රංගන හේරත් බංගලාදේශ කණ්ඩායමේ දඟ පන්දු පුහුණුකරු ධූරයට පත්වෙයි..?
ශ්‍රී ලංකාවෙත් බිහිවූ වමත් සුපිරි දඟපන්දු යවන්නෙන් වන රංගන හේරත් බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යවන පුහුණුකරු ධූරයට පත් කර ගැනීමට සූදානම් බව බංගලාදේශය ක්‍රිකට් ආයතනය මඟින් සඳහන් කර සිටිනවා.
එළබෙන සිම්බාබ්වේ සංචාරයට පෙර ස්ථිර දඟ පන්දු යවීමේ පුහුණුකරුවෙක් හා ස්ථිර පිතිකරන පුහුණුකරුවෙකු පත් කිරීමට සූදානම් බව බංගලාදේශ ක්‍රිකට් ආයතනය මඟින් ප්‍රකාශ කර සිටියා.
ඒ අනුව දඟ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස රංගන හේරත්ගේ නම යෝජනා වී ඇති අතර බංගලාදේශ ක්‍රිකට් ආයතනය පවසන්නේ රංගන හේරත් ඔවුන්ගේ පලමු තේරීම වන බවයි. පිතිකරණ පුහුණුකරු ලෙස ජෙමි සිදොන්ස් ගේ නම යෝජනා වී තිබෙනවා.
43 වන වියේ පසුවන රංගන හේරත් ටෙස්ට් පිටියේ ලෝකයෙන්ම වැඩිම කඩුලු ලබාගෙන ඇති වමත් පන්දු යවන්නා වන අතර ඔහු ටෙස්ට් පිටියේ තරඟ 93ක් ක්‍රීඩා කරමින් බිඳ හෙලා ඇති කඩුලු ගණන 433කි.
මීට අමතරව රංගන හේරත් ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරඟ 71ක් ක්‍රීඩා කරමින් කඩුලු 74ක් ද, ජාත්‍යන්තර විස්සයි විස්ස තරඟ 17ක් ක්‍රීඩා කරමින් කඩුලු 18ක් ද දවා ගැනීමට සමත් වී ඇත.
