මේජර් ක්ලබ් තරඟාවලියේ ඇන්ජලෝ මැතිව්ස්, තිසර පෙරේරා හා ජීවන් මෙන්ඩිස්ගෙන් විශිෂ්ට ඉනිම්.
2021 – 22 Major clubs limited Over තරඟාවලිය ආරම්භ වෙමින් අද (27) පැවතී තරඟ වලින් ශ්‍රී ලංකා හිටපු තුන් ඉරියව් ක්‍රීඩකයකු වන තිසර පෙරේරා , ඇන්ජලෝ මැතිව්ස් හා ජීවන් මෙන්ඩිස් සුපිරි ඉනිම් ක්‍රීඩා කිරීමට සමත් වුණා.
තිසර පෙරේරා ක්‍රීඩා කරන SRI LANKA ARMY SPORTS CLUB හා SRI LANKA AIR FORCE අතර තරඟයෙන් තිසර පෙරේරා ක්‍රීඩා කරන ARMY SPORTS CLUB කණ්ඩායමට කඩුලු 7ක ජයක් වාර්ථා කිරීමට සමත් වුණා.
තරඟයේ පලමුව පන්දුවට පහරදුන් SL AIR FORCE කණ්ඩායමට නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 8ක් දැවී ලබාගැනීමට හැකි වූයේ ලකුණු 140ක් පමණි. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Asantha Singappuli නොදැවී ලකුණු 41ක් ලබාගැනීමට සමත් වුණා.
පන්දු යැවීමේදී Heshan Hettiarachchi , Ayan Chandrabose කඩුලු 2 බැඟින් ද, තරිදු කවුශාල්, යශෝධ මෙන්ඩිස් හා සීකුගේ ප්‍රසන්න අතරෙ එක් කඩුල්ල බැඟින් බෙදී ගියා.
පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ SL ARMY SPORTS CLUB කණ්ඩායම පන්දුවාර 21ක් අවසානයේදී කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 141ක් ලබාගනිමින් තරඟය ජයග්‍රහණය කිරීමට සමත් විය. එහිදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ශ්‍රී ලංකා හිටපු ක්‍රීඩක තිසර පෙරේරා පන්දු 29කදී හතරෙ පහරවල් 7ක් හා හයේ පහරවල් 3ක් සමඟින් නොදැවී ලකුණු 60ක් ලබාගැනීමට සමත් වුණා.

GROUP B කාණ්ඩයේ තරඟයක් ලෙස පැවතී ඇන්ජලෝ මැතිව්ස් ක්‍රීඩා කරන COLTS CRICKET CLUB කණ්ඩායම හා GALLE CRICKET CLUB කණ්ඩායම අතර තරඟයෙන් ලකුණු 17ක ජයක් ලබාගැනීමට COLTS CRICKET CLUB කණ්ඩායම සමත් විය. තරඟයේ පලමුව පන්දුවට පහරදුන් COLTS CRICKET CLUB කණ්ඩායම පන්දුවාර 50 අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 226ක් රැස් කිරීමට සමත් වූ අතර, පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ GALLE CRICKET CLUB කණ්ඩායමට පන්දුවාර 47කදී කඩුලු 7ක් දැවී ලබාගැනීමට හැකි වූයේ ලකුණු 189ක් පමණයි. (වර්ශාව හේතුවෙන් පන්දුවාර 47කට සීමාවූ තරඟයේ GALLE CRICKET CLUB කණ්ඩායමට ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 207ක් ලබා ගැනීමටයුතුව තිබුණා)
COLTS CRICKET CLUB කණ්ඩායම වෙනුවෙන් ඇන්ජලෝ මැතිව්ස් පන්දු 60කදී ලකුණු 45ක් ලබාගැනීමට සමත් වූ අතර, ඔහුගේ ඉනිමට හතරේ පහර දෙකක් හා එක් හයේ පහරක් ඇතුළත් වුණා. ඊට අමතරව Sangeeth Cooray ද පන්දු 92කදී ලකුණු 45ක් ලබාගැනීමට සමත් වුණා.
GROUP B කාණ්ඩයේ තවත් තරඟයක් ලෙස පැවතී ජීවන් මෙන්ඩිස් හා සඳුන් වීරක්කොඩි ක්‍රීඩා කරන BADURELIYA SPORTS CLUB කණ්ඩායම හා ACE CAPITAL CRICKET CLUB කණ්ඩායම අතර තරඟයෙන් ජීවන් මෙන්ඩිස් ක්‍රීඩා කරන BADURELIYA SPORTS CLUB කණ්ඩායමට ලකුණු 123කින් තරඟය පරාජය වීමට සුදුවුණා. එහිදී ජීවන් මෙන්ඩිස් පන්දු 36කදි හතරෙ පහරක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 32ක් රැස්කිරීමට සමත් වූ අතර සඳුන් වීරක්කොඩි හට ලබාගැනීමට හැකි වූයේ ලකුණු 15ක් පමණයි.
ඊට අමතර අද දින අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ශගේ පුත් රෝහිත රාජපක්ෂ තම මංගල තරඟය ක්‍රීඩා කළ අතර එහිදී පලමු පන්දුවෙන්ම ඔහුට ලකුණු 0කට දැවී යාමට සිදුවුණා.