මෙවර ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගි වූ පලමු තරඟයම පරාජය වෙයි.

(වීඩියෝ එක පහළින් නැරඹිය හැකිය) 2022 විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය ආරම්භ වෙනින් පැවතී පලමු තරඟයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පරදා ලකුණු 55ක ජයක් ලබාගැනීමට නැමීබියා කණ්ඩායම සමත්වුණා.

 

 

තරඟයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක, පලමුව පන්දු යැවීමට තීරණය කළ අතර, ඒ අනුව පලමුව පන්දුවට පහරදුන් නැමීබියා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 7ක් දැවී ලකුණු 163ක් ලබාගැනීමට සමත්විය.

නැමීබියා ඉනිම වෙනුවෙන් වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින්  වැඩිම ලකුණු ලාභියා වූ Jan Frylinck පන්දු 28කදී හතරේ පහර 4ක් සමඟින් ලකුණු 44 ලබාගැනීමට සමත්විය.

 

 

ඊට අමතරව, JJ smit පන්දු 16කදී හතරේ පහර 2ක් හා හයේ පහර 2ක් සමඟින් වේගවත් ලකුණු 31ක් ලබාගත් අතර, Stephan Baard පන්දු 24කදී ලකුණු 26ක් හා Jan Nicol පන්දු 12කදී ලකුණු 20ක් ද ලබාගැනීමට සමත්වුණා.

 

 

පන්දු යැවීමේදී, නවක ක්‍රීඩක ප්‍රමෝද් මදුශාන් පන්දුවාර 4 අවසානයේදී ලකුණු 37 කට කඩුලු 2ක් දවාගැනීමට සමත්වූ අතර, මහීශ් තීක්ශන ලකුණු 23කට එක් කඩුල්ලක් හා දුශ්මන්ත චමීර, චාමික කරුණාරත්න, වනිඳු හසරංග ද එක් කඩුල්ල බැඟින් ද දවාගැනීමට සමත්වුණා.

 

 

ඉන් අනතුරුව ලකුණු 164ක ඉලක්කයක් හඹායෑම සඳහා පිටියට පිවිසී ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 19ක් අවසානයේදී සියලුම දෙනා දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 108ක් පමණයි.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ නායක දසුන් ශානක පන්දු 23කදී හතරේ පහර 2ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 29ක් ලබාගැනීමට සමත්විය.

 

 

ඊට අමතරව භානුක රාජපක්ෂ පන්දු 21කදී හතරේ පහර 2ක් සමඟින් ලකුණු 20ක් ලබාගත් අතර, දනංජය ද සිල්වා පන්දු 11කදී ලකුණු 12ක් හා මහීශ් තීක්ශන පන්දු 11කදී ලකුණු 11ක් ලබාගැනීමට සමත්වුණා. අන් කිසිඳු ක්‍රීඩකයෙකුට ලකුණු 10 සීමාවටවත් ලඟාවීමට නොහැකි විය.

 

 

පන්දු යැවීමේදී සුපිරි පන්දු යැවීමක නිරත වූ David Wiese ලකුණු 16කට කඩුලු 2ක් දවාගැනීමට සමත්විය. ඊට අමතරව, Bernard Scholtz , Ben Shikrongo , Jan Frylinck කඩුලු 2 බැඟින් හා JJ Smit ලකුණු 16කට එක් කඩුල්ලක් ද බිඳ දැමීය.

ඒ අනුව, ලෝක කුසලානය ආරම්භ වෙමින් පැවතී පළමු තරඟයෙන්ම ශ්‍රී ලංකාව නැමීබියාව හමුවේ ලකුණු 55ක පරාජයක් ලැබූ අතර, මෙම තරඟයේ වීරයා සම්මානය දිනාගනු ලැබූයේ  වේගවත් ලකුණු 44ක් හා කඩුලු 2ක් ද දවාගත් Jan Frylinck වේ.

 

 

කුසල් මෙන්ඩිස් රැකගත් විශිෂ්ඨ උඩපන්දුව මෙන්න. (Video) 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *