රෝයල් චැලන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම මෙවර තරඟාවලියේ පස්වන පරාජය ලබයි.
(වීඩියෝ පහළින් නැරඹිය හැක) ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ 43 වන තරඟය ලෙස පැවතී ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම හා රෝයල් චැලන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අතර තරඟයෙන් කඩුලු 6ක විශිෂ්ඨ ජයක් ලබාගැනීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමත්වුණා.
තරඟයේ කාසියේ වාසිය දිනාගත් රෝයල් චැලන්ජර්ස් නායක ෆෆ් ඩු ප්ලෙසිස් පලමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර, ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 170ක් ලබාගැනීමට සමත්විය.
රෝයල් චැලන්ජර්ස් බැංගලෝර් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ විරාට් කෝලි කාලයකට පසු සාර්ථක ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 53කදී හතරේ පහර 6ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 58ක් ලබාගැනීමට සමත්විය. මෙම අර්ධ ශතකය 2022 IPL තරඟාවලියේ ඔහු ලබාගත් පළමු අර්ධ ශතකය හා IPL ඉතිහාසයේ 43 වන අර්ධ ශතකයයි.
ඊට අමතරව rajat Patidar පන්දු 32කදී හතරේ පහර 5ක් හා හයේ පහර 2ක් සමඟින් ලකුණු 52ක් ලබාගත් අතර ග්ලේන් මැක්ස්වෙල් පන්දු 18 කදී හතරේ පහර 3ක් හා හයේ පහර 2ක් සමඟින් වේගවත් ලකුණු 33ක් හා Mahipal Lomror පන්දු 8කදී ලකුණු 16ක් ද ලබාගැනීමට සමත්වුණා.
පන්දු යැවීමේදී Pradeep Sangwan පන්දුවාර 4 අවසානයේදී ලකුණු 19ට කඩුලු 2ක් බිඳ දැමීමට සමත්වූ අතර, Mohammed Shami, Alzarii Joseph , Rashid Khan හා Lockie Ferguson එක් කඩුල්ල බැඟින් දවාගැනීමට සමත්වුණා.
ඉන් අනතුරුව ලකුණු 171ක ඉලක්කයක් හඹායෑමට පිටියට පිවිසී ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම පන්දුවාර 19.3ක් අවසානයේදී කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 174ක් ලබාගනිමින් තරඟය පහසුවෙන්ම ජයග්‍රහණය කිරීමට සමත්විය.
ගුජරාට් ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ රාහුල් තේවටියා පන්දු 25කට මුහුණදෙමින් හතරේ පහර 5ක් හා හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 43ක් ලබාගැනීමට සමත්වුණා.
ඊට අමතරව ඩේවිඩ් මිලර් පන්දු 24කදී හතරේ පහර 4ක් හා එක් හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 39ක් ලබාගත් අතර Shubman Gill පන්දු 28කදී ලකුණු 31ක් හා Wriddhiman Sahan පන්දු 22කදී හතරේ පහර 4ක් සමඟින් ලකුණු 29ක් ලබාගැනීමට සමත්විය.
ගුජරාට් ටයිටන්ස් ඉනිමේ බිඳ වැටුනු කඩුලු 4 වනිඳු හසරංග හා Shahbaz Ahmed විසින් දවාගත් අතර වනිඳු හසරංග පන්දුවාර 4 අවසානයේදී ලකුණු 28කට කඩුලු 2ක් හා Ahamed ලකුණු 26කට කඩුලු 2ක් බිඳ දැමීය.
ඒ අනුව රෝයල් චැලන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට තරඟාවලියේ 5 වන පරාජය උරුමකර දෙමින් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම තරඟය කඩුලු 6කින් ජයගත් අතර තරඟයේ වීරයා සම්මානය දිනාගනු ලැබූයේ වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ රාහුල් තේවටියා වේ.
වනිඳු හසරංග ලබාගත් කඩුලු 2 (වීඩියෝව)
— cric fun (@cric12222) April 30, 2022
— cric fun (@cric12222) April 30, 2022