ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේදී තරුණ ක්‍රීඩකයෙකු හට තරඟ පාවාදීමකට යෝජනාවක්.
නිමාවූ ලංකා ප්‍රිමියර් ලීග් තඟාවලියේදී මෙරට තරුණ ක්‍රීඩකයෙකු හට තරඟ පාවාදීම සඳහා , මෙරට මැණික් ව්‍යාපාරිකයෙකුගේ පුතෙකු හා ඔහුගේ මිත්‍රයෙකු විසින් යෝජනාවක් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රීඩා වැරදි විමර්ශනය කිරීමේ ඒකකයේ අධ්‍යක්ෂක ජගත් ෆොන්සේකා ප්‍රකාශ කරනවා.
ඔහු මෙම ප්‍රකාශය සිදුකර ඇත්තේ ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශනය වන “Yoker”නම් වැඩහටහනකට එක් වෙමින්.
“ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ මැණික් වියාපාරිකයෙකුගේ පුත්‍රයකු හා ඔහුගේ මිතුරෙකු සමඟ, ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින ප්‍රබල තරුණ ක්‍රීඩකයෙක්ට තරඟ පාවාදීමක් සඳහා යෝජනා කරලා තියනවා. ඔහුට යෝජනා කර ඇත්තේ ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේදී හිට් විකට් ආකාරයෙන් දැවී යන ලෙසටයි.”
“ඒ අවස්ථාවේදීම එම ක්‍රීඩකයා ඇවිත් අපිව දැනුවත් කර සිටියා. ඔහු ඇත්ත වශයෙන්ම හොඳ ආදර්ශමත් ක්‍රීඩකයෙක්. අපි ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භක කරලා සම්පූර්ණයෙන්ම ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඒක නීතිපති වෙත යොමු කරලා තියනවා.”
මේ අතර, 2011 අවසන් මහා තරඟයේදී තරඟ පාවදීමක් සිදුවූ බවට හිටපු ක්‍රීඩා අමාත්‍යවරයෙක් වන මහින්දානන්ද අලුත්ගමගේ චෝදනාවක් කළ අතර, ඉන් පසුව 2011 ලෝක කුසලානයේදී නායකත්වය දැරූ කුමාර් සංගක්කාර ඇතුළු ක්‍රීඩකයින් කිහිපදෙනෙකු විමර්ශනය ඒකකට කැඳවා ප්‍රශ්න කිරීමෙන් අනතුරුව එසේ තරඟපාවාදීමක් සිදුවී නොමැති බවට ප්‍රකාශයට පත් කරනු ලැබූවා.
නමුත් , ඉන් පසුවද මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා පවසා සිටියේ, විමර්ශනය සඳහා එක්කරගෙන තිබුණේ තරඟපාවාදීමට සම්බන්ධ පුද්ගලයන් නොවන ලෙසයි. එම ප්‍රකාශය සම්බන්ධයෙන් ජගත් ෆොන්සේකා දැක්වූයේ මෙවන් අදහසක්,
එදා අපි විමර්ශනට කැඳව්වේ තරඟ පාවාදීමක් සිදුවූවානම් පාවා දීනට සෘජුව සම්බන්ධ විය හැකි පුද්ගලයින්ව. ඒකේ ප්‍රධානතම කරුණක් විදිහට තිබුණේ ක්‍රීඩකයින් හතර දෙනෙක් ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුදැනුමකින් තොරව තරඟයෙන් ඉවත් කරා කියලා. නමුත් එම ක්‍රීඩකයින් හතර දෙනා ඉවත් කරන ලෙස අමාත්‍යවරයාගේ අනුමැතිය දීලා තිබුණ ලිපිය ඔවුන් ලඟ තිබුණා. ඒක අපි නීතිපතිවරයා වෙත යොමු කරා.
චේතනාන්විතව කවුරු හරි වැරදි තොරතුරක් ලබාදුන්හොත් ඔහුට දඩුවමක් විදිහට වසර තුනක බන්ඩනාගාර කිරීමක් හෝ රු. ලක්ෂයක දඩයකට යටත් කරන්න පුලුවන්. අපි විමර්ශනය අවසන් කරලා සම්පූර්ණ ගොනුව නීතිපතිවරයා වෙතට යොමු කරා. නීතිපතිවරයා තමයි මොකක්ද කරන්නේ කියලා තීරණය කරන්නේ. නමුත් නීතිපතිවරයා ඒ සම්බන්ධයෙන් කිසිම දෙයක් ඉදිරිපත් කරලා නැහැ.