ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම මෙවර තරඟාවලියේ පලමු ජය වාර්තා කරයි.
(වීඩියෝ එක පහළින් නැරඹිය හැක) මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ 7 වන තරඟය ලෙස පැවතී ලක්නව් සුපර් ජයන්ට්ස් හා චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම අතර තරඟයෙන් කඩුලු 6ක විශිෂ්ඨ ජයක් වාර්ථා කිරීමට ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම සමත්වුණා.
තරඟයේ කාසියේ වාසිය දිනාගත් ලක්නව් කණ්ඩායමේ නායක KL Rahup පලමුව පන්දු යැවීමට තීරණය කළ අතර, ඒ අනුව පලමුව පන්දුවට පහර චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 7ක් දැවී ලබා ගැබනීමට හැකිවූයේ ලකුණු 210ක් ලබාගැනීමට සමත්විය.
ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ආරම්භක පිතිකරු රොබින් උතප්පා පන්දු 27කදී හතරේ පහර 8ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 50ක් ලබාගැනීමට සමත්විය.
ඊට අමතරව Shivam Dube පන්දු 22කදී හතරේ පහර 5ක් හා හයේ පහර 2ක් සමඟින් ලකුණු 49ක් ලබාගත් අතර මොයින් අලී පන්දු 22කදී හතරේ පහර 4ක් හා හයේ පහර 2ක් සමඟින් ලකුණු 35ක් හා ඉනිම අවසානයේදී Ms Dhoni පන්දු 6කදී නොදැවී ලකුණු 16ක්ද ලබාගැනීමට සමත්විය.
පන්දු යැවීමේදී ලක්නව් ක්‍රීඩක Ravi Bishnoi පන්දුවාර 4 අවසානයේදී ලකුණු 24කට කඩුලු 2ක් දවාගැනීමට සමත්වූ අතර, Avesh Khan ලකුණු 38කට හා Andrew Tye ලකුණු 40කට කඩුලු 2ක බැඟින් ද ලබාගැනීමට සමත්විය. මෙම තරඟයේදී දුශ්මන්ත චමීර හට කඩුලු ලබාගැනීමට අවස්ථාව නොලැබිණි.
අනතුරුව ලකුණු 211ක දැවැන්ත ඉලක්කයක් හඹායෑමට පිටියට පිවිසී ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම පන්දුවාර 19.3ක් අවසානයේදී කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 211ක් ලබාගනිමින් තරඟය ජයග්‍රහණය කිරීමට සමත්විය.
එහිදී, කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වූ ආරම්භක පිතිකරු Quinton De Kock පන්දු 45කදී හතරේ පහර 9ක් සමඟින් ලකුණු 61ක් ලබාගැනීමට සමත්විය.
ඊට අමතරව නායක KL Rahul පන්දු 26කදී හතරේ පහර 2ක් හා හයේ පහර 3ක් සමඟින් ලකුණු 40ක් ලබාගත් අතර අවසානයේදී වේගවත්ව ලකුණු ලබාගනිමින් තරඟය ජයග්‍රහණය කරාගෙන ගිය එවින් ලුවිස් පන්දු 23කදී හතරේ පහර 6ක් හා හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 55ක් හා Ayush Badoni පන්දු 9කදී හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 19ක් ද ලබාගැනීමට සමත්විය.
පන්දු යැවීමේදී Dwaine Pretorius ලකුණු 31කට කඩුලු 2ක් ලබාගත් අතර Tushar Deshpande හා Dwayne Bravo අතරේ එක් කඩුල්ල බැඟින් බෙදීගියහ.
DJ Bravo විසින් අද දින ලබාගත් කඩුල්ලත් සමඟින් ඔහු IPL තරඟවලදී කඩුලු 171කට හිමිකම් කියමින් IPL ඉතිහාසයේ වැඩිම කඩුලු ලාභියා බවට පත්වීමට හැකිවිය. ඒ සඳහා ඔහු තරඟ 153ක් ක්‍රීඩා කර ඇති අතර බ්‍රාවෝට පෙර වැඩිම කඩුලු ලාභියා වූයේ තරඟ 122කදී කඩුලු 170ක් හිමි ලසිත් මාලිංග වේ.
ඒ අනුව චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායමට මෙවර තරඟාවලියේ දෙවන පරාජයත් හිමිකර දෙමින් ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම තරඟාවලියේ පලමු ජය වාර්තා කළ අතර තරඟයේ වීරයා සම්මානය දිනාගනු ලැබූයේ වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ එවින් ලුවිස් වේ.