මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය ප්‍රේක්ෂකයන් හට නැරඹීමට අවස්ථාව..? – අර්ජුන ද සිල්වා
මෙවර ලංකා ප්‍රිමියර් 20-20 ලීග් ක්‍රිකට් තරඟාවලිය නැරඹීම සදහා ප්‍රේක්ෂකයින්ට අවස්ථාව ලබාදීමට අවධානය යොමු කර ඇති බව බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වෛද්‍ය කමිටු සභාපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පවසනවා.
මීට පෙරද, මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය ප්‍රේක්ෂකයන් හට නැරඹීමට අවස්ථාව ලබාදීම සඳහා සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් අනුව සිදුකිරීමට උත්සාහ කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපති රවීන් වික්‍රමරත්න මහතා පවසා සිටියා.
“මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය මෙම වසරේ දෙසැම්බර් 04 වෙනිදා සිට 24 වෙනිදා දක්වා කාළය තුළ පැවැත්වීමට කටයුතු කරලා තියනවා. මෙම තරඟවලිය ප්‍රේක්ෂකයින් සඳහා අවස්ථාව ලබාදෙනවානම් සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් මත වෙන්නේ. සමහර විට 35%කට පමණ ප්‍රමාණයකට තරඟ නැරඹීමට අවස්ථාව ලබා දෙන්න පුලුවන් වේවි.”
ඒ අනුව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා ප්‍රකාශ කළ සිටියේ සම්පුර්ණයෙන්ම එන්නත්කරණය කළ වයස අවුරුදු 20-30 ත් අතර ප්‍රේක්ෂකයින්ට මෙම අවස්ථාව ලබාදීම කෙරෙහි අවධානය යොමුව ඇති බවයි.
ක්‍රීඩාංගන ප්‍රේක්ෂක ධාරිතාවයෙන් 25 % කට එම අවස්ථාව ලබාදීමට සාකච්ඡා ආරම්භ කර ඇති බව ද අර්ජුන ද සිල්වා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
මෙවර ලංකා ප්‍රිමියර් 20-20 ලීග් ක්‍රිකට් තරඟාවලිය දෙසැම්බර් 4 වැනිදා සිට දෙසැම්බර් 24 දක්වා පැවැත්වීමට නියමිතයි.
2020 මෙන් මෙවරද කණ්ඩායම් 5කින් තරංගාවලිය පැවැත්වීමට නියමිත අතර කොළඹ කණ්ඩායමේ හැර අනිත් සියලුම කණ්ඩායම් වල අයිතිය ලබාගෙන තිබෙනවා.
• Galle Gladiators – Nadeem Omar (Omar Group) ️
• Kandy Tuskers – Sohail Khan (Sohail Khan International LLP)
• Dambulla Giants – Qamar Khan (Hamro Plc) ️
• Jaffna Kings – Subaskaran Allirajah (Lyca Group)
• Colombo Kings –