මෙහෙදි හසාන් ආබාධයක් හේතුවෙන් පිටියෙන් ඉවතට.

(වීඩියෝ එක පහළින්ම නැරඹිය හැක) බංග්ලාදේශය හා දකුණු අප්‍රිකාව අතර තරඟ දෙකකින් යුත් දෙවන හා අවසන් ටෙස්ට් තරඟය මේ වන විට පැවැත්වන අතර, අද (10).තුන්වන දිනයේ තරඟයේ වැඩිවාසිය දකුණු අප්‍රිකාවට වෙතට ගැනීමට දකුණු අප්‍රිකා ක්‍රීඩකයින් සමත්වී තිබෙනවා.

තරඟයේ කාඩියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකාව පලමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර, ඒ අනුව ඔවුන් පලමු ඉනිම සඳහා සියලු දෙනාදැවී ලකුණු 453ක් ලබාගැනීමට සමත්වුණා.

එහිදී ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Keshav Maharaj පන්දු 95කදී හතරේ පහර 9ක් හා හයේ පහර 3ක් සමඟින් ලකුණු 84ක් ලබාගැනීමට සමත්විය.

ඊට අමතරව ආරම්භක පිතිකරු Dean Elgar පන්දු 89කදී හතරේ පහර 10ක් සමඟින් ලකුණු 70ක් හා Keegan Petersen පන්දු 124කදී හතරේ පහර 9ක් සමඟින් ලකුණු 64ක් ලබාගත් අතර, Temba Bavuma පන්දු 162කදී හතරේ පහර 7ක් සමඟින් ලකුණු 67ක් ද ලබාගැනීමට සමත්වුණා.

පන්දු යැවීමේදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ Taijul Islam පන්දුවාර 50ක් ක්‍රියාත්මක කරමින් ලකුණු 135කට කඩුලු 6ක් බිඳ දැමූ අතර, Khaled Ahmed ලකුණු 100කට කඩුලු 3ක් හා Mehidy Hasan ද එක් කඩුල්ලක් බිඳ දැමීය.

අනතුරුව බංග්ලාදේශය පලමු ඉනිම ආරම්භක කළ අතර ඔවුන්ට පළමු ඉනිම සඳහා සියලුම දෙනා දැවී  ලබාගැනීමට හැකිවූයේ ලකුණු 217ක් පමණයි.

බංග්ලාදේශ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Mushfiqur Rahim පන්දු 136කට මුහුණදෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 51ක් ලබාගැනීමට සමත්විය.

ඊට අමතරව ආරම්භක පිතිකරු Tamim Iqbql පන්දු 57කදී හතරේ පහර 8ක් සමඟින් ලකුණු 47ක් හා Najmul Hossain පන්දු 74කදී ලකුණු 33ක් ලබාගත් අතර, Yasir Ali පන්දු 87කදී හතරේ පහර 7ක් සමඟින් ලකුණු 46ක් ද ලබාගැනීමට සමත්විය.

පන්දු යැවීමේදී දකුණු අප්‍රිකාවට වෙනුවෙන් Wiaan Mulder ලකුණු 25කට කඩුලු 3ක් බිඳ දැමූ අතර, Simon Harmer ලකුණු 39කට කඩුලු 3ක් හා Duanne Olivier හා Keshav Maharaj අතරේද කඩුලු 2ක බැඟින් බෙදීගියා.

පලමු ඉනිමේ ලද ලකුණු 236ක වාසියත් සමඟින් දකුණු අප්‍රිකාව සිය දෙවන ඉනිම ආරම්භක කළ අතර ඔවුන් මේ වන විට කඩුලු 3ක් දැවී ලකුණු 117ක් ලබගෙන සිටියි.

එහිදී Sarel Erwee පන්දු 66කදී ලකුණු 44ක් ලබාගත් අතර, Dean Elgar ලකුණු 26කට දැවීගියේය. නොදැවී කඩුල්ලේ රැඳීසිටින Temba Bavuma ලකුණු 19 (31) හා Ryan Rickelton ලකුණු 12ක් ලබාගෙන සිටී.

මෙහෙදි හසාන් ආබාධයකට ලක්වූ ආකාරය. (video) 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *