මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ නවසීලන්තය මුහුණදුන් පලමු තරඟයම පරාජයට පත්වෙයි.
මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ 19 වන තරඟය ලෙස පැවතී නවසීලන්තය හා පකිස්තානය අතර තරඟයෙන් කඩුලු 5ක විශිෂ්ට ජයක් වාර්ථා කිරීමට පකිස්තාන කණ්ඩායම සමත් වුණා. (වීඩියෝ පහළින් නැරඹිය හැක)
තරඟයේ කාසියේ වාසිය දිනාගත් පකිස්තානය පලමුව පන්දු රැකීමට තීරණය කළ අතර, නවසීලන්තය නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 8ක් දැවී ලකුණු 134ක් ලබාගැනීමට සමත් වුණා. නවසීලන්තය ඉනිම වෙනුවෙන් Dary Mitchell පන්දු 20කදී ලකුණු 27ක් රැස්කළ අතර, Devon Conway ද පන්දු 24කදී ලකුණු 27ක් රැස් කිරීමට සමත් වුණා. ඊට අමතර නායක කේන් විලියම්සන් පන්දු 26කදි ලකුණු 25ක් ද ලබාගැනීමට සමත් විය.
පන්දු යැවීමේදී පකිස්ථාන කණ්ඩායමේ Haris Rauf සුපිරි පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 22කට කඩුලු 4ක් ලබාගැනීමට සමත් වූ අතර Shaheen Afridi, Imad Wasim හා Mohommad Hafeez අතරේ එක් කඩුල්ල බැඟින් ලබාගැනීමට සමත් විය.
ලකුණු 135ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යෑම සඳහා පිටියට පිවිසී පකිස්ථානය පන්දුවාර 18.4කදී කඩුලු 4ක් දැවී ලකුණු 135ක් ලබාගනිමින් සාර්ථකව තරඟය ජයග්‍රහණය කිරීමට සමත් වුණා. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Mohommad Rizwan පන්දු 34කදී ලකුණු 33ක් රැස් කළ අතර, Shoaib Malik නොදැවී ලකුණු 26ක් හා Asif Ali නොදැවී ලකුණු 27ක් ලබාගැනීමට සමත් වුණා.
පන්දුයැවීමේදී Ish Sodhi ලකුණු 28කට කඩුලු 2ක් හා Mitchell Santner , Tim Southee හා Trent Boult එක් කඩුල්ල බැඟින් දවාගත්තා.
ඒ අනුව පකිස්ථානය තරඟය කඩුලු 5කින් ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර, පකිස්ථාන කණ්ඩායම වෙනුවෙන් කඩුලු 4ක් දවාගත් Haris Rauf තරඟයේ වීරයා සම්මානය දිනාගැනීමට සමත් වුණා.
ඩෙවෝන් කොන්වේ රැකගත් සුපිරි උඩ පන්දුවේ වීඩියෝව.
කේන් විලියම්සන් තනි අතකින් එල්ල කළ හයේ පහර (වීඩියෝ)