රෝයල් චැලන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ තුන්වන ස්ථානයට.
(වීඩියෝ පහළින් නැරඹිය හැක) ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ 27 වන තරඟය ලෙස පැවතී රෝයල් චැලන්ජර්ස් බැංගලෝර් හා දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අතර තරඟයෙන් ලකුණු 16 ජයක් වාර්ථා කිරීමට රෝයල් චැලන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත්වුණා.
තරඟයේ කාසියේ වාසිය දිනාගත් දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ නායක රිශාබ් පාන්ට් පලමුව පන්දුවට පහර දීමට රෝයල් චැලන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට ලබාදුන් අතර, ඒ අනුව බැංගලෝර් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 5ක් දැවී හැකිවූයේ ලකුණු 189 ලබාගැනීමට සමත්විය.
ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ දිනේශ් කාර්තික් වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 34කදී හතරේ පහර 5ක් හා හයේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 66 ක් ලබාගැනීමට සමත්විය.
ඊට අමතරව ග්ලෙන් මැක්ස්වෙල් පන්දු 34කදී හතරේ පහර 7ක් හා හයේ පහර 2ක් සමඟින් ලකුණු 55 ක් ලබාගත් අතර Shahbaz Ahmed පන්දු 21කදී හතරේ පහර 3ක් හා එක් හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 32ක් ද ලබාගැනීමට සමත්වුණා. විරාට් කෝලි හට මෙම තරඟයේදී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 12ක් පමණයි.
බැංගලෝර් කණ්ඩායමේ බිඳ වැටුනු කඩුලු 4, Shardul Thakur, Khaleel Ahmed, Axar Patel හා Kuldeep Yadav අතරේ බෙදීගියා.
අනතුරුව ලකුණු 199ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායෑමට පිටියට පිවිසී දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 7ක් දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 173ක් පමණයි..
දිල්ලි ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් පන්දු 38කදී හතරේ පහර 4ක් හා හයේ පහර 5ක් සමඟින් ලකුණු 66ක් ලබාගැනීමට සමත්විය.
ඊට අමතරව නයක රිශාබ් පාන්ට් වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 17කදී හතරේ පහර 3ක් හා හයේ පහර 2ක් සමඟින් ලකුණු 34ක් ලබාගත් අතර, Prithvi Shaw පන්දු 13කදී ලකුණු 16ක් හා Shardul Thakur පන්දු 9කදි ලකුණු 17ක් ද ලබාගැනීමට සමත්වුණා.
පන්දු යැවීමේදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ජොෂ් හේසල්වුඩ් පන්දුවාර 4 අවසානයේදී ලකුණු 28කට කඩුලු 3ක් දවාගැනීමට සමත්විය. ඊට අමතරව Mohammed Siraj ලකුණු 31කට කඩුලු දෙකක් හා වනිඳු හසරංග ලකුණු 40 කට එක් කඩුල්ලක් ද බිඳ දැමීමට සමත්විය.
ඒ අනුව දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට ලකුණු 16කින් පරාජය කළ රෝයල් චැලන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම ප්‍රසාද ලකුණු පුවරුවේ තුන්වන ස්ථානයට පැමිණීමට සමත්වූ අතර මෙම තරඟයේ වීරයා සම්මානය දිනාගනු ලැබූයේ වේගවත් අර්ධ ශතකයක් වාර්තා කළ දිනේශ් කාර්තික් වේ.
වනිඳු හසරංග ලබාගත් කඩුල්ල. (වීඩියෝව)
විරාට් කෝලි රැකගත් උඩපන්දුව (වීඩියෝව)