රිකී පොන්ටින්ගෙන්, ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් ධනාත්මක ප්‍රකාශයක්.
2021-2023 ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරඟ මේ දිනවල පවැත්වෙන අතර, ඒ වන විට තරඟාවලියේ ප්‍රසාද ලකුණු පුවරුවේ දකුණු අප්‍රිකා කණ්ඩායම අංක 1 ස්ථානයේත්, ඕස්ට්‍රේලියා කණ්ඩායම අංක 2 ස්ථානයේත් රැඳී සිටිනවා.
මේ අතර, ඕස්ට්‍රේලියා හිටපු සුපිරි ක්‍රීඩට් ක්‍රීඩක රිකී පොන්ටින්, ICC සම්මුඛ සාකච්ඡාවට සහභාගි වෙමින් මෙම තරඟාවලිය සම්බන්ධයෙන් අදහස් දක්වා තිබෙන අතර, එහිදී තරඟාවලියේ ඕස්ට්‍රේලියාව හැර අවසන් තරඟයට සහභාගි විය හැකි අනෙක් කණ්ඩායම කවුරුන් විය හැකිද යන්න අදහස් දක්වා තිබෙනවා.
රිකී පොන්ටින් පවසා ඇත්තේ , මේ වන විටත් දකුණු අප්‍රිකා කණ්ඩායම මේ වන විටත් තරඟාවලියේ ඉහළින්ම සිටින බැවින් ඔවුන්ට අවසන් තරඟය ක්‍රීඩා කිරීමට හැකි බවයි.
මේ වන විට දකුණු අප්‍රිකා කණ්ඩායම තරඟ 7ක් ක්‍රීඩා කරමින් තරඟ 5ක්ම ජයගැනීමට සමත්වී ඇති අතර තරඟ 2ක් පරාජයට පත්වී ප්‍රසාද ලකුණු සටහනේ ඉහළින්ම රැඳී සිටිනවා. ඔවුන් ලබාගෙන සිටින ජයග්‍රාහී ප්‍රතිශතය 71.43%ක්.
පොන්ටින් පවසා තිබෙන්නේ, දකුණු අප්‍රිකා කණ්ඩායමත්, ශ්‍රී ලංකා කණ්ඩායම මෙන්ම ඔවුන්ගේ මව්බිමේදී පරාජය කිරීමට අපහසු කණ්ඩායමක් බවයි.
මේ අතර, මෙහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සම්බන්ධයෙන් ද ඔහු අදහස් දක්වා ඇති අතර, එහිදී රිකී පොන්ටින් ප්‍රකාශ කර ඇත්තේ පසුගිය කාලයේදී යම් පසුබෑමක් තිබුනත් ඔවුන් දැන් ධනාත්මක ලක්ෂණ පෙන්නුම් කරන බවයි.
“පසුගිය වසර කිහිපය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ යම් විනාශයක් සිදුව තිබුණා. නමුත් ඔවුන් සිටින තැන සිට ඔවුන් ප්‍රබල ඔස්ට්‍රේලියානු කණ්ඩායම ටෙස්ට් තරගයකින් පරාජයට පත් කිරීමට මෑතකදී සමත් වුණා. ඔවුන්ට ඉදිරි ගමන සඳහා හොඳ, ධනාත්මක ලකුණු රැසක් ලැබිලා තියෙනවා.”
මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම මෙම ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ ටෙස්ට් තරඟ 10 ක්‍රීඩා කර ඇති අතර, එහිදී තරඟ 5ක් ජයගෙන, තරඟ 4ක් පරාජයට පත්වී එක් තරඟයක් ජය-පැරදුමෙන් තොරව නිමා වී තිබෙනවා.
කෙසෙ නමුත්, ශ්‍රී ලංකාව 53.33%ක ජයග්‍රාහී ප්‍රතිශතයක් රඳවාගනිමින් තරඟාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ අංක 3 වන ස්ථානයේ තවමත් රැඳී සිටිනවා.
ප්‍රසාද ලකුණු සහටනේ දෙවන ස්ථානයේ තරඟ 6ක් ජයග්‍රහණය කරමින් 70%ක ජයග්‍රාහී ප්‍රතිශතයක් රඳවාගනිමින් 4 වන ස්ථානයේ රැඳී සිටින්න අතර, ඉන්දියා කණ්ඩායම රැඳී සිටින්නේ අංක 4 ස්ථානයේ වේ. ඔවුන් තරඟ 6ක් ජයගනිමින් 52.08ක ජයග්‍රාහී ප්‍රතිශතයක් රඳවාගෙන තිබේ.
තරඟ 4ක් ජයගනිමින් (ජයග්‍රාහී ප්‍රතිශතය – 51.85) පකිස්තාන කණ්ඩායම අංක 5 ස්ථානයේත්, තරඟ 4ක් ජයගෙන (ජයග්‍රාහී ප්‍රතිශතය – 50%) බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අංක 6 ස්ථානයේත් රැඳීසිටින අතර, එංගලන්ත කණ්ඩායම රැඳී සිටින්නේ අංක 7 ස්ථානයේ වේ. (ජයග්‍රාහී ප්‍රතිශතය = 33.33%)
පසුගිය ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ අවසන් මහා තරඟයේදී ඉන්දියා කණ්ඩායම පරාජයට පත්කරමින් ශූරතාවය දිනාගත් නවසීලන්ත කණ්ඩායම මෙවර තරඟාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ මේ වන විට පසුවන්නේ අංක 8 ස්ථානයේ වේ.. ඔවුන් ක්‍රීඩා කර ඇති තරඟ 9න් ජයගැනීමට හැකිවී ඇත්තේ තරඟ 2ක් පමණයි.. තරඟ 6ක් පරාජයට පත්වී ඇත.
ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානය වන 9 වන ස්ථානයේ බංග්ලාදේශ කණ්ඩායම රැඳීසිටින්නේ ක්‍රීඩා කර ඇති තරඟ 10න් එක් තරඟයක් පමණක් ජයගනිමිනි.. ඔවුන් තරඟ 8ක්ම පරාජයට පත්වී ඇති අතර ජයග්‍රාහී ප්‍රතිශතය වනුයේ 13.33%කි.