මෙවර ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව පලමු ජය වාර්තාකර ගනී..

(වීඩියො එක පහලින් පහළින් නැරඹිය හැකිය) 2022 විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ 6 වන තරඟය ලෙස අද (18) පැවතී ශ්‍රී ලංකාව හා UAE කණ්ඩායම අතර තරඟයෙන් ලකුණු 79ක විශිෂ්ඨ ජයක් ලබාගැනීමට UAE කණ්ඩායම සමත්වුණා.

 

 

තරඟයේ කාසියේ වාසිය දිනාගත් UAE නායක Chundangapoyil Rizwan, පලමුව පන්දු යැවීමට තීරණය කළ අතර, ඒ අනුව පලමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 8ක් දැවී ලකුණු 152ක් ලබාගැනීමට සමත්විය.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක පන්දු 60කදී හතරේ පහර 6ක් හා හයේ පහර 2ක් සමඟින් ලකුණු 74 ලබාගැනීමට සමත්විය.

 

 

පැතුම් නිස්සංක අද වාර්තා කළ අර්ධ ශතකයත් සමඟින්, වයස අවුරුදු 24ට පෙර වැඩිම වාර ගණනක් අර්ධ ශතක වාර්ථාකළ ආරම්භක පිතිකරුවා වීමට සමත්විය.. (අර්ධ ශතක 8යි)

බාබර් අසාම් 7 , අහමඩ් ශේශාඩ් 6 , ඇලෙක්ස් හේල්ස් 6

 

පැතුම් නිස්සංකට අමතරව වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ දනංජය ද සිල්වා පන්දු 21කදී හතරේ පහර 3ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 33ක් ලබාගත් අතර, ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් පන්දු 13කදී ලකුණු 18ක් ද ලබාගැනීමට සමත්වුණා.

 

 

පන්දු යැවීමේදී, කඩුලු ත්‍රිත්වයක් (Hat-trick) සමඟින් විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ UAE ක්‍රීඩක Karthik Meiyappan පන්දුවාර 4 අවසානයේදී ලකුණු 19 කට කඩුලු 3ක් දවාගැනීමට සමත්විය. (භානුක, අසලංක, ශානක)

 

 

ඊට අමතරව Zahoor Khan ලකුණු 26කට කඩුලු 2ක් හා Aryan Lakra හා Aayan Afzal khan එක් කඩුල්ල බැඟින් ද බිඳ දැමීය.

අනතුරුව ලකුණු 153ක ඉලක්කයක් හඹායෑම සඳහා පිටියට පිවිසී UAE කණ්ඩායමට පන්දුවාර 17.1ක් අවසානයේදී සියලුම දෙනා දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 73ක් පමණයි.

 

UAE ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ Aayan Afzal khan පන්දු 21කදී එක් හතරේ පහරක් සමඟින් ලකුණු 19ක් ලබාගැනීමට සමත්විය.

 

 

ඊට අමතරව Junaid Siddique පන්දු 16කදී හතරේ පහරක් හා හයේ පහරක් සමඟින් ලකුණු 18ක් හා Chirag Suri ලකුණු 14ක් ලබාගත් නමුත් අන් කිසිඳු ක්‍රීඩකයෙකුට ලකුණු 10 සීමාවටවත් ලඟා වීමට නොහැකිවිය

 

 

පන්දු යැවීමේදී සුපිරි පන්දු යැවීමක නිරත වූ වනිඳු හසරංග පන්දුවාර 4 අවසානයේදී ලකුණු 8කට කඩුලු 3ක් දවාගැනීමට සමත්විය. ඊට අමතරව දුශ්මන්ත චමීර ලකුණු 15කට කඩුලු 3ක් ද මහීශ් තීක්ශන කඩුලු 2ක් හා දසුන් ශානක , ප්‍රමෝද් මදුශාන් එක් කඩුල්ල බැඟින් ද දවාගැනීමට සමත්වුණා.

 

 

ඒ අනුව, මෙවර ලෝක කුසලානයේ පලමු ජය වාර්තා කරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වූ අතර, සුපිරි 12 වටයෙන් ඉවත්වීමට තිබූ අවදානමෙන් නිදහස් වීමට ද හැකිවිය. තරඟයේ සම්මානය දිනාගැනීමට හැකිවූයේ ලකුණු 74ක් ලබාගත් පැතුම් නිස්සංක වේ.

දුශ්මන්ත චමීර, වනිඳු ලබාගත් කඩුලු ඇතුලු UAE කණ්ඩායමේ බිඳ වැටුනු සම්පූර්ණ කඩුලු, (Video) 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *