රෝයල් චැලන්ජර්ස් බැංගලෝර් පරද, CSK කණ්ඩායමට ලකුණු 23ක ජයක්.
(වීඩියෝ පහළින් නැරඹිය හැක) ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ 22 වන තරඟය ලෙස අද (12) පැවතී රෝයල් චැලන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම හා චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම අතර තරඟයෙන් ලකුණු 23ක විශිෂ්ඨ ජයක් වාර්ථා කිරීමට චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම සමත්වුණා.
තරඟයේ කාසියේ වාසිය දිනාගත් රෝයල් චැලන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ නායක Faf du plessis පලමුව පන්දු යැවීමට තීරණය කළ අතර, ඒ අනුව පලමුව පන්දුවට පහර දුන් චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 216 ලබා ගැනීමට සමත්වුණා.
ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ශිවම් ඩුබේ වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 46 කදී හතරේ පහර 5ක් හා හයේ පහර 8ක් සමඟින් නොදැවී ලකුණු 95ක් ලබාගැනීමට සමත්විය.
ඊට අමතරව ආරම්භක පිතිකරු රොබින් උතප්පා පන්දු පන්දු 50කදී එක් හතරේ පහර 4 හා හයේ පහර 9ක් සමඟින් ලකුණු 88 ලබාගත් අතර Ruturaj Gaikwad පන්දු 16කදී ලකුණ 17ක් ලබාගැනීමට සමත්වුණා. නායක රවින්ද්‍ර ජඩේඩා ලකුණු නොලබා දැවීගිය අතර, මොයින් අලී ලකුණු 3කට දුවද්දී දැවීගියා.
චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායමේ කඩුලු 2ක් ලකුණු 36කට දැවීගිය මොහොතේ රොබින් උතප්පා සමඟින් එක්වූ ශිවම් ඩුබ් තුන්වන කඩුල්ල සඳහා පන්දු 74කදී ලකුණු 165ක් එක් කිරීමට සමත්විය.
පන්දු යැවීමේදී වනිඳු හසරංග පන්දුවාර 3ක් ක්‍රියාත්මක කරමින් ලකුණු 35කට කඩුලු 2ක් දවාගත් අතර, Josh Hazlewood ලකුණු 33කට එක් කඩුල්ලක් දවාගැනීමට සමත්වුණා. Akash Deep ගේ පන්දුවාර 4 තුළදී ලකුණු 58ක් ලබාගැනීමට චෙන්නායි සුපර් කින්ග්ස් පිතිකරුවන් සමත්විය.
ඉන් අනතුරුව ලකුණු 217 ඉලක්කයක් හඹායෑමට පිටියට පිවිසී රෝයල් චැලන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට නියමිත පන්දුවාර 20ක් අවසානයේදී කඩුලු 9ක් දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 193ක් පමණයි.
බැංගලෝර් ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ Shahbaz Ahmed පන්දු 27කදී හතරේ පහර 4ක් සමඟින් ලකුණු 41 ක් ලබාගැනීමට සමත්විය.
ඊට අමතරව හිටපු Suyash Prabhudessai පන්දු 18කදී හතරේ පහර 5ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 34 ක් ලබාගත් අතර අවසන් මොහොතේ වේගවත් ඉනිමක් ක්‍රීඩා කර දිනේශ් කාර්තික් පන්දු 14කදී හතරේ පහර 2ක් හා හයේ පහර 3ක් සමඟින් ලකුණු 34ක් ලබාගැනීමට සමත්විය. විරාට් කෝලි ලකුණු 1කට දැවීගිය අතර නායක Faf du plessis හට ලබාගැනීමට හැකිවූයේ ලකුණු 8ක් පමණයි.
පන්දු යැවීමේදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් මහීශ් තීක්ශණ පන්දුවාර 4 අවසානයේදී ලකුණු 33කට කඩුලු 4ක් දවාගත් අතර, නායක රවින්ද්‍ර ජඩේඩා ලකුණු 39කට කඩුලු 3ක් ද, Mukesh Choudhary හා Dwayne Bravo ද එක් කඩුල්ල බැඟින් දවාගනු ලැබුවා.
ඒ අනුව රෝයල් චැලන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට මෙවර තරඟාවලියේ දෙවන පරාජයත් උරුමකර දෙමින් චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම තරඟය ලකුණු 23කින් ජයග්‍රහණය කළ අතර තරඟයේ වීරයා සම්මානය දිනාගනු ලැබූයේ ලකුණු 95ක් ලබාගත් ශිවම් ඩුබ් වේ.
මහීශ් තීක්ශණ දවාගත් කඩුලු 4 වීඩියෝව,
අම්බටි රහිදු රැකගත් විශිෂ්ට උඩපන්දුව, (වීඩියෝව)