රසල් ආනල්ඩ් විසින් විස්සයි විස්ස තරඟාවලිය ක්‍රීඩා කිරීමට සුදුසු ශ්‍රී ලංකා කණ්ඩායම නම් කරයි.
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර තරඟ තුනකින් සමන්විත විස්සයි විස්ස තරඟාවලිය අද (25) රාත්‍රී 8ට ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිත අතර ඉන්දියාවට එරෙහිව පැවතී තුන්වන එක්දින තරඟය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම හොඳ ජයග්‍රාහී මානසිකත්වයෙන් අද තරඟයට පිවිසෙයි.
මේ අතර තරඟාවලිය ආරම්භයට පෙර රසල් ආනල්ඩ්, කෝසල සුරෙශ්චන්ද්‍ර හා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ චමරි අතපත්තු, රසල් ආනල්ඩ්ගේ යූටියුබ් නාළිකාව ඔස්සේ සජීවීව පැමිණ නිමාවූ එක්දින තරඟාවලිය හා ආරම්භ වීමට නියමිත විස්සයි විස්ස තරඟාවලිය පිළිඹඳව අදහස් ප්‍රකාශ කළ සිටියා.
විස්සයි විස්ස තරඟාවලිය ක්‍රීඩා කරන විට ඉන්දියාවට එරෙහිව තුන්වන එක්දින තරඟාය ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් සිදුවිය හැකි බව රසල් ආනල්ඩ් හා චමරි අතපත්තු අදහස් දැක්වූ අතර රසල් විසින් කණ්ඩායමක් නම් කර සිටියා.
“විස්සයි විස්ස තරඟාවලියට යන කොට තුන්වන එක්දින තරඟයේ ක්‍රීඩා කළ කණ්ඩායමේ පොඩි වෙනසක් වෙන්න පුලුවන්. පිතිකරුවන් ගත්තාම වෙනසක් කරන්න අවශ්‍ය නෑ. ඔහුන් හොඳටම ක්‍රීඩා කළා. ඒ නිසා ඔහුන්ට දිගටම අවස්ථාව ලබාදෙන එක වැදගත්. ආබාධයක් නිසා තුන්වන එක්දින තරඟයට ක්‍රීඩා නොකළ වනිඳු හසරංග විස්සයි විස්ස තරඟයට සෙල්ලම් කරයි කියලා මම හිතනවා. තව ඉසුරු උදානත් ක්‍රීඩා කරයි කියලා හිතන්න පුලුවන්. චාමික කරුණාරත්න හොඳ ෆිනිශර් කෙනෙක් කියලා පෙන්නුම් කරලා තියන නිසා අනිවාර්යයෙන්ම ඔහුට අවස්ථාවක් ලැබෙනවා.

“ඒ අනුව වනිදු හසරංග ක්‍රීඩා කළහොත් රමේශ් මෙන්ඩිස්ට කණ්ඩාමේ අවස්ථාව නැති වෙනවා, ඉසුරු උදාන හොඳ විස්සයි විස්ස ක්‍රීඩකයෙක් නිසා හා අත්දැකීම් බහුල ක්‍රීඩකයෙක් නිසා ප්‍රවීන් ජයවික්‍රමගේ තැනට ඉසුරු උදානව ගේන්න පුලුවන්.” – රසල් ආනල්ඩ්

ඒ අනුව රසල් ආනල්ඩ් විසින් නම් කළ කණ්ඩායම.
මිනෝද් බානුක
අවිශ්ක ප්‍රනාන්දු
භානුක රාජපක්ෂ
දනංජය ද සිල්වා
චරිත් අසලංක
දසුන් ශානක
වනිදු හසරංග
චාමික කරුණාරත්න
උසුරු උදාන
අකිල ධනංජය
දුශ්මන්ත චමීර
නමුත්, ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ සාමාජික චමරි අතපත්තු විසින් ප්‍රකාශ කරන ලද්දේ වනිඳු හසරංග පමණක් කණ්ඩායමට ඇතුළත් කර තරඟය ක්‍රීඩා කිරීමට ඉඩ ඇති බවයි.
“මම හිතන්නේ රමේශ් මෙන්ඩිස්ගේ තැනට වනිඳු හසරංගව විතරක් ක්‍රීඩා කරවලා, තුන්වන එක්දින තරඟය ක්‍රීඩා කළ අනෙක් ක්‍රීඩකයින් සමඟ විස්සයි විස්ස තරඟය ක්‍රීඩා කරනවනම් හොඳයි. වනිඳු ගොඩාක් හොඳට පන්දු යවන නිසා එයාගේ ඕවර් 4 ගැන ලොකු බලාපොරොත්තුවක් තියාගන්න පුලුවන්. ප්‍රවීන් ජයවික්‍රම පහුගිය තරඟයේ හොඳින්ම පන්දු යැව්වා. මම හිතන්නෑ ඉන්දියාවට ඉක්මනටම ප්‍රවීන්ගේ බෝලින් ගැන අධ්‍යනය කරන්න පුලුවන් වෙයි කියලා. ඒ නිසා ප්‍රවීන් ජයවික්‍රමත් ක්‍රීඩා කරනවානම් හොඳයි කියලා මම හිතනවා. මගේ මතය අනුව, පහුගිය ටිකේ ඉසුරු උදානට හොඳින් ක්‍රීඩා කරන්න බැරි වුණ නිසා ඔහු නැතුව තරඟය ක්‍රීඩා කරනවානම් හොඳයි.”
“දනංජය ද සිල්වා කියන්නේ ගොඩක් මැච් වල හොඳින් ක්‍රීඩා කරලා තියන ක්‍රීඩකයෙක්. ඔහුට පුලුවන් තරඟය අන්තිම වෙනකන් ඇදගෙන යන්න. භානුක රාජපක්ෂයි, චරිත් අසලංකයි ගත්තාම එයාලට වේගයෙන් පන්දුවට පහර දෙන්න පුලුවන්. ඉතින් අපේ කණ්ඩායමේ වේගයෙන් පන්දුවට පහර දෙන ක්‍රීඩකයින් ඉන්න නිසා තරඟය අන්තිම වෙනකන් ඇදගෙන යන්න පුලුවන් දනංජය ද සිල්වා ක්‍රීඩා කරන එක වැදගත්.” – චමරි අතපත්තු