රෝඩ් සේෆ්ටි ලෙජන්ඩ් තරඟාවලියේ හොඳම ක්‍රීඩකයින් 11කින් යුත් කණ්ඩායමක් නම් කරයි.

2020 වසරේ පැවතී Road Safety Legends තරඟාවලියේ ක්‍රීඩකයින්ගේ දක්ශතා උපයෝගී කරගනිමින්, එම තරඟාවලිය ක්‍රීඩා කළ ක්‍රීඩකයින්ගෙන් හොඳම 11කගෙන් යුත් කණ්ඩායමක් නම් කර තිබෙනවා.

 

මෙලෙස නම් කර ඇති හොඳම 11 දෙනාගෙන් යුත් කණ්ඩායමේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙකු ඇතුළත් වී ඇති අතර, ඊට අමතරව 12 වන ක්‍රීඩකයා ලෙස හිටපු සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක නුවන් කුලසේකරව නම් කර තිබෙනවා.

 

මෙම කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනාට අමතරව, ඉන්දීය ක්‍රීඩකයින් 5 දෙනෙක්, එංගලන්තය ක්‍රීඩකයින් දෙදෙනෙක්, බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෙක් හා දකුණු අප්‍රිකා ක්‍රීඩකයෙක් ද ඇතුළත් වෙනවා.

මෙම වසරේ පැවතී මෙම තරඟාවලියේ අවසන් මහා තරඟයේදී ශ්‍රී ලංකාව පරදා, කිරුළ දිනා ගැනීමට සමත් වූයේ ඉන්දියා ලෙජන්ඩ් කණ්ඩායම වන අතර, මෙම තරඟාවලියේ මීලඟ අදියර ලබන වසරේද පැවැත්වීමට නියමිත බව වාර්ථා වෙනවා.

ඒ අනුව Road Safety Legends Series FACEBOOK පේජ් එක මඟින් නම් කරන ලද හොඳම ක්‍රීඩකයින් 11කගෙන් යුත් කණ්ඩායම පහළින්.

1) Virender Sehwag (INDIA)

 

2) Sachin Tendulkar (INDIA)

 

3) T.M Dilshan (SRI LANKA)

 

4) Dwayne Smith (WEST INDIES)

 

5) Kevin Pietersen (ENGLAND)

 

6) Upul Tharanga (SRI LANKA)

 

7) Yuvraj Singh (INDIA)

 

8) Yusuf Pathan (INDIA) 

 

9) Makhaya Ntini (SOUTH AFRICA)

 

10) Munaf Patel (INDIA)

 

11) Monty Panesar (ENGLAND)

 

12) Nuwan Kulasekara ( 12th ) (SRI LANKA)

 

2022 ආරම්භ වන නවතම ලෙජන්ඩ් තරඟාවලියේ සම්පූර්ණ විස්තරය මෙතනින් බලන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *