මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය ප්‍රේක්ෂකයින් හට විවෘත කරන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසයි.

දෙවන වරටත් පැවැත්වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය සඳහා සීමිත ප්‍රේක්ෂකයින් සඳහා අවසර ලබාදීමට සෞඛ්‍ය බලධාරීන් අවසර ලබාදී ඇති බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද නිවේදනය කළේය.

 

 

ක්‍රිකට් ක්‍රීඩාවට ප්‍රේක්ෂකයින් නොමැතිව කිසිවක් නොමැති බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා, තමන් දැඩි ක්‍රිකට් ලෝලියෙකු ලෙස ක්‍රිකට් තරඟාවලිය මහජනතාවට නැරඹිය හැකි බව සතුටින් ප්‍රකාශ කරමින් ට්විටර් සටහනක් එක් කර සිටියා.

 

 

LPL 2021 සඳහා සීමිත පිරිසකට සහභාගී වීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අනුමැතිය ලබා දී ඇති බව ඔහු පැවසීය.

මේ සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යාංශය විසින් ලබාදී ඇති දැඩි මාර්ගෝපදේශ සලකා බලා මෙම අනුමැතිය ලබාදුන් බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

 

 

Lanka Premier League 2021 තරඟාවලිය 2021 දෙසැම්බර් 05 වන දින කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වන අතර සමාරම්භක තරඟය ගාල්ල සහ යාපනය අතර රාත්‍රී 07.30 ට ආරම්භ වීමට නියමිතයි.

තරඟාවලියේ පලමු වටයේ තරඟ 20කින් සමන්විත වන අතර, එම තරඟ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත අතර, තරඟාවලියේ අවසන් වටයේ තරඟ හම්බන්තොට දි පැවැත්වීමට සැළසුම් කර ඇත.

 

 

මෙවර ලංකා ප්‍රිමියර් ලීගයේ අවසන් මහා තරග 2021 දෙසැම්බර් 23 වැනිදා හම්බන්තොටදී පැවැත්වෙන අතර මෙවර තරගාවලිය දෙසැම්බර් 24 වැනිදා අවසන් මහා තරග සඳහා වෙන් වූ ‘රක්ෂිත දිනයක්’ ලෙස පැවැත්වේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *