ලංකා ප්‍රිමියර් ලීග් දෙවන අදියරට දින නියම වෙයි.
ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ දෙවන අදියර මෙම වසරේ ජූලි 30 සිට අගෝස්තු 22 දක්වා පැවැත්වීමට හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරණ කමිටුවේ සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පැවසීය.
ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ පලමු අදියර ගිය වසරේ සාර්ථකව අවසන් වූයේ ජැෆ්නා ස්ටැලියන් කණ්ඩායම ශූරතාවය දිනාගනිමින් ය. තරඟාවලියට කණ්ඩායම් 5ක් සහභාගී විය. ජැෆ්නා ස්ටැලියන්, ගෝල් ග්ලැඩියේටස්, කැන්ඩි ටස්කර්ස්, දඹුල්ල වයිකින් එම කණ්ඩායමේ 5යි.
පළමු සංස්කරණය සාර්ථක ජෛව බුබුලු පරිසරයක් යටතේ පැවැත්වූ අතර, මෙම වසරේදිත් වෙනස්කම් කිහිපයක් සමඟින් සාර්ථකව පැවැත්වීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.