යෝකර් පන්දුවෙන් ලොවක් දණ ගැස්සූ ලසිත් මාලිංගගේ කුඩා කාලසේ සිට අද දක්වා ඡායාරූප 28ක්.

මේ වන විට 37 වන විසේ පසුවන සෙපරමාදු ලසිත් මාලිංග 1983 අගෝස්තු 28 වන දින ගාල්ලේ උපත ලැබීය. දකුණතින් වේගපන්දු යවන ලසිත් මාලිංග මුළු ලෝකයක් හඳුනාගන්නේ ඔහුගේ පන්දු යැවීමේ විලාසුතාව හා ලොවක් දණ ගැස්සූ යෝකර් පන්දුව නිසාවෙයි.

2004 දී ඕස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව ටෙස්ට් වරම් දිනාගන්නා ලසිත් මාලිංග එම තරගයේදි පකමු ඉනිමේදී ලකුණු 50කට කඩුලු 2ක් ද, දෙවෙනි ඉනිමේදී ලකුණු 42කට කඩුලු 4ක් ද සමඟින් සම්පූර්ණ තරඟයේ දී කඩුලු 6ක් දවා ගැනීමට සමත් විය. උන් අනතරුවත් හොඳින් පන්දු යවමින් දස්කම් පෑ ලසිත් මාලිංග වසර 6ක් වැනි කෙටි කාලයකින් ටෙස්ට් පිටියට සමුදීමට තීරණය කරන අතර ඒ ඔහුගේ පාදයේ ඇති වූ ආබාධ තත්වයක් හේතුවෙනි. 2010 වසරේ දී ඉන්දියාවට එරෙහිව ටෙස්ට් පිටියෙන් සමුගත් ලසිත් මාලිංග තරඟ 30කදී කඩුලු 101ක් දවා ගැනීමට සමත් වී තිබිණි.


2004 දී ජූලි 17 වන දින එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව එක්දින වරම් ද, 2006 දී එංගලන්ත කණ්ඩායමට එරෙහිව විස්සයි විස්ස වරම් ද දිනාගත් ලසිත් මාලිංග අද වන විට ඔහුගේ ක්‍රිකට් දිවියේ අවසානයට ලඟාවෙනින් සිටී.

ලසිත් මාලිංග එක්දින පිටියේ තරඟ 226 කදී කඩුලු 338ක් දවාගෙන ඇති අතර කඩුලු ත්‍රිත්ව (Hat-trick) අවස්ථා තුනකට හිමිකම් කියයි. 2007 ලෝක කුසලානයේ දී දකුණු අප්‍රිකාවට එරෙහිව ලබාගත් කඩුලු ත්‍රිත්වය, 2011 දී කෙන්නයාවට එරෙහිව ලබාගත් කඩුලු ත්‍රිත්වය හා 2011 දී ඕස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව ලබාගත් කඩුලු ත්‍රිත්වය එම අවස්ථා තුනයි.


මාලිංග විසින් විස්සයි විස්ස පිටියේදී ද කඩුලු ත්‍රිත්වයන් දෙකකට හිමිකම් කියන අතර එම කඩුලු ත්‍රිත්වයන් දෙක ලබා ගැනීමට හැකි වූයේ බංගලාදේශය කණ්ඩායමට එරෙහිව හා නවසීලන්ත කණ්ඩායමට එරෙහිවයි. ටෙස්ට් හා එක්දින ක්‍රිකට් පිටියෙන් සමුගෙන සිටියද ලසිත් මාලිංග තවමත් ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියෙන් නිලවශයෙන් සමුගැනීම ප්‍රකාශ කර නොමැති වුවත් වසර එකාමාරක කාලයක් ශ්‍රී ලංකා කණ්ඩායම සමඟින් විස්සයි විස්ස තරඟයක් ක්‍රීඩාකර නොමැත.

 (AP Photo/Eranga Jayawardena)

වර්ථමාන තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා ලසිත් මාලිංග සමඟ සාකච්ඡා කරමින් ඔහුට ප්‍රකාශ කර ඇත්තේ මෙම වසරේ පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා ක්‍රීඩා කිරීමට බලාපොරොත්තුවක් ඇත්නම් කිලෝමීටර් 2ක් මිනිත්තු 8 තප්පර 35කට අඩු කාලයක් තුළ දීවීමේ ශාරීරික යෝග්‍යතා පරීක්ශනය සමත් වී, දේශීය තරඟ ක්‍රීඩා කර නැවත කණ්ඩායම සමඟ එක් වීමට හැකියාව ඇති බවයි.


ලසිත් මාලිංගගේ කුඩා කාලයේ සිට අද දක්වා ඡායාරූප 28ක්.

1)

2)

3)

4)

5)

6)

7)

8)

9)

 (Photo credit should read ALEXANDER JOE/AFP/Getty Images)

10)

11)

12)

13)

14)

15)

16)

17)

18)

19)

20)

21)

22)

23)

24)

25)

26)

27)

28)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *