ලංකා ප්‍රිමියර් ලීග් එකේ ක්‍රීඩා කරන්න අවස්ථාවක් ලබා දෙන්න. එතකොට මට ආයේ ශ්‍රී ලංකා කණ්ඩායමට එකතුවෙන්න පුලුවන්.
ශ්‍රී ලංකා – එංගලන්තය විස්සයි විස්ස තරඟාවලිය මේ වන විටත් ශ්‍රී ලංකාව පරාජයට පත් වී ඇති අතර අද දින (25) රසල් ආනෝල්ඩ්ගේ යූටියුබ් නාලිකාව සමඟින් එක්වී තිලකරත්න ඩිල්ශාන් විසින් ශ්‍රී ලංකා කණ්ඩායමේ බෝලින් හොඳ වුවත් පිතිකරුවන් තමන්ගේ කාර්යය ඉටු නොකරන බව ප්‍රකාශ කර සිටියා.
එහිදී ඩිල්ශාන් විසින් ප්‍රකාශ කර සිටියේ අපගේ කණ්ඩායමේ තව පිතිකරුවෙක් සමඟික් ක්‍රීඩා කළ යුතු බවයි. එය තවදුරටත් පැහැදිලි කරමින් ඩිල්ශාන් විසින් ප්‍රකාශ කර සිටියේ ඔවුන් ක්‍රීඩා කරන කාලයේ සංගක්කාර, මහේල, මැතිව්ස් හොඳින් පන්දුවට පහර දුන්නත් ඔවුන් පිතිකරුවන් 6ක් සමඟින් ක්‍රීඩා කළ බවයි.
මෙහිදී ඩිල්ශාන් විසින් තුන්වන විස්සයි විස්ස තරඟය ක්‍රීඩා කිරීමට සුදුසු කණ්ඩායමක් නම් කර අතර කුසල් ජනිත් පෙරේරා නම්බර් 03 ක්‍රීඩා නොකර ආරම්භක පිතිකරුවෙක් ලෙස ක්‍රීඩා කළ යුතු බව ප්‍රකාශ කර සිටියා.
“කුසල් ජනිත් කියන්නේ තරඟයක් වෙනස් කරන්න පුලුවන් කෙනෙක්. එයා අනිවාර්යයෙන්ම පලවෙනි ඕවර් 6 තුල බැට් කරන්න ඕනේ. ඒ නිසා මම හිතන විදිහට කුසල් ජනිත් ඕපන් කරන්න ඕනේ. කුසල් ඕපනින් කරොත් එයා එක්ක සෙල්ලම් කරන අනිත් ක්‍රීඩකයා කවුද කියලා බලන්න ඕනේ. මට හිතෙන්නේ කුසල් එක්ක අවිශ්ක ඕපන් කරොත් හොඳයි කියලා.”
ඩිල්ශාන් නම් කළ නවතන කණ්ඩායම.
කුසල් පෙරේරා
අවිශ්ක ප්‍රනාන්දු
දනුශ්ක ගුණතිලක
කුසල් මෙන්ඩිස්
නම්බර් 05 බැට් කිරීමට – පැතුම් නිස්සංක, ඕෂධ ප්‍රනාන්දු, දනන්ජය ද සිල්වාගෙන් හොඳ ෆෝම් එකේ ඉන්න කෙනෙක්.
නම්බර් 06 නිරෝශන් දික්වැල්ල.
අපි දන්නවා දික්වැල්ලට ලොකුවට හයේ පහරවල් ගහන්න අමාරුයි. නමුත් ඔහුට ස්වීප් පහරවල් තියනවා, රිවර්ස්වීප් තියනවා ගොඩාක් පහරවල් ගහන්න පුලුවන්.
නම්බර් 07 දසුන් ශානක,
නම්බර් 08 වනිඳු හසරංග,
ඉතුරු තුන් දෙනා වේගපන්දු යවන්නන් තුන්දෙනෙක්.
මේ ආකාරයෙන් ක්‍රීඩා කළහොත් අනිවාර්යයෙන්ම ලකුණු 140ක් 150ක් ගහන්න පුලුවන් යැයි ඩිල්ශාන් ප්‍රකාශ කර සිටියා.
“තරඟාවලියක මුල් තරඟ පැරදිලා තරඟාවලියත් පැරදුනාට පස්සේ ඊලඟ තරඟයේ හොඳින්ම බැට් කරනවා. ඒකට හේතුව වෙන්නේ අනිත් කණ්ඩායම තරඟාවලිය ජයග්‍රහණය කිරීම නිසා ඔහුන්ගේ කණ්ඩායමේ වෙනස්කම් සිදුකරලා අනෙක් ක්‍රීඩකයින්ට අවස්ථාව ලබා දෙන නිසා.

අන්තිම මැච් එක අනිවාර්යයෙන්ම හොඳ දෙයක් කරන්න ඕනේ. මුල් 5 දෙනාගෙන් එක්කෙනෙක් ලකුණු 50ක් ගහන්න ඕනේ. එහෙම ගහන එක්කෙනෙක් ඕවර් 15ක්වත් බැට් කරන්න ඕනේ. එයාගේ වටේ අනිත් අය ගැහුවට පස්සේ අපිට ලකුණු 150+ ගහන්න පුලුවන්.”
“ඊයේ මම දැක්කා කුසල් ජනිත් විකට් කීපින් කරේ නැති වුනාම ඔහු පන්දු රකින්නන් , පන්දු යවන්නන් හසුරවපු විදිහ ගොඩක් හොඳයි. නායකයෙක් විදිහට ඔහු තවමත් ක්‍රීඩා කරලා තියෙන්නේ විස්සයි විස්ස දෙකයි. මම හිතනවා විකට් කීපින් දික්වැල්ලට බාර දීලා රිලෑක්ස් එකේ සිටියොත් හොඳින් ඒ දෙය කරන්න පුලුවන් වෙයි කියලා.”

අවසානයේදී ක්‍රිකට් ෆෑන් කෙනෙක් ඩිල්ශාන් හට ශ්‍රී ලංකා කණ්ඩායම සමඟින් එක්වන ලෙස සජීවී වැඩසටහනේදී කෙටි පණිවිඩයකින් ප්‍රකාශ කළ විට ඩිල්ශාන් විසින් සජීවී වැඩසටහන සමඟින් එක්ව සිටි මැනේජර්වරයා හට ප්‍රකාශ කර සිටියේ ඉදිරියේ පැවැත්වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ තමාට කන්ට්‍රැක් එකක් ලබා දීමට කටයුතු කරන ලෙසයි.
“ලංකා ප්‍රිමියර් එකේ මට කන්ට්‍රැක් එකක් ලෑස්ති කරලා දෙන්න මම ඇවිල්ලා ගහන්නම්. එතකොට මට ආයෙමත් කම්බැක් එකක් දෙන්න පුලුවන්.” T.M Dilshan