රෝයල් චැලන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම මෙවර තරඟාවලියේ අඩුම ලකුණු සංඛ්‍යාවට දැවීයයි.

(වීඩියෝ පහළින් නැරඹිය හැක) ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ 36 වන තරඟය ලෙස පැවතී සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම හා රෝයල් චැලන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අතර තරඟයෙන් කඩුලු 9ක විශිෂ්ඨ ජයක් ලබාගැනීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමත්වුණා.

 

 

තරඟයේ කාසියේ වාසිය දිනාගත් සන්රයිසස් හයිද්‍රාබාද් නායක කේන් විලියම්සන් පලමුව පන්දු යැවීමට තීරණය කළ අතර, ඒ අනුව පලමු පන්දුවට පහර දුන් රෝයල් චැලන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට පන්දුවාර 16.1ක් අවසානයේදී සියලුම දෙනා ලබාගැනීමට හැකිවූයේ ලකුණු 68ක් පමණයි. එය මෙතෙක් තරඟාවලියේ කණ්ඩායමක් දැවීගිය අඩුම ලකුණු සංඛ්‍යාව වේ.

රෝයල් චැලන්ජර්ස් බැංගලෝර් ඉනිමේ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස සටහන් වූයේ Suyash Prabhudessai ලබාගත් ලකුණු 15යි. ඔහු පන්දු 20කදි එක් හතරේ පහරක් සමඟින් ලකුණු 15ක් ලබා සිටියදී Jagadeesha Suchith ගේ පන්දුවක් හමුවේ දැවීයාමට ලක්වුණා.

 

 

ඊට අමතරව ග්ලේන් මැක්ස්වෙල් පන්දු 11කදී හතරේ පහර 2ක් සමඟින් ලකුණු 12 ක් ලබාගත් අතර අන් කිසිදු ක්‍රීඩකයෙකුට ලකුණු 10 සීමාවටවත් ලඟාවීමට නොහැකි විය. වනිඳු හසරංග ලකුණු 8කට දැවීගිය අතර විරාට් කෝලි පලමු පන්දුවෙන්ම ලකුණු නොලබා දැවී ගියේය.

 

 

පන්දු යැවීමේදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ T Natarajan පන්දුවාර 4 අවසානයේදී ලකුණු 10ට කඩුලු 3ක් බිඳ දැමීමට සමත්විය. ඊට අමතරව Marco Jansen ලකුණු 25කට කඩුලු 3ක් ද, Jagadeesha Suchith ලකුණු 12කට කඩුලු 2ක් හා Bhuvneshwar Kumar , Umran Malik එක් කඩුල්ල බැඟින් ද ලබාගැනීමට සමත්විය.

 

 

ඉන් අනතුරුව ලකුණු 69ක පහසු ඉලක්කයක් හඹායෑමට පිටියට පිවිසී ‍සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම පන්දුවාර 8 ක් අවසානයේදී එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 72ක් ලබාගනිමින් තරඟය පහසුවෙන්ම ජයග්‍රහණය කිරීමට සමත්විය.

හයිද්‍රාබාද් ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ ආරම්භක පිතිකරු අභිෂේක් ශර්මා පන්දු 28කට මුහුණදෙමින් හතරේ පහර 8ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 47 ක් ලබාගැනීමට සමත්විය.

 

 

ඊට අමතරව නායක කේන් විලියම්සන් පන්දු 17කදී හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 16ක් ලබාගැනීමට සමත්විය.

බැංගලෝර් ඉනිමේ දැවීගිය එකම කඩුල්ල ලබාගැනීමට හැකිවූයේ Harshal Patel වේ.  ඔහු පන්දුවාර 2ක් අවසානයේදී ලකුණු 18කට එක් කඩුල්ලක් දවාගැනීමට සමත්විය.

 

 

ඒ අනුව රෝයල් චැලන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම කඩුලු 9කින් පරාජයට පත්කරමින් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයට පත්වීමට සමත්වූ අතර තරඟයේ වීරයා සම්මානය දිනාගනු ලැබූයේ සුපිරි පන්දු යැවීමක නිරත වූ Marco Jansen වේ.

(වීඩියෝ) පහළින් 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *