ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ විකාශන අයිතිය දේශීය නාළිකාවක් විසින් ලබාගනී.

දෙවන වරටත් පැවැත්වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය දෙසැම්බර් මස 05 වෙනිදා සිට දෙසැම්බර් 23 දක්වා පැවැත්වෙන අතර තරඟාලිය කණ්ඩායම් 5කින් හා තරඟ 24කින් සමන්විතයි.

 

 

මෙම තරඟාවලියේ විකාශන අයිතිය දේශීය රූපවාහිනී නාලිකාවක් විසින් ලබාගෙන ඇති අතර එම නාළිකාව වනුයේ “Supreme TV” නම් නාළිකාවයි.

ඒ අනුව ශ්‍රී ලංකාවේ ඔබට, Supreme TV ඔස්සේ සම්පූර්ණ තරඟාවලියම සජීවීව නැරඹීමට හැකියාව ඇති අතර ශ්‍රී ලංකාවේ වේලාවෙන් සවස 3.00 සහ රාත්‍රී 7.30 යන වේලාවන් වලට තරඟය ආරම්භ වේ.

 

 

ඊට අමතර මෙවර ලංකා ප්‍රීමියර් ලීගයේ ඉන්දියානු කලාපීය විකාශන අයිතිය මෙවරත් Sony Pictures Network India (SPNI) වෙතින් ලබාගෙන තිබෙනවා. ඒ අනුව ඩයලොග් ටීවී හා පියෝ ටීවී පාරිභෝගිකයින් හට මෙවර තරඟාවලිය SONY SIX / (SONY SIX HD) , SONY TEN 02 / (SONY TEN 02 HD) ඔස්සේ තරඟාවලිය නැරඹීමට හැක.

 

 

තවද, මෙවර තරඟාවලිය සඳහා Daraz ආයතන මඟින් අනුග්‍රහය දක්වන අතර, තරඟාවලිය ඔවුන්ගේ Daraz Shopping App එකෙහි ඇති ” Daraz Live ” විශේෂාංග ඔස්සේ නොමිලේ සජීවීය නැරඹීමට අවස්ථාව ලැබී තිබෙනවා.

 

 

More News >>>

මෙම තරඟාවෛයේ කලම්බෝ ස්ටාර්ස් කණ්ඩායම සඳහා නම් තෝරාගෙන ඇති ක්‍රීඩකයින් 22 මෙතනින් බලන්න (Click)

ශ්‍රී ලංකා වේගපන්දු පුහුණුකරු චමින්ද වාස්ගේ සේවා කාළය අවසන්. කාලය දීර්ඝ නොකිරීමට තීරණය කර ඇත. (Click)

දනන්ජය ද සිල්වා විසින්, කුසල් මෙන්ඩිස්ව පසුකර යයි. (වැඩිවිස්තර Click)

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *