රෝයල් චැලන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයට.

(වීඩියෝ එක පහළින් නැරඹිය හැක) ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ 31 වන තරඟය ලෙස පැවතී රෝයල් චැලන්ජර්ස් බැංගලෝර් හා ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම අතර තරඟයෙන් ලකුණු 18ක ලබාගැනීමට රෝයල් චැලන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත්වුණා.

 

 

තරඟයේ කාසියේ වාසිය දිනාගත් ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමේ නායක ලෝකේෂ් රාහුල් පලමුව පන්දු යැවීමට තීරණය කළ අතර, ඒ අනුව පලමුව පන්දුවට පහර දුන් රෝයල් චැලන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 6ක් දැවී හැකිවූයේ ලකුණු 181 ලබාගැනීමට සමත්විය.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ෆෆ් ඩු ප්ලෙසිස් නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කරමින් විශිෂ්ට අර්ධ ශතකයක් රැස්කළ අතර ඔහු පන්දු 64කදී හතරේ පහර 11ක් හා හයේ පහර 2ක් සමඟින් ලකුණු 96ක් ලබාගැනීමට සමත්විය.

 

 

ඊට අමතරව Shahbaz Ahmed පන්දු 22කදී හතරේ එක් පහරක් හා සමඟින් ලකුණු 26 ක් ලබාගත් අතර Glenn Maxwell පන්දු 11කදී හතරේ පහර 3ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 23ක් ද ලබාගැනීමට සමත්වුණා. දුශ්මන්ත චමීරගේ පන්දුවක් හමුවේ විරාට් කෝලි තමන් මුහුණදුන් පලමු පන්දුවෙන්ම දැවීයාමට ලක්වුණා.

 

 

පන්දු යැවීමේදී ලක්නව් කණ්ඩායම වෙනුවෙන් Jason Holder පන්දුවාර 4 අවසානයේදී ලකුණු 25ක් පමණක් ලබාදෙමින් කඩුලු 2ක් බිඳ දැමූ අතර, දුශ්මන්ත චමීර ලකුණු 31කට කඩුලු 2ක් හා Krunal Pandya එක් කඩුල්ලක් බිඳ දැමීය.

අනතුරුව තරඟය ජයග්‍රහණය සඳහා ලකුණු 182ක ඉලක්කයක් හඹායෑමට පිටියට පිවිසී ‍ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 8ක් දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 163ක් පමණයි..

ලක්නව් සුපර් ජයන්ට්ස් ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ Krunal Pandya වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 28කදී හතරේ පහර 5ක් හා හයේ පහර 2ක් සමඟින් ලකුණු 42ක් ලබාගැනීමට සමත්විය.

 

 

ඊට අමතරව නයක ලෝකේෂ් රාහුල් පන්දු 24කදී හතරේ පහර 3ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 30ක් ලබාගත් අතර, Marcus Stoinis පන්දු 15කදී හතරේ පහර 2ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 24ක් හා Jason Holder පන්දු 9කදී ලකුණු 16ක් ද ලබාගැනීමට සමත්වුණා.

 

 

පන්දු යැවීමේදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ජොෂ් හේසල්වුඩ් පන්දුවාර 4 අවසානයේදී ලකුණු 25කට ලක්නව් කණ්ඩායමේ කඩුලු 4ක් දවාගැනීමට සමත්විය. ඊට අමතරව Harshal Patel ලකුණු 47ට කඩුලු දෙකක් හා Mohammed siraj , Glenn Maxwell අතරේ එක් කඩුල්ල බැඟින් ද බෙදීගියා.

 

 

ඒ අනුව තරඟාවලියේ 31වන තරඟය ලෙස පැවතී මෙම තරඟයෙන් ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම ලකුණු 18කින් පරාජය කරමින් රෝයල් චැලන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම ප්‍රසාද ලකුණු පුවරුවේ දෙවන ස්ථානයට පැමිණීමට සමත්වූ අතර මෙම තරඟයේ වීරයා සම්මානය දිනාගනු ලැබූයේ වේගවත් අර්ධ ශතකයක් වාර්තා කළ ෆෆ් ඩු ප්ලෙසිස් වේ.

දුශ්මන්ත චමීර ලබාගත් කඩුලු දෙක (වීඩියෝව) 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *