රමේශ් මෙන්ඩිස්ගේ සුපිරි පන්දු යැවීම හමුවේ බටහිර ඉන්දීය කොදෙව් පලමු ඉනිම ලකුණු 253කට සීමාවෙයි.
ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ටෙස්ට් තරඟාවලියේ දෙවන ටෙස්ට් තරඟයේ තුන්වන දිනය අවසන් වූ අතර, පලමු ඉනිම ක්‍රීඩා කළ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ සියලුදෙනා ලකුණු 253කට දවාගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත්වුණා. (වීඩියෝ පහළින් නැරඹිය හැක)
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ නායක Kraigg Brathwaite ලකුණු 72 (185) ක් ලබාගැනීමට සමත් වූ අතර, ඔහුත් සමඟින් ඉනිම ආරම්භ කළ Jermaine Blackwood ලකුණු 44ක් ලබාගැනීමට සමත් විය.
ඊට අමතව Nikrumah Bonner ලකුණු 35ක් හා Kyle Mayers නොදැවී ලකුණු 36ක් ලබාගැනීමට සමත් විය.
එහිදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ රමේශ් මෙන්ඩිස් ලකුණු 70කට කඩුලු 6ක් දවාගැනීමට සමත්වූ අතර, තව ටෙස්ට් දිවියේ හතරවන තරඟය ක්‍රීඩා කරමින් ඉනිමක මංගල කඩුලු 5ක් ලබාගැනීමට සමත්විය. ඊට අමතරව ප්‍රවීන් ජයවික්‍රම 59කට කඩුලු 2ක් හා ලසිත් ඇඹුල්දෙණිය ලකුණු 94කට කඩුලු 2ක් දවාගැනීමට සමත්විය.
ශ්‍රී ලංකාවට සිය පලමු ඉනිම වෙනුවෙන් ලබාගැනීමට හැකි වූයේ සියලු දෙනා දැවී ලකුණු 204ක් පමණි.
පැතුම් නිස්සංක – 74 (148)
දිමුත් කරුණාරත්න – 42 (132)
ඇන්ජලෝ මැතිව්ස් – 29 (45)
ඕශධ ප්‍රනාන්දු – 18 (27)
ඒ අනුව කොදෙව් කණ්ඩායමට වඩා ලකුණු 49ක් පසුපසින් ශ්‍රී ලංකා දෙවන ඉනිම ආරම්භ වූ අතර, තුන්වන දිනය අවසන් වන විට ශ්‍රී ලංකාව කඩුලු 2ක් දැවී ලකුණු 46ක් ලබාගෙන සිටී. නොදැවී කඩුල්ලේ රැඳී සිටින පැතුම් නිස්සංක ලකුණු 21ක් හා චරිත් අසලංක ලකුණු 4ක් ලබාගෙන සිටී.
ඇඹුල්දෙණියගේ සුපිරි පන්දුවට Brathwaite දැවී ගිය ආකාරය,
— cric fun (@cric12222) December 1, 2021
— cric fun (@cric12222) December 1, 2021