට සමත්විය.
ඊට අමතරව, රවිඳු ප්‍රනාන්දු පන්දු 42කදී හතරේ පහර 5ක් සමඟින් ලකුණු 41ක් ලබාගත් අතර ආරම්භක පිතිකරු නිශාන් මදුශ්ක පන්දු 45කදී හතරේ පහර 5ක් සමඟින් ලකුණු 36ක් රැස්කරගැනීමට සමත්විය.
පන්දු යැවීමේදී සුපිරි පන්දු යැවීමක නිරත වෙමින් අසිත ප්‍රනාන්දු පන්දුවාර 9.3ක් අවසානයේදි ලකුණු 44කට කඩුලු 5ක් දවාගැනීමට සමත්විය. ඊට අමතරව සචිඳු කොලඹගේ ලකුණු 52කට කඩුලු දෙකක් හා, නිපුන් රන්සික, සහන් ආරච්චිගේ හා පුලින තරංග ද එක් කඩුල්ල බැඟින් දවාගැනීමට සමත්විය.
අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසී මහනුවර කණ්ඩායම පන්දුවාර 45.5 ක් අවසානයේදී සියලුම දෙනා දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 221ක් පමණයි.
මහනුවර ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ නායක කමිඳු මෙන්ඩිස් පන්දු 73කට මුහුණදෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 46ක් ලබාගැනීමට සමත්විය.
ඊට අමතරව, සහන් ආරච්චිගේ පන්දු 57කදී හතරේ පහර 3ක් සමඟින් ලකුණු 33,ක් රැස්කරගත් අතර, ඉනිමේ අවසන් භාගයේදී වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් තීක්ශිල ද සිල්වා පන්දු 19කදී හතරේ 2ක් හා හයේ පහර 3ක් සමඟින් ලකුණු 37ක් ලබාගැනීමට සමත්විය.
පන්දු යැවීමේදී යාපනය කණ්ඩායමේ ක්‍රීඩක ප්‍රමෝද් මදුශාන් පන්දුවාර 10 අවසානයේදී ලකුණු 59කට කඩුලු 4ක් බිඳ හෙලීමට සමත්වූ අතර, නිමන්ද මදුශන්ක ලකුණු 17කට කඩුලු තුනක් හා සන්තුශ් ගුණතිලක, සුමින්ද ප්‍රනාන්දු හා දුනිත් වෙල්ලාලගේ අතරේ එක් කඩුල්ල බැඟින් බෙදී ගියා.
ඒ අනුව, නුවර කණ්ඩායම පරදා යාපනය කණ්ඩායම ලකුණු 38ක ජයක් වාර්ථා කිරීමත් සමඟ සදීර සමරවික්‍රමගේ නායකත්වයෙන් යුත් යාපනය කණ්ඩායම මෙවර තරඟාවලියේ ශූරතාවය දිනාගත් අතර තරඟයේ වීරයා සම්මානය දිනාගනු ලැබූයේ අර්ධ ශතකයක් ලබාගත් දුනිත් වෙල්ලාලගේ වේ.
දුනිත් වෙල්ලාලගේ ඉනිම, (වීඩියෝ)
— Cricket Video (@CricketVideo12) February 19, 2022