ලක්නව් කණ්ඩායම තරඟාවලියෙන් ඉවතට. බැංගලෝර් කණ්ඩායම Qualifier 2 තරඟයට.

(වීඩියෝ පහළින් නැරඹිය හැක) මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ Eliminator  තරඟය ලෙස පැවතී රෝයල් චැලන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම  හා ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම අතර තරඟයෙන් අනතුරුව ළකුණු 14ක ජයක් ලබාගැනීමට රෝයල් චැලන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත්වුණා.

 

 

තරඟයේ කාසියේ වාසිය දිනාගත් ලක්නව් නායක කේ එල් රාහුල් පලමුව පන්දු යැවීමට තීරණය කළ අතර, ඒ අනුව පලමු පන්දුවට පහර දුන් රෝයල් චැලන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම නියමිත පන්දුවාර 20 කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 207ක් ලබාගැනීමට සමත්විය.

බැංගලෝර් ඉනිම වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් වැඩිම ලකුණු ලාභියා වූ රාජට් පටිඩාර් ශතකයක් ලබාගත් අතර ඔහු පන්දු 54කදී හතරේ පහර  12ක් හා දැවැන්ත හයේ පහර 7ක් සමඟින් නොදැවී ලකුණු 112ක් ලබාගැනීමට සමත්වුණා. මෙය ඔහුගේ T20 ක්‍රිකට් ඉතිහාසයේ පලමු ශතකයයි.

 

 

ඊට අමතරව දිනේශ් කාර්තික් වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 23 කදී හතරේ පහර 5ක් හා එක් හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 37ක් ලබාගත් අතර, ආරම්භක පිතිකරු විරාට් කෝලි පන්දු 24කදී හතරේ පහර 2ක් සමඟින් ලකුණු 25ක් ලබාගැනීමට සමත්විය. නායක ෆෆ් ඩු ප්ලෙසිස් ලකුණු නොලබා දැවී යාමට ලක්වුණා.

 

 

පන්දු යැවීමේදී මොහ්සින් ඛාන් පන්දුවාර 4 අවසානයේදී ලකුණු 25ක් පමණක් ලබාදී එක් කඩුල්ලක් බිඳ දැමීමට සමත්විය.. ඊට අමතරව කෘනාල් පාන්ඩ්‍යා ලකුණු 39කට එක් කඩුල්ලක්, අවෙශ් ඛාන් ලකුණු 44කට එක් කඩුල්ලක් හා රවි බිශෝනි ලකුණු 45කට එක් කඩුල්ලක් ද දවාගනු ලැබුවා. දුශ්මන්ත චමීර හට කඩුලු ලබාගැනීමට නොහැකි වූ අතර ඔහුගේ පන්දුවාර 4 තුළදී ලකුණු 54 ක් ලබාගැනීමට බැංගලෝර් පිතිකරුවන් සමත්විය.

අනතුරුව ලකුණු 208ක දැවැන්ත ඉලක්කයක් හඹායෑමට පිටියට පිවිසී ‍ලක්නව් සුපර් ජයන්ට්ස්  කණ්ඩායමට නියමිත පන්දුවාර 20 ක් අවසානයේදී කඩුලු 6ක් දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 193ක් පමණයි.

ලක්නව් ඉනිම වෙනුවෙන් නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කරමින් වැඩිම ලකුණු ලාභියා වූ කේ.එල් රාහුල් පන්දු 58කට මුහුණදෙමින් හතරේ පහර 3ක් හා හයේ පහර 4ක් සමඟින් ලකුණු 79ක් ලබාගැනීමට සමත්වුණා.

 

 

ඊට අමතරව දීපක් හූඩා පන්දු 26දී හතරේ පහරක් හා හයේ පහර 4ක් සමඟින් වේගවත් ලකුණු 45ක් ලබාගැනීමට සමත්වූ අතර, Manan Vohra පන්දු 11කදී හතරේ පහරක් හා හයේ පහර 2ක් සමඟින් ලකුණු 19ක් ද ලබාගැනීමට සමත්විය. ක්වින්ටන් ඩි කොක් හට මෙවර ලබාගැනීමට හැකිවූයේ ලකුණු 6ක් පමණයි.

 

 

පන්දු යැවීමේදී ජොස් හේසල්වුඩ් පන්දුවාර 4 අවසානයේදී කේ.එල් රාහුල්ගේ කඩුල්ලත් සමඟින් ලකුණු 43කට කඩුලු 3ක් දවාගැනීමට සමත්වුණා. ඊට අමතරව හර්ශාල් පටෙල් ලකුණු 25කට එක් කඩුල්ලක් හා මොහොමඩ් සිරාජ්, වනිඳු හසරංග අතරේද එක් කඩුල්ල බැඟින් බෙදීගියා. (වනිඳු හසරංග 1/42)

 

 

ඒ අනුව ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම පරාජයට පත්කරමින් රෝයල් චැලන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම Qualifier 2 තරඟය සඳහා සුදුසුකම් ලබාගත් අතර  මෙම තරඟාවලියේ ශූරතාවය දිනාගැනීමට විශිෂ්ට ශතකයක් ලබාගත් රාජට් පටිඩාර් සමත්වුණා.

 

පටිඩාර්ගේ විශිෂ්ට ශතකය , (වීඩියෝව)

 

 

වනිඳු හසරංග ලබාගත් කඩුල්ල (වීඩියෝව)

 

 

වනිඳු හසරංගගේ විශිෂ්ට පන්දු රැකීමක්.(වීඩියෝව)

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *