මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ පලමු තරඟයේ ජය ගෝල් ග්ලැඩියේටස් කණ්ඩායමට.

දෙවන වරටත් පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය අද (5) ආරම්භ වුණ අතර පලමු තරඟය ලෙස පැවතී Galle Gladiators කණ්ඩායම හා Jaffna Kings කණ්ඩායම අතර තරඟයෙන් ලකුණු 56ක විශිෂ්ට ජයක් වාර්ථා කිරීමට Galle Gladiators කණ්ඩායම සමත් වුණා.

 

 

තරඟයේ කාසියේ වාසිය දිනාගත් Jaffna Kings නායක තිසර පෙරේරා පලමුව පන්දු යැවීමට තීරණය කළ අතර, ඒ අනුව පලමුව පන්දුවට පහර දුන් Galle Gladiators කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 7ක් දැවී ලකුණු 164ක් ලබාගැනීමට සමත් වුණා.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ නායක භානුක රාජපක්ෂ විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 31කදී හතරේ පහර 6ක් හා හයේ පහර 3ක් සමඟින් ලකුණු 56ක් ලබාගැනීමට සමත්විය.

 

ඊට අමතරව Samith Patel ඉනින ආරම්භ පන්දු 31කදී හතරේ පහර 6ක් සමඟින් ලකුණු 42ක් ලබාගැනීමට සමත්විය. තරඟ තහනමකට ලක්වී සිටින් දනුශ්ක ගුණතිලක හා කුසල් මෙන්ඩිස් මෙම තරඟය ක්‍රීඩා කළ අතර ඔවුන්ට ලකුණු අතරට පැමිණීමට නොහැකිවිය.
දනුශ්ක ගුණතිලක – 8 (4) , කුසල් මෙන්ඩිස් 16 (12)

 

 

පන්දු යැවීමේදී jayden Seales විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ අතර ඔහුගේ පන්දුවාර 4 තුළ ලකුණු 23කට කඩුලු 3ක් දවාගැනීමට සමත් වූ අතර වනිඳු හසරංග ද ලකුණු 30කට කඩුලු 2ක් දවාගැනීමට සමත් විය.

 

 

වනිඳු හසරංග අද ලබාගත් කඩුලු 2ත් සමඟ විස්සයි විස්ස පිටියේ කඩුලු 100 සීමාව පසුකර යාමට සමත් වූ අතර, ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි විස්ස පිටියේ වේගවත්ම කඩුලු 100 ලබාගත් ක්‍රීඩකයින් අතර දෙවෙනි ස්ථානයට පත් වීමට හැකිවිය. (ඉනිම් 69) එහි පලමු ස්ථානයේ ඉනිම් 66ක් තුළ ලකුණු 100ක් දවාගැනීමට සමත් වූ අජන්ත මෙන්ඩිස් රැඳී සිටී.

 

 

ඊට අමතරව මහීශ් තීක්ශණ ඔහුගේ පන්දුවාර 4 තුල ලකුණු 21ක් පමණක් ලබාදී එක් කඩුල්ලක් ද, සුරංග ලක්මාල් ද ලකුණු 42කට එක් කඩුල්ලක් ලබාගැනීමට සමත් විය.

අනතුරුව ලකුණු 165ක දැවැන්ත ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසී Jaffna Kings කණ්ඩායමට පන්දුවාර 18.4ක් අවසානයේදී සියලුදෙනා දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 110ක් පමණයි.

ජැෆ්නා කින්ග්ස් කණ්ඩායමට ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Wahab Riaz පන්දු 20කදී හතරේ පහර 2ක් හා හයේ පහර 2ක් සමඟින් ලකුණු 27ක් ලබාගැනීමට සමත් විය.

 

 

ඊට අමතරව ආරම්භ පිතිකරු උපුල් තරංග පන්දු 13කදී හතරේ පහර 4ක් සමඟින් ලකුණු 17ක් හා Shammu Ashan පන්දු 19කදී ලකුණු 15ක් ලබාගත් අතර නායක තිසර පෙරේරාට ලබාගැනීමට හැකිවූයේ ලකුණු 11ක් පමණයි.

 

 

පන්දු යැවීමේදී Samith Patel විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ අතර ඔහු පන්දුවාර 4 අවසානයේදී ලකුණු 21කට කඩුලු 3ක් දවාගත් අතර Mohommad Hafeez ද ලකුණු 11කට කඩුලු 2ක් ලබාගැනීමට සමත් විය.

 

 

ඊට අමතර පුලින තරංග අවසානයේදී පන්දුවාර 2ක් අවසානයේදී ලකුණු 13කට කඩුලු 2ක් දවාගත් අතර, නුවන් තුශාර, Noor Ahmad, ලහිරු මධුසංක ද එක් කඩුල්ල බැඟින් දවාගැනීමට සමත් විය.

ඒ අනුව ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය ආරම්භ වෙමින් පැවතී පලමු තරඟය ලකුණු 54කින් ජයග්‍රහණය කිරීමට Galle Gladiators කණ්ඩායම සමත් වූ අතර  තරඟයේ වීරයා සම්මානය දිනාගැනීමට සමත් වූයේ පිත්තෙන් ලකුණු 42ක් හා ලකුණු 21කට කඩුලු 3ක් දවාගත් සමිත් පටෙල් වේ.

 

Photo | papare.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *