ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය තමන් ක්‍රීඩා කරනවාද යන්න රෝහිත රාජපක්ෂ අදහස් දක්වයි.

ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ දෙවන අදියර දෙසැම්බර් මස 5 වන දින ආරම්භ වීමට නියමිත වන අතර, තරඟාවලියේ ක්‍රීඩා කරන දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම පුහුණුවීම් ආරම්භ කර තිබුණා.

 

 

මේ වන විට ජාත්‍යන්තර තරඟ තහනමකට ලක්වි සිටින නිරෝශන් දික්වැල්ල ද මෙම පුහුණු තරඟය සඳහා සහභාගි වී තිබුණා.

ඊට අමතරව දඹුල්ල ජයන්ට්ස් ෆේස්බුක් පිටුව ඔස්සේ පළ කළ තිබූ ඡායාරූප වල වර්ථමාන අගමැති මහින්ද රාජපක්ෂගේ පුත් රෝහිත රාජපක්ෂ ද පුහුණුවීම් සඳහා සහභාගි වී ඇති අයුරු දක්නට ලැබුණා.

 

 

අනතුරුව, ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයින් ඔහු ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය ක්‍රීඩා කිරීම සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කර තිබූ අතර, ශ්‍රී ලංකා ප්‍රධාන මාධ්‍ය හරහා ද රෝහිත රාජපක්ෂ (චිචී) ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය ක්‍රීඩා කිරීමට නියමිත බව සඳහන් කර තිබුණා.

 

 

කෙසේ නමුත්, මේ සම්බන්ධයෙන් රෝහිත රාජපක්ෂ “තමාට ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය ක්‍රීඩා කිරීමට කිසිඳු අවශ්‍යතාවයක් නැති” බව තම ට්විටර් ගිණුමේ සඳහන් කර තිබෙනවා. (එම ට්විටර් පණිවිඩය පහළින්)

 

 

ඊට අමතරව රෝහිත රාජපක්ෂ ක්‍රිකට් පරිපාලනයට පැමිණීමට සූදානම් බව ද, ප්‍රධාන මාධ්‍ය මඟින් ප්‍රචාරණය කර තිබූ අතර, එය සම්පූර්ණ අසත්‍ය බවත්, මෙම කරුණ පිළිබදව තමන් ගෙන් නොවිමසා තොරතුරු වාර්තා කරන ඇතැම් මාධ්‍ය ගැන කණගාටු වන බවද රෝහිත රාජපක්ෂ පවසනවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *