මෙවර T20 ලෝක කුසලාන තරඟාවලිය සජීවීව නැරඹිය හැකි ආකාර.

2022 වසරේ විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාලිය ඔක්තෝබර් මස 16 වන දින ආරම්භ වීමට නියමිත වන අතර, නොවැම්බර් මස 13 වන දින දක්වා සම්පූර්ණ තරඟ 45කින් යුක්තව ඕස්ට්‍රේලියාවේදී පැවැත්වෙයි.

 

 

මෙවර තරඟාවලිය සඳහා කණ්ඩායම් 16කින් යුක්ත වන අතර, තරඟාවලිය ආරම්භ වෙමින් පලමු තරඟයේදීම ශ්‍රී ලංකා කණ්ඩායම නැම්බියා කණ්ඩායම හමුවේ තරඟ වැදීමට නියමිතයි.

මෙම සම්පූර්ණ තරඟාවලියේම සජීවී විකාශනය අයිතිය දේශීය නාළිකාවක් විසින් ලබාගෙන ඇති අතර, එම නාළිකාව වනුයේ, සිරස ටීවී නාළිකාවයි.

 

 

ඒ අනුව ඔබට සිරඩ TV නාලිකාව ඔස්සේ ඔක්තෝබර් 16 වැනිදා සිට නොවැම්බර් 13 වන දක්වා තරඟ 45කින් යුත් විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය සජීවීව නැරඹීමට හැකිය.

ඊට අමතරව, ඩයලොග් ටීවී හා පියෝ ටීවී පාරිභෝගිකයින් සඳහා ද තරඟාවලිය Star Sports නාළිකාව ඔස්සේ තරඟාවලිය නැරඹිය හැකි වන අතර, සියලුම ඩයලොග් පාරිභෝගිකයින් හට Star sports 1 (Channel No 73) නාළිකාව නොමිලේ ලබාදෙන බවට ද සඳහන් කර ඇත.

 

 

පියෝ TV පාරිභෝගිකයින් සඳහා ද Event Tv ( Channel No 20) හා Event Tv HD (Channel No 310) නාළිකාවන් දෙකම නොමිලේ ලබාදෙන බව සඳහන් කර ඇති අතර, Peo Tv Go App එක හරහා ද තරඟාවලිය නැරඹීමට අවස්ථාව ඇත.

 

 

තරඟාවලිය සඳහා නම් කරනු ලැබූ ශ්‍රී ලංකා සංචිතය මෙන්න.

1) දසුන් ශානක

2) දනුශ්ක ගුණතිලක

3) පැතුම් නිස්සංක

4) කුසල් මෙන්ඩිස්

5) චරිත් අසලංක

6) භානුක රාජපක්ෂ

7) දනංජය ද සිල්වා

8) වනිඳු හසරංග

9) මහීශ් තීක්ශන

10) ජෙෆ්රි වැන්ඩසේ

11) චාමික කරුණාරත්න

12) දුශ්මන්ත චමීර

13) ලහිරු කුමාර

14) ඩිල්ශාන් මදුශංක

15) ප්‍රමෝද් මදුශාන්

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *