රාජස්ථාන් පරදා මෙවර ශූරතාවය දිනාගැනීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමත්වෙයි.
(වීඩියෝ පහළින් නැරඹිය හැක) 2022 IPL තරඟාවලියේ අවසන් මහා තරඟය ලෙස අද (29) පැවතී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම හා ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අතර තරඟයෙන් කඩුලු 7ක විශිෂ්ට ජයක් වාර්ථා කිරීමට ප්‍රබල ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමත්වුණා.
තරඟයේ කාසියේ වාසිය දිනාගත් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ නායක සන්ජු සැම්සන් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඒ අනුව පලමුව පන්දුවට පහර දුන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 9ක් දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 130ක් පමණයි.
රාජස්ථාන් ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ ජෝස් බට්ලර් පන්දු 35කට මුහුණදෙමින් හතරේ පහර 5ක් හා සමඟින් ලකුණු 39ක් ලබාගැනීමට සමත්වුණා.
ඊට අමතරව ආරම්භක පිතිකරු Yashasvi Jaiswal පන්දු පන්දු 16කදී හතරේ පහරක් හා හයේ පහර 2ක් සමඟින් ලකුණු 22ක් ලබාගත් අතර Riyan Parag පන්දු 15කදී හතරේ පහරක් සමඟින් ලකුණු 15ක් ලබාගැනීමට සමත්වුණා. නායක සන්ජු සැම්සන් ලකුණු 14කට දැවීගිය අතර ප්‍රවේගකාරී පිතිකරු ශිම්රොන් හෙට්මයර් හට ලබාගැනීමට හැකිවූයේ ලකුණු 11ක් පමණයි.
පන්දු යැවීමේදී සුපිරි පන්දු යැවීමක නිරත වූ නායක හර්දික් පාන්ඩ්‍යා පන්දුවාර 4 අවසානයේදී ලකුණු 17කට කඩුලු 3ක් බිඳ දැමීමට සමත්වුණා. ඊට අමතරව Ravisrinivasan Sai Kishore ලකුණු 20කට කඩුලු 2ක් දවාගත් අතර රශීඩ් කාන් , Yash Dayal හා මොහොමඩ් ශාමි අතරේ එක් කඩුල්ල බැඟින් ද බෙදීගියා.
අනතුරුව ලකුණු 131ක පහසු ඉලක්කයක් හඹායෑමට පිටියට පිවිසී ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම පන්දුවාර 18.1ක් අවසානයේදී කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 133ක් ලබාගනිමින් තරඟය පහසුවෙන්ම ජයග්‍රහණයට කිරීමට සමත්විය.
ගුජරාට් ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ ආරම්භක පිතිකරු ශුබ්මන් ගිල් පන්දු 43කදී හතරේ පහර 3ක් හා එක් හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 45ක් ලබාගැනීමට සමත්විය.
ඊට අමතරව ඩේවිඩ් මිලර් වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 19කදී හතරේ පහර 3ක් හා එක් හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 32ක් ලබාගත් අතර, නායක හර්දික් පාන්ඩ්‍යා පන්දු 32කදී හතරේ පහර 3ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 34,ක් ලබාගැනීමට සමත්වුණා.
ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමේ බිඳ වැටුනු කඩුලු 3 දවාගැනීමට හැකිවූයේ යුස්වේන්ද්‍ර චහාල් , Prasidh Krishna හා ට්‍රෙන්ට් බෝල්ට් වේ. යුස්වේන්ද්‍ර චහාල් අද ලබාගත් කඩුල්ලත් සමඟින් මෙවර තරඟාවලියේ වැඩිම කඩුලු ලාභියා වීමට සමත්වූ අතර වනිඳු හසරංග හට දෙවෙනි ස්ථානය දක්වා පහළ බැසීමට සිදුවුණා. (වනිඳු කඩුලු 26යි / චහාල් කඩුලු 27)
ඒ අනුව රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම කඩුලු 7කින් පරාජය පත්කිරීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම පලමු වතාවට සහභාගී වූ අයි.පී.එල් තරඟාවලියේ ශූරතාවය දිනාගත් අතර තරඟයේ වීරයා සම්මානය දිනාගැනීමට සමත්වූයේ පන්දුවෙන් කඩුලු 3ක් හා පිත්තෙන් ලකුණු 34ක් ද ලබාගත් නායක හර්දික් පාන්ඩ්‍යා සමත්වේ..
හර්දික් පාන්ඩ්‍යා ලබාගත් කඩුලු (වීඩියෝව)